ස්පාඤ්ඤයේ ත්‍රාසජනක මළල ක්‍රීඩිකාවක් දින 500ක කාලයක් කිසිඳු මිනිස් සබඳතාවයකින් තොරව ගුහාවක ජිවත් වීමෙන් පසු නැවත මතුවී තිබේ. එය ඇතැම් විට ලෝක වාර්තාවක් වනු ඇති බව පැවසෙයි.


ග්‍රෑන්ඩා හි පිහිටි ගුහාවට බියට්‍රිස් ෆ්ලැමිනි ඇතුල් වන විට රුසියාව, යුක්රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කර නොතිබූ අතර ලෝකය ද කොවිඩ් වසංගත ග්‍රහණයේ පසුවිණි.

මෙය විද්‍යාඥයින් විසින් සමීපව නිරීක්ෂණය කරන ලද සිදුවීමක කොටසක් විය.

"මම තවම 2021 නොවැම්බර් 21 වෙනිදා හිරවෙලා ඉන්නේ. ඉන් එහාට මම ලෝකේ මොකවත් දන්නේ නෑ " ගුහාවෙන් පිටතට පැමිණි ඇය පැවසුවා ය.


නරඹන්න : බ්‍රියට්‍රිස් ෆ්ලැමිනි, දින 500ක් ගුහාවක ජීවත්ව සිටිමෙන් පසු මතුවූ මළල ක්‍රීඩිකාව



50 හැවිරිදි ඇය වයස අවුරුදු 48 දී ගුහාවට ඇතුල්විය. ඇය මීටර් 70 (අඩි 230) ගැඹුරු ගුහාවේ ව්‍යායාම කරමින්, චිත්‍ර අඳිමින් සහ ලොම් තොප්පි ගෙත්තම් කරමින් කාලය ගත කළාය. ඇයගේ සහායක කණ්ඩායමට අනුව ඇය පොත් 60 ක් සහ ජලය ලීටර් 1,000 ක් ලබා ගෙන තිබේ.

මනෝවිද්‍යාඥයින්, පර්යේෂකයන්, ගුහා අධ්‍යයනයේ විශේෂඥයින් ඇතුළු විශේෂඥයින් පිරිසක් විසින් ඇයව නිරීක්ෂණය කරන ලද නමුත් ඔවුන් කිසිවෙක් ඇය හා සම්බන්ධතා පැවැත්වුයේ නැත.

ස්පාඤ්ඤ TVE රූපවාහිනී නාලිකාවේ දර්ශනවල දැක්වෙන්නේ ඇය ගුහාවෙන් පිටතට පැමිණීමෙන් පසු තම කණ්ඩායම බදාගෙන සිනාසෙනා ආකාරයයි.

මද වේලාවකට පසුව ඇය අදහස් දක්වමින් කියා සිටියේ එය "විශිෂ්ට, පරාජය කළ නොහැකි" අත්දැකීමක් බවයි.

"මං වසර එකහාමාරක් නිහඬව සිටියා, මා හැර වෙනත් කිසිම කෙනෙක් එක්ක කතා නොකර" ඇය පවසා සිටියි. නමුත් මාධ්‍යවේදීන් ඇයගෙන් තවත් තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලා ඇත.

"මට මගේ සමබරතාවය නැති වෙනවා, ඒකයි මාව අල්ලගෙන ඉන්නේ. ඔයාලා මට නාන්න අවසර දුන්නොත් - මම අවුරුදු එකහමාරකින් වතුර ඇල්ලුවේ නැහැ. මම තව ටිකකින් ඔයාලව හම්බෙන්නම්. ඒක අවුලක් නෑ නේද? "

cgfytyවැඩිම කාලයක් ගුහාවක ජීවත් වීමේ ලෝක වාර්තාව ඇය විසින් තැබූ බව ෆ්ලැමිනි ගේ සහයක කණ්ඩායම ප්‍රකාශ කරයි


ෆ්ලැමිනි පසුව වාර්තාකරුවන්ට පැවසුවේ මාස දෙකකට පමණ පසු තමන්ට කාල ගණනය කිරීමේ හැකියාව අහිමි වූ බවයි.

"මම දින ගණන් කරන එක නතර කරපු අවස්ථා තිබුණා," ඇය පැවසීය. එමෙන්ම ඇය පවසා සිටියේ තමන් එම ගුහාවේ " දින 160 හෝ 170 අතර" කාලයක් සිටි බවට සිතු බවයි.

ගුහාව මැස්සන් ආක්‍රමණය කිරීම සහ ඔවුන් තමාව වසාගෙන සිටීම තමන් මුහුණ දුන් දුෂ්කරම අවස්ථාවක් බව ඇය මෙහිදී පවසා සිටියාය.

ත්‍රාසජනක මළල ක්‍රීඩිකාව තමන් මුහුණ දුන් " ශ්‍රවණ මායාවන් " සම්බන්ධයෙන් ද විස්තර කර සිටියාය.

"ඔයා නිශ්ශබ්ද වෙලා ඉද්දී මොළය විසින් ඒවා හදනවා," ඇය පැවසුවාය.

සමාජ දුරස්ථභාවය සහ අතිශය තාවකාලික මංමුළාවක් විසින් කාලය පිළිබඳ මිනිසුන්ට ඇති ප්‍රත්‍යක්ෂ අවබෝධයට බලපෑම් කරන අකාරය අධ්‍යයනය කිරීමට විශේෂඥයින් විසින් ඇය හුදකලාවේ සිටි කාලය භාවිත කර ඇත.

ෆ්ලැමිනිගේ ආධාර කණ්ඩායම සඳහන් කලේ ඇය ගුහාවක වැඩිම කාලයක් ගත කරමින් ලෝක වාර්තාවක් තබා ඇති බවයි. කෙසේ වුවද ස්වෙච්ජාවෙන් ගුහාවක ජීවත් වූ කාලය පිළිබඳ වාර්තාවක් තිබේද යන්න පිලිබදව වාර්තාවක් ඇත්ද යන්න සම්බන්ධයෙන් ගිනස් ලෝක වාර්තා මේ දක්වා තහවුරු කිරීමක් ලබාදීනට නැත.

2010 දී චිලි රාජ්‍යයේ තඹ-රන් ආකරයක් කඩා වැටීමෙන් පසු දින 69 ක් පොළව යට මීටර් 688 ක් ගත කළ චිලී සහ බොලිවියානු පතල් කම්කරුවන් 33 දෙනෙකුට "පොළොව යට සිරවී සිටි දීර්ඝතම කාලය" යන ලෝක වාර්තාව ඔවුන් විසින් ලබාදී තිබුණි.


(ජෝර්ජ් රයිට් - බිබිසි පුවත්)
BBC සිංහල සේවය 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්