ජනාධිපතිවරණයට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සිදුවන බව නීති ක්ෂේත්‍රයේ විශාරදයකු වන මහාචාර්ය ජී. එල් .පීරිස් මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියි.



නිදහස් ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන හෙතෙම එබව කියා සිටියේ, එම සන්ධානයේ ප්‍රධාන කාර්යාලයේ අද (17) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දීය.

පවතින නීති යටතේ ජනාධිපතිවරණ මැතිවරණය ලැබෙන්නේ 2024 සැප්තැම්බර් 18 සිට ඔක්තෝබර් 18 යන කාල පරාසය තුළ බවත්, අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකුට වසර 4ක් ගිය පසුව ජනාධිපතිවරණයක් කැඳවීමට නොහැකි බවත්, එසේ කිරීමට නම් පාර්ලිමේන්තුවේ 2/3 යෝජනාවක් සම්මත විය යුතු බවත් ඔහු එහිදී පෙන්වා දුන්නේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පටු දේශපාලන වාසි අනුව වෙනස් කිරීමට බලයක් නැති බවත්, එසේ කරන්නවානම් මහජන අනුමැතියක් ලබාගත යුතු බවත් මහාචාර්යවරයා තවදුරටත් කියා සිටියේය.

මැතිවරණ කොමිසන් සභාව නාමමාත්‍රික ස්වාධීන කොමිසන් සභාවක් බවට පත් වී ඇති බවත් ඔහු එහිදී සඳහන් කළේය.


''යෝජිත ප්‍රති-ත්‍රස්ත පනතින් මාධ්‍ය නිදහස අහෝසි වෙනවා''


ඒකාධිපති පාලනයක් ගෙන යන මෙම ආණ්ඩුව මහජන ප්‍රඡාතන්ත්‍රවාදය යටපත් කර ඇති බව පැවසු මහාචාර්යවරයා, යෝජිත ප්‍රති-ත්‍රස්ත පනතින් මාධ්‍ය නිදහස වියැකී යන බව කියා සිටියේය.

IMF සමග පැවැත්වූ සාකච්ඡා හා යෝජනා වල කිසිම විනිවිද භාවයක් නැති බවත්, IMF ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත්, එම ගිවිසුමේ සිංහල හා දෙමළ පරිවර්තනයක් මෙතෙක් සිදුවී නැති බවත් පැවසු මහාචාර්යවරයා, IMF ගිවිසුමට නිදහස සභාව නියෝජනය කරන කිසිදු මන්ත්‍රීවරයෙකුගේ සහය හිමි නොවන බව අවධාරණය කළේය.



 

JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්