හිටපු නීතිපති දප්පුල ද ලිවේරා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය හමුවට අද කැඳවා ඇත. ඒ, පාස්කු ප්‍රහාරය පිටුපස කුමන්ත්‍රණයක් තිබූ බවට ඔහු විසින් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීම

සඳහායි.

ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පැවසුවේ, පාස්කු ප්‍රහාරය පිටුපස කුමන්ත්‍රණයක් තිබූ බවට හිටපු නීතිපති දප්පුල ද ලිවේරා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බවයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව හිටපු නීතිපති දප්පුල ද ලිවේරා ප්‍රකාශ කර ඇතැයි 2021 වසරේ මැයි මස 17 වැනි දා වාර්තා වූ මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

රාජ්‍ය බුද්ධි සේවය හෙවත් එස්.අයි.එස් ආයතනයට පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු කරන ආකාරය, වේලාව, දිනය සහ අනෙකුත් තොරතුරු ලැබීම හරහා දැවැත්න කුමන්ත්‍රණයක් මෙම ප්‍රහාරය පිටුපස තිබූ බව පෙනී යන්නේ යැයි ඔහු එහිදී කියා සිටියේ ය.

දප්පුල ද ලිවේරා පෙන්වා දුන්නේ, මෙම දැවැන්ත කුමන්ත්‍රණයට සම්බන්ධ සියලු දෙනා සාක්ෂි හරහා අනාවරණය කළ යුතු බවයි.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්