මහනුවර, අකුරණ නගරයේ ආරක්ෂාව තර කළ බව පොලීසිය පවසයි.



 පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව 'නෙත් නිවුස්' කළ විමසීමකදී පැවසුවේ පොලිස් නිලධාරීන්ට අමතරව හමුදා සාමාජිකයින් ද එම ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා යොදවා ඇති බවයි.

අකුරණ ප්‍රදේශයේ කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවනු ඇති බවට 118 හදිසි ඇමතුම් අංකයට ඊයේ රාත්‍රී ඇමතුමක් ලැබී ඇත.

 ඒ අනුව වහාම ක්‍රියාත්මකවූ ආරක්ෂක අංශ එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇත.

දැනට අනුයුක්ත කර ඇති පොලිස් කණ්ඩායම් යළි දැනුම්දෙනතුරු එම ප්‍රදේශයේ ආරක්ෂාව සදහා යොදවා ඇති අතර අවශ්‍ය වුවහොත් අතිරේක හමුදා කණ්ඩායම් ද එම ප්‍රදේශයට යැවීමට සූදානම් කර තිබේ.

 

JW

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය