(පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් වට්ස් ඇප් සමුහිකයකට යොමුකර ඇති සටහනකින් උපුටා ගැනිණ )


ශ්‍රී ලංකා වෘත්තීය සමිති ව්‍යාපාරයට වසර 130ක් පමණ වෙන ඉතිහාසයක් ඇත. අද බොහෝ දෙනා කතාවෙන 75 වසරක් පුරාමත් මෙකී වෘත්තීය සමිති ක්‍රියාත්මක වි ඇත. ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති සම්බන්ධයෙන් ක්‍රියාත්මක 1935 අංක 14 දරන වෘත්තීය සමිති ආඥා පනතට අනුව වෘත්තීය සමිතියක වියයුත්තේ,

01 - සේවකයන් හා සේවායෝජකයන් අතර හෝ සේවකයන් හා සේවකයන් අතර සේවායෝජකයන් හා සේවා යෝජකයන් අතර සම්බන්ධතා විධිමත් කිරීම.

02 - යම්කිසි වෘත්තියක/ ව්‍යාපාරයක ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සීමාකාරී කොන්දේසි පැනවීම.

03 - වෘත්තීය ආරවුලට බැඳී සේවකයන් හෝ සේවායෝජකයන් නියෝජනය කිරීම.

04 - ඕනෑම වෘත්තියක කර්මාන්තයක වැඩ වර්ජන ඇති කිරීම හෝ සංවිධානය කිරීම හෝ වැඩ වර්ජනයක් පවත්වාගෙන යන අවස්ථාවේ දී එහි සාමාජිකයන්ට වැටුප් හෝ අනෙකුත් ප්‍රතිලාභ සැපයීම.

 

වෘත්තීය සමිති වැඩවලට සේවයෙන් නිදහස් වෙන රාජ්‍ය සේවකයෝ -(අජිත් පැරකුම්  ජයසිංහ)


නමුත් අද වන විට මේ නිර්වචන තුල සමහර වෘත්තීය සමිති ක්‍රියාත්මක වනවාද යන්න සමාජයේ කතාබහා වේ. මෑතකාලීන වෘත්තීය සමිති වල දුර්වලම හා සදාචාරසම්පන්න නොවන හැසීරිම් සහිත වෘත්තීය කණ්ඩායමක් කිපයක් දැකීය හැක. ඒවා අපේ රටට විශාල පාඩුවකි.

මාරාන්තික කොරෝන සමයේ අපි බොහෝ කටුක අත් දැකිම් වින්දේමු. ඒ කාලසීමාවේ අපි සියළු දෙන්නා එකා මෙන් කටයුතු කළේය. කෙමෙන් කෙමෙන් රටේ ආර්ථිකය ද කඩා වැටිමෙන් තිබුන කාලසීමාවක වුවත් වසර දෙකක් පුරාවට සියළු රාජ්‍ය සේවකයාට වැටුප නිසි වෙලාවට ලබාදෙන්නට කටයුතු කළබවත් දනිමු.

නමුත් කොරෝනා සමයේ ඇති ආර්ථික කඩාවැටිම අපගේ නිවස තුල මෙන්ම රටේ ද වන බව ආර්ථික විශ්ලේෂකයෝ කියන්න විය. ඒ කාල සීමාවේ ආණ්ඩුව රට වැසීම පිලිබඳ එතරම් කැමැත්තක් නොවිය. ඒ ආර්ථික අර්බුදයක් ළඟ ළඟ බව දන්නා නිසාය.

 

කොරෝනා සමයේ රාජ්‍ය අඩපණ කරන්නට විවිධ වෘත්තීය සමිති කටයුතු කලේ "රැකියාවට නොයා ගෙදර ඉන්න" කියාය. ඒ නිසා රටේ ආර්ථිකයට වු බලපෑම අති විශාලය. සමහර වෘත්තීය සමිති රටේම වැඩ වර්ජනයක් සඳහා ද සුදානම් විය. ඒ කාල සීමාවේ ගමේ ග්‍රාමසේවක, PHI මහත්වරු, රෝහල් කම්කරුවාගේ සිට වෛද්‍යවරු, ආරක්ෂක අංශ කිසිම ඉල්ලිමක් නොමැතිව කොරෝනා සමයේ තම ජිවිත අවධානම නොතකා තම රාජකාරි සිදුකිරිම අගය කලයුතුයි.

 

 03 Teachers 01

කොරෝනා කාලසීමාවේ ඉල්ලිම් ඉල්ලා පාරට බැස්සේ ගුරුවරු පමණි.

 

නමුත් කොරෝනා කාලසීමාවේ ඉල්ලිම් ඉල්ලා පාරට බැස්සේ ගුරුවරු පමණි. උගත්කම හා බුද්ධිමත් වු ගුරුවරුන් එම කාලසීමාවේ වසර 27ක් පැරණි වැටුප් සංශෝධනයක් ඉල්ලා පාරට බසිමින් කටයුතු කළ ආකාරයත් සමාජයේ අන්දෝලනාත්මක කතා බහක් විය.

 



කොරෝනා නිසා අධ්‍යාපනයට බාධාවන් එල්ල වී තිබුණි. අධ්‍යාපනය කඩාකප්පල් වු දුවාදරුවන් ගැන නොසිතා තැටිය රත් වු මොහොතේ රෝටි රත්කරන්න ගුරු සංගම් කටයුතු කිරිම පිළිබඳ ඇත්තේ අපුලක්. මේ මොහොතේත් ද පහ වසර ශිෂ්‍යත්වයේ සිට සමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග සදා අසාධාරණ ලෙස කේවල් කරමින්, ශිෂ්‍ය අනාගතය බිල්ලට තබා කටයුතු කිරිම කරනු ඇත. ළමුන්ගේ අනාගතය පවා අභියෝගයක් බව අපි දනිමු. උසස් පෙළ අවසන් කල දරුවන්ගේ මානසිකව මට්ටම විනාශ කිරිම අද අප අත්විදිමින් සිටි.

ඉහළ හා මධ්‍ය පාන්තික පවුලක දරුවන්ගේ ආර්ථික වටපිටාව ගමේ දරුවන්ට නොමැත. මේ සමාජ මට්ටම් දෙකේ දරුවන්ට ඉගැන්වීමේදී කටයුතු කරන ආකාරය හා පහසුකම් අහසට පොළව මෙන්ය. අමතර පන්තියකට හෝ යවා විෂය නිර්දේශ ආවරණය කරගනි. තවත් පිරිසක් ගමේ ගොඩේ තේ කඩයක් කරගෙන ගොවිතැන් බතක් කරගනිමින් දවසේ පඩියට කුලී වැඩක් කරමින් තම දරුවන්ගේ අනාගතය කලඑළි කරන්නට නොවිදිනා අපා දුක් විදියි.

නමුත් උගත් යැයි කියාගනා සමහර ගුරුවරුවරුන්ගේ හැසිරිම පිළිබඳව සමාජයේ ඇත්තේ ඉතාම අප්‍රසන්න හැගීමකි. ළමුන් සම්බන්ධයෙන් තිබෙන විවිධ සංවිධාන පවා මුනිවත රැකීම පිළිබඳව අපට ඇත්තේ දැඩි කනස්සල්ලකි.

 

දේශපාලකයා වඩා උගත් බුද්ධිමත් යැයි කියාගන්නා වෘත්තීන්වල නිරත වන්නන්ගේ වෘතීය හැසිරීම පිළිබඳව අප කතිකාවතකට යායුතු කාලයක් පැමිණි තිබේ. එවැනි වෘත්තී සමිති හරහා සිදුකරන දූෂණයන් සියල්ලක්ම දේශපාලකයා පිට පටවා රාජ්‍ය සේවකයා පිරිසිදු බව කියා සිටි. අප සමාජයේ ඒ පිළිබඳ කතිකාවතක් අරම්භ කලයුතුය. අරගලයට පෙර හා පසු වෘත්තීය සමිති හැසිරිම හා ඒ නායකයන්ගේ හැසිරිම පිලිබඳව මැනවින් අධ්‍යයන කරන විට අපට කඩාකප්පල්කාරි වෘත්තීය සමිති පිලිබඳ පැහැදිලි අවබෝධයක් ගත හැක.

 

unionww

'අරගලය' සමයේ ගෝඨාභය රාජපක්ෂ පලවාහරින්නට වෘත්තීය සමිති විශාල භූමිකාවක් සිදුකල බව නොරහාසක්. ගුරුවරු පාරට බස්සවා ජන විරෝධයක් උලුප්පා පෙන්නුවේද වෘත්තීය සමිතිවේ.

විවිධ වෘත්තීන්ට අදාළ වෘත්තීය සමිති අරගලයේ විවිධ කොටස් ලෙසින් විවිධ අවස්ථා වලදි රටට හිතකර වු ව්‍යාපෘති වලදි පවා පුහු විරෝධයක් නිර්මාණ කළේය. බලශක්ති අර්බුදය වෙනුවෙන් සාම්පුර් බලශක්ති බලාගාරයට විරුද්ධ වුයෝ ද ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සම්ති නියෝජනයක් ය. නමුත් අද ලයිට් කපන විට මයික් පලන්නේ ද ඒම වෘත්තීය සමිතිම වේ.

එවැනි තැන් බොහෝමයක් පිළිබඳ අපට කතා කල හැක. අරගලයේ දි එකතුව කටයුතු කල බහුතර ජන මතය වෘත්තීය සමිතින් වල අද ක්‍රියාමාර්ගවලට සහාය පළකරන නොකරන බවක් පෙනේ. ඒත් සියල්ල වැටහෙන විය ස්තාලය වසා වැඩක් නොමැත.

 

පොඩි පොඩි වෘත්තීය සමිති පිලිබඳව පමණක් රජය කටයුතු කිරිම හා ක්‍රියාමාර්ග ගැනිම දැකිය හැකි වුවත් මේවැනි දැවැන්ත කඩාකප්පල්කාරි වෘත්තීය සමිති වල ක්‍රියාකාරීත්වය පිලිබඳ කටයුතු නොකරන්නේ මන්ද යන්න සිතාගත නොහැක. ආණ්ඩුව මුනිවත රකින්නේ නැතිව ක්‍රියාත්මක විම කළයුතුය. නමුත් අප සමාජයේ මේ පිලිබඳ දැඩිව කතා කලයුතුමයි.''

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image