දූෂණය හා මර්දනයට එරෙහිව සංවිධාන කළ සෙනෙහසේ යත්‍රාව අද (20) දෙවන දිනටත් ක්‍රියාත්මක වේ.
මෙම වැඩසටහන 'රැඩිකල් වෙනසක් සඳහා වූ ජාතික ව්‍යාපාරය' මගින් සංවිධානය කර ඇත.
හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ගේ අනුශාසකත්වය යටතේ පසුගිය දිනක එළිදැක්වූ ''රැඩිකල් වෙනසක් සදහා වූ ජාතික ව්‍යාපාරය'' විසින් එම වැඩසටහන සංවිධානය කරනු ලබයි.
එහි කැඳවුම්කරු මහීල් බණ්ඩාර සඳහන් කළේ, කෑගල්ල, මාතර, පුත්තලම, අනුරාධපුර, බිබිල, ඇඹිල්පිටිය ඇතුළු ස්ථාන 6 කින් අද සෙනෙහසේ යාත්‍රාව කොළඹ බලා ගමන් ආරම්භ කරන බවයි.
අප්‍රේල් 19වන දා යාපනයේ නල්ලූර් කොවිලෙන්, සයින්ද්‍රමන්දු මුස්ලිම් පල්ලියෙන්, මන්නාරම මඩු පල්ලියෙන්, මහා කතරගම දේවාලයෙන් හා මහනුවර දළදා මාළිගාවෙන් යන ස්ථාන 5න් ආරම්භ වූ 'සෙනෙහසේ යාත්‍රාවන්' අප්‍රේල් 21 වන කොළඹට පැමිණීමට නියමිත අතර එදින සවස 7ට කොළඹ දී සාමය වෙනුවෙන් පහන් දැල්වීමට නියමිතය. ශ්‍රී ලංකාවේ ජාතික සංහිඳියාව වෙනුවෙන් සුවිශාල කාර්ය භාරයක් සිදුකල අභාවප්‍රාප්ත මංගල සමරවීර ගේ ජන්ම දිනය යෙදී ඇත්තේ ද අප්‍රේල් 21 වෙනිදාය.
View the embedded image gallery online at:
https://theleader.lk/news/16649-21-26-senehase-yatrawa#sigProId3ef6e62dda
https://theleader.lk/news/16649-21-26-senehase-yatrawa#sigProId3ef6e62dda