මෙරට මුහුදු සීමාවේ දී ගිනි ගැනීමට ලක් වු 'එක්ස්ප්‍රස් පර්ල්'( X Press Pearl) නෞකාව

ගිනි ගැනීමෙන් සම්බන්ධයයෙන් වන්දි ඉල්ලා සිංගප්පුරුව අධිකරණයෙ එම නඩුව විභාග කිරීම සම්බන්ධයෙන්  'යු ටියුබ්' නාලිකාවක් හරහා අතිරේක සොලිසිට ජනරාල් විකුම් ඩී ආබෲ සහ රජයේ නීතිඥ නයෝමි කහවිට යන නිලධාරීන්ට අපහාස කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකට සමාජ ක්‍රියාකාරයකු වන දර්ශන හදුන්ගොඩ එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

අතිරේක සොලිසිටර් ජනරාල් විකුම් ඩී ආබෲ සහ රජයේ නීතිඥ නයෝමි කහවිට යන ඊයේ (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවකට මේ සම්බන්ධයෙන් කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබේ.

'එක්ස්ප්‍රස් පර්ල්' නෞකාවෙන් පරිසර සිදු වු හානියට වන්දි ඉල්ලා ශ්‍රි ලංකවේ අධිකරණය තුළ නඩු විභාග කිරීමට පුළුවන්කම තිබියදී එය සිංගම්පූරු අධිකරණයේ සිදු කිරීම සම්බන්ධයෙන් සිය නම් සදහන් කරමින් දර්ශන හදුන්ගොඩ සිය 'යු ටියුබ්' නාලිකාව හරහා විවේචනාත්මකව අපහාස කරමින් ප්‍රකාශ  ඉදිරිපත් කර තිබු බවට එම පැමිණිල්ලේ සඳහන් වන බවද පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.


''වන්දි නඩු පැවරීම ප්‍රමාදයකින් තොරව සිදු කරනවා'' - අධිකරණ ඇමති

මේ අතර  අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නිතිඥ, විජයදාස රාජපක්ෂ පවසන්නේ, MV -X Press Pearl නෞකාවේ ඇති වු  ගින්නෙන් මෙරටට සිදු වු හානිය සම්බන්ධයෙන් නඩු පැවරීම ඊට අදාළ කාලය ඉක්මවා යාමට පෙර විධිමත් අයුරින් සිදු කරන බවත්, නඩු පැවරීමේ කටයුතු මන්දගාමී බවට වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් ය.

නෞකාවේ ඇති වු ගින්නෙන් මෙරටට සිදු වු හානිය සම්බන්ධයෙන් නඩු පැවරීම පිළිබදව මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් අධිකරණ අමාත්‍යවරයා මෙම තොරතුරු අනාවරණය කළේය.

එම කටයුතු  විවිධ හේතුන් නිසාවෙන් මන්දගාමීව සිදු වන බව තමාට නිරීක්ෂණය වු  බැවින් තමන් එයට මැදිහත් වු බව සදහන් කළ අමාත්‍යවරයා, මෙහි වන්දි ලබා ගැනීම තක්සේරු කිරීම සදහා විශේෂඥයින් 40 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් සකස් කළ වාර්තාව පසුගිය වසරේ සැප්තැම්බර් මස 23 වන දිනට පෙර ලබා දෙන බවට තමන්ට පොරොන්දු වු නමුත් වාර්තාව ලබා දෙනු ලැබුයේ මෙම වසරේ ජනවාරි මස මැද භාගයේ වු බැවින් එම වාර්තාව අදාළ නෛතික කටයුතු සදහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කළ බව වැඩිදුරටත් සදහන් කළේය.



අදාළ වන්දි ලබා ගැනීම සදහා නඩු පැවරීමේ කටයුතු නීතිපති දෙපාර්තමේන්තුව හා මේ පිළිබදව ජාත්‍යන්තර වශයෙන් කටයුතු කරනු ලබන විදේශ නීතිඥ ආයතන සමග එක්ව සිදු කරමින් පවතින අතර, මේ සදහා ඇතැම් පුද්ගලයින් විසින් අල්ලස් ලබා ගෙන ඇති බවට පැමිණිලි ලැබි ඇති බැවින් අල්ලස් ලබා ගෙන ඇති ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන අතර, එම පුද්ගලයින්ගේ නම්, බැංකු ගිණුම්, ස්ථාන ඇතුළු තොරතුරු සම්බන්ධව පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද අමාත්‍යවරයා සදහන් කළේය.



කාලාවරෝදය සම්බන්ධව පවතින නීතිමය තත්වය අනුව නඩු පැවරීමට අදාළ කාලය ඉක්මවා යාමට පෙර වන්දි ලබා ගැනීම පිළිබදව නඩු පැවරීම සිදු කරන බැවින් ඒ පිළිබදව ගැටළුවක් ඇති කර නොගත යුතු බව අවධාරණය කළ අධිකරණ අමාත්‍යවරයා,  වැඩිදුරටත් සදහන් කළේ මීට වඩා බරපතල නඩු සම්බන්ධව නීතිපති දෙපාර්තමේන්තුවේ දක්ෂ නිලධාරීන් කටයුතු කර ඇති බවයි.

X Press Pearl නෞකාවේ ඇතිවු ගින්නෙන් මෙරටට සිදු වු හානිය සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීමට අදාළ නඩු පැවරීමේ කටයුතු සාගරය පිළිබදව විශේෂඥ දැනුමක් ඇති නිතිපති දෙපාර්තමේන්තු දක්ෂ නිලධාරීන් විසින් කර ගෙන යනු ලබන බැවින් නඩු පැවරීම සම්බන්ධයෙන් කිසිදු සැකයක් ඇති කර ගත යුතු නොමැති බව ද අධිකරණ අමාත්‍යවරයා අවධාරණය කරයි.



සබැඳි ලිපි :

එක්ස්ප්‍රස් පර්ල් : ගිනිගත් නැවෙන් වන්දි ගන්න සිංගප්පුරු යෑම ලංකාවට අවාසි ද?

මහ සයුරට වස විස එක් කළ 'එක්ස්ප්‍රස් පර්ල්' වන්දිය අහිමි වෙයි ද?

එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දි නඩුව සිංගප්පූරුවට ගෙනයාම සැක කටයුතුයි!

එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දි නඩුව : පාර්ලිමේන්තු කාරක සභාවක අවධානය

එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගැටුම : නඩුව සිංගප්පූරුවට

එක්ස්ප්‍රස් පර්ල් වන්දි අර්බුදය : නීතිපති සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ගැටුමක !

එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනයෙන් මහ සයුරට පිළිකා හදන වස විස එක්වෙලා

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්