කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ බී.කේ ප්‍රභාත් චන්ද්‍රකීර්ති, විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂකවරයකු ලෙස

නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලයට පත් කර තිබේ.

හෙතෙම රාජ්‍ය සේවයේ වසර 23ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි. තවද ඔහු ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය ආයතනයේ මෙන්ම ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ උප සභාපතිත්වය ද හොබවයි.

 ප්‍රභාත් චන්ද්‍රකීර්ති 1998 වසරේදී  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව 2000 වසරේදී රාජ්‍ය සේවයට බැඳී තිබේ. අනතුරුව ඔහු 2008 වසරේදී ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය කැලණිය විශ්ව විද්‍යාලයෙන් ලබා ගෙන ඇත.

ඔහු  2014 වසරේදී ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධිය ලබාගෙන ඇති අතර 2017 වසරේදී  ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධ්‍යාපනය නිම කරමින් නීතීඥවරයකු වීමේ සුදුසුකම සම්පූර්ණ කර තිබේ.

 ප්‍රභාත් චන්ද්‍රකීර්ති රුසියාවේ මූලික අධ්‍යයන පිළිබඳ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ද ලබාගෙන ඇත.

තවද ඔහු සංචාරක කළමනාකරණය, රාජ්‍ය කළමනාකරණය සහ රාජ්‍ය පරිපාලනය යන ක්ෂේත්‍ර පිළිබඳ ඉහළ දැනුමක් සහිත දශක දෙකකට වැඩි වෘත්තීය පළපුරුද්දක් ඇති අත්දැකීම් බහුල වෘත්තිකයෙකි.

ප්‍රභාත් චන්ද්‍රකීර්ති  සිදු කළ සුවිශේෂී කාර්යය භාර්ය හඳුනාගනිමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් "ප්‍රදීප් ප්‍රණාම" සම්මානය පිරි නමනු ලැබ ඇත. එසේම ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනයෙන් පිදෙන සුපිලිපන් රාජ්‍ය නිලධාරියා සම්මානයද ප්‍රභාත් චන්ද්‍රකීර්ති හිමිකර ගෙන තිබේ.

(lankadeepa.lk)

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්