අධිකරණ අමාත්‍යංශය විසින් සේවයට බඳවා ගන්නා ලද අධිකරණ වෛද්‍ය නිලධාරීන් (JMO) සහ ශ්‍රී ලංකා පොලීසිය විසින් සමරිසි, ද්වීරිසි සහ සංක්‍රාන්ති සමාජභාවී (LGBT) ශ්‍රී ලාංකිකයන් අරඹයා නොහොඹිනා ගුද හා

යෝනි මාර්ග පරීක්ෂා කිරීම් සිදුවෙමින් ඇත.

සමරිසි (LGBT) පුද්ගලයන්ට අධිකරණය හමුවේ නඩු පැවරීමේදී, පොලීසියට ඔවුන්ගේ සමලිංගිකත්වය තහවුරු කිරීමේ “සාක්ෂි” සොයා ගැනීම සඳහා අවශ්‍යවන අවස්ථාවලදී මෙවන් ගුද හා යෝනි මාර්ග පරීක්ෂා වෙත යොමු කිරීම සිදුව තිබේ.

 සමරිසි (LGBT) පුද්ගලයන් බලහත්කාරයෙන් ගුද සහ යෝනි මාර්ග පරීක්ෂාවලට යොමු කිරීම - මෙම හිංසනයේ ප්‍රධාන මෙවලම වන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365අ වගන්ති වේ.

 
දණ්ඩ නීතී සංග්‍රහයේ 365 සහ 365අ වගන්ති ඉවත්විය යුතුමයි


සම්මුතිගත සබඳතාවල නියැලුනේ යැයි සමරිසි (LGBT) පුද්ගලයන්ට හිංසා සිදු කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365අ වගන්ති යොදා ගෙන තිබේ.

ගතවූ වසර කිහිපය තුළ, අධිකරණ වෛද්‍ය නිලධාරීන් සහ පොලීසිය අතින් බලහත්කාරයෙන් ගුද හා යෝනි මාර්ග පරීක්ෂාවලට ලක්වූ බොහෝ සමරිසි (LGBT) පුද්ගලයන් නියෝජනය කිරීමට නීතීඥයන් කටයුතු කර තිබේ. එකී සියලු නඩුවලට අදාළව, චෝදනාවට ලක්වන කිසිඳු ආකාරයක ලිංගික හැසිරීමකට අදාළව සාක්ෂිකරුවන් සොයාගැනීමට අසමත්ව ඇති අතර, අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබෙන සෑම අවස්ථාවකම ඔවුන් සම්පූර්ණයෙන්ම ඇඳුම් පැළඳුම්වලින් සැරසී සිට ඇත.

 
 සමරිසි (LGBT) පුද්ගලයන්ට සිදුවන හිංසනය මුලිනුපුටා දමනු වස් දණ්ඩ නීති සංග්‍රහයේ මෙම ප්‍රතිපාදන අහෝසි කිරීමට සහ සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් දොලවත්ත විසින් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර තිබේ.

කෙසේවෙතත්, දේශපාලන ක්‍රියාධරයන් යැයි පවසා ගන්නා පුද්ගලයන් තිදෙනෙකු විසින් මෙම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කරමින්, යෝජිත සංශෝධනයන් හරහා දරුවන් අපයෝජනයට නිරාවරණය වන බවටත්, එච්අයිවී ව්‍යාප්ත වන බවටත්, ඒවා ශ්‍රී ලාංකීය සංස්කෘතියට පටහැනි බවටත් සාවද්‍ය තර්කයක් ඉදිරිපත් කර තිබේ.

මෙකී පෙත්සම්කරුවන්ගේ මුසාවන් අභියෝගයට ලක්කරමින් ළමා අයිතිවාසිකම් සංවිධාන, ක්‍රියාධරයන් සහ නීතීඥයන් පිරිසක් විසින් අතුරු පෙත්සමක් ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති අතර, දණ්ඩ නීති සංග්‍රහය විසින් දරුවන් නිසි පරිදි ආරක්ෂා කරන බවත්, එමඟින් ළමා අපයෝජන සඳහා වරදකරුවන් බවට පත්වන පුද්ගලයන්ට දඬුවම් පැමිණවීමට කටයුතු කරන බවත් පෙන්වා දී තිබේ.  

යෝජිත දණ්ඩ නීති සංග්‍රහ (සංශෝධන) පනත් කෙටුම්පතට එරෙහිව සාවද්‍ය සහ භයානක ආඛ්‍යානයක් ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් මෙම පෙත්සම්කරුවන් අතුරු පෙත්සම්කරුවන්ගේ විවේචනයට ලක්ව තිබේ.



 ප්‍රේම්නාත් දොලවත්ත මන්ත්‍රීවරයාගේ පනත් කෙටුම්පතට සහාය දක්වන මෙන් අතුරු පෙත්සම්කරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ. පවතින දණ්ඩ නීති සංග්‍රහය “සමාජයට බරපතල සහ හානිකර ප්‍රතිවිපාක උරුම කර” දෙන අතර, යෝජිත දණ්ඩ නීති සංග්‍රහ (සංශෝධන) පනත් කෙටුම්පත සම්මත වූවහොත් “ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ශක්තිමක් කරනු” ඇති බවත්, “දිගු කලක් තිස්සේ පැවති.. කිසිඳු ආකාරයකින් සාධාරනීකරණය කළ නොහැකි අපරාධයකට මඟ පැදූ.. අයුක්තියකට විසඳුම් ලබා දෙන බවත්” අතුරු පෙත්සම්කරුවන් විසින් පෙන්වා දී ඇත.
''පොලීසිය විසින් සමරිසි පිරිමින්ට කම්බිවලින් පහර දීලා''


එක් සිදුවීමකදී, චූදිත පුද්ගලයන් දෙදෙනෙකුට පොලීසිය විසින් කම්බිවලින් පහර දී තිබේ. ඔවුන් දින කිහිපයක් යනතුරු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, එක් චූදිතයකුට මිනිත්තු දෙකකට නොවැඩි දුරකතන ඇමතුමක් ලබා ගැනීමට පමණක් අවසර ලබා දී ඇත.  

මෙම පුද්ගලයන් සමරිසි බැවින් ඔවුන්ගේ හැසිරීම සැකසහිත යැයි හෝටලයක පිළි ගැනීමේ නිලධාරියකු විසින් පොලීසියට දැනුම් දීමක් සිදුකර ඇත. පොලීසිය විසින් අදාළ පුද්ගලයන් සිටි හෝටල් කාමරයේ සිදුකළ වැටලීමකදී සම්පූර්ණ හැඳි වතින් රාත්‍රී ආහාරය ගනිමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු හමුවී ඇත. පොලීසිය විසින් සමරිසිභීතික වදන් පවසමින් තමා ඇමතූ බවත්, තමාට පහර දුන් බවත්, තමා පොලිස් ස්ථානයට රැගෙන යාමට ප්‍රථම ගැට ගැසූ බවත් වින්දිත පුද්ගලයෝ චෝදනා කරති. ඔවුන් ගුද මාර්ග පරීක්ෂාවලට ලක්කර සති කිහිපයක් යනතුරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පොලීසිය කටයුතු කර ඇත.

බොහෝ සමරිසි (LGBT) පුද්ගලයන්ට අපයෝජනයට ලක්වීම, හෝ සිරගත කිරීමකට ලක්වීමකින් තොරව සමාජගත වීමට හෝ මිතුරන් හමුවීමට පවා නොහැකි බව මෙම සිදුවීමෙන් පසක් වෙයි.



සංක්‍රාන්ති සමාජභාවී පිරිමින් සහ සිස්-සමාජභාවී කාන්තාවන් යෝනි මාර්ග පරීක්ෂාවලට ලක්වීම සිදුවේ

 
 සංක්‍රාන්ති සමාජභාවී පිරිමියකු සහ සිස්-සමාජභාවී කාන්තාවක සම්බන්ධවන තවත් සිදුවීමකදී, අධිකරණ වෛද්‍ය නිලධාරියකු විසින් ඔවුන් දෙදෙනාගේ යෝනිමාර්ගවලට ඇඟිලි ඇතුල්කර පරීක්ෂාකර තිබේ. මෙලෙස ඇඟිලි ඇතුල් කිරීමට පෙර අදාළ අධිකරණ වෛද්‍ය නිලධාරියා ඔවුන්ගෙන් අනුමැතියක් ලබා ගැනීමට වත් කටයුතු කර නැති අතර, එසේ ඇඟිලි ඇතුල් කිරීමේදී ඔවුන් වේදනාවෙන් කෑ ගසන අවස්ථාවේදී පමණක් වේදනාවක් ඇතිවන්නේ ද යැයි ප්‍රශ්න කර තිබේ.
 

මෙම සිදුවීමේදී, වෛද්‍යවරුන් ඔවුන්ගේ සිරුරේ ඡායාරූප පවා ලබා ගැනීමට තැත්කර ඇති අතර, චූදිතයන් විසින් ඊට විරෝධය පා තිබේ. ඉන් අනතුරුව, ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයකු විසින් රෝහලේ වෙනත් පිරිමි වෛද්‍යවරුන් සහ හෙද නිලධාරීන් ඉදිරිපිටම ඔවුන් වැඩිදුර ශාරීරික පරීක්ෂාවකට ලක්කිරීමට කටයුතු කර තිබේ. යෝනි මාර්ග ආශ්‍රිත පරීක්ෂාව වේදනා ගෙන දෙන බැවින් එය නැවත සිදු නොකරන මෙන් චූදිතයන් වෛද්‍යවරයා හමුවේ ආයාචනය කර ඇති අතර, එවිට එම වෛද්‍යවරයා කොක්හඬලමින් පවසා තිබෙන්නේ ඒ වෙනුවට තමා ඔවුන්ගේ යෝනිමාර්ග තුළ රතිඤ්ඤාවක් පත්තු කිරීමට කටයුතු කරන බවයි.


ගුද හා යෝනි මාර්ග පරීක්ෂා යනු මොනවා ද?

 
 සමලිංගික හැසිරීමට “සාක්ෂි” සොයා ගැනීමේ අරමුණින් යුතුව සිදුකරන්නේ යැයි කියන බලහත්කාර ගුද හා යෝනි මාර්ග පරීක්ෂා, වෛද්‍ය නිලධාරීන් හෝ වෙනත් වෛද්‍ය සේවයේ නියුතු නිලධාරියකු සම්බන්ධවන, යම් චූදිතයකු ප්‍රතිග්‍රාහී (receptive) ගුද හෝ යෝනි මාර්ග සංසර්ගයක යෙදී ඇත්ද යන්න පුරෝකථනය කිරීම සඳහා ඔවුන්ගේ ගුද මාර්ගය හෝ යෝනි මාර්ගය තුළට ඇඟිලි, හෝ ඇතැම් විට වෙනත් වස්තුවක්, ඇතුල්කරමින් සිදුකරනු ලබන පරීක්ෂාවකි. මෙම පරීක්ෂා නොහොඹිනා, විද්‍යාත්මක පදනමක් නොමැති සහ සියලු වෛද්‍ය ආචාර ධර්ම උල්ලංඝනය කරන ක්‍රියාවලීන් වේ.
ගුද සහ යෝනි මාර්ග පරීක්ෂා ලොව විවිධ ආයතන විසින් හෙළා දකින අතර, ඇතැම් රටවල තහනම් කර ඇත.

ලොව පුරා අධිකරණ වෛද්‍ය විශේෂඥයන්ගෙන් සමන්විත ස්වාධීන අධිකරණ වෛද්‍ය විශේෂඥ කණ්ඩායම (Independent Forensic Experts Group: IFEG) මෙසේ බලහත්කාරයෙන් සිදුකරන ගුද මාර්ග පරීක්ෂා හෙළා දකියි.  

ගුද සහ යෝනි මාර්ග පරීක්ෂා ප්‍රචණ්ඩත්වයේ සහ වධහිංසාවේ මුහුණුවරක් ගන්නා බව පවසමින් ලෝක සෞඛ්‍ය සංවිධානය පවා හෙළා දකියි.

2014 නොවැම්බර් හිදී, “කන්‍යාභාවය පරීක්ෂා කිරීමට (හෝ ‘ඇඟිලි-දෙකේ’ පරීක්ෂාවට) ඉඩකඩක් නොමැති” බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේය; “ඊට විද්‍යාත්මක වලංගුභාවයක් නොමැති” බව ද නිවේදනය කළේය.


ශ්‍රී ලංකාව තුළ සමරිසි (LGBT) පුද්ගලයන් චර්යානුගත හිංසනයට ලක්වීම සිදුවේ


පෞද්ගලික අවකාශයේ සම්මුතිගත සබඳතා පැවැත්වීම මත ශ්‍රී ලංකාවේ සමරිසි (LGBT) පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සහ ඔවුනට එරෙහිව නඩු පැවරීම චර්යානුගතව සිදුකර ඇති බවට 2016 නඩු සහ පොලිස් වාර්තාවලින් පසක් වෙයි. ගතවූ වසර කිහිපය තුළ, සම්මුතිගත සබඳතා පැවැත්වීම පමණක් නොව, මිත්‍රත්වයන් පවත්වා ගැනීම මත පවා පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා හෝටල්, පෞද්ගලික නිවාස සහ වෙනත් ස්ථාන වැටලීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කර තිබේ.

2016 වර්ෂයේ සිදුකළ මෙවන් වැටලීම්වලදී, හුදෙක්ම “සමලිංගිකත්වය” නැමති චෝදනාවක් මත පුද්ගලයන් 33 දෙනෙකු අත්අඩංගුවට ගෙන, 2018 වර්ෂයේදී පුද්ගලයන් 09 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු යොදා ඇති බව 2018 වර්ෂයේ නිකුත් කළ පොලිස් කාර්යසාධන වාර්තාවක දැක්වෙයි. සම්මුතිගත සබඳතාවලදී පවා “අස්වාභාවික වැරදි” මැයෙන්, සෑම වසරකම සමරිසි (LGBT) පුද්ගලයන් සිය ගණනින් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරනු ඇති බවට ශ්‍රී ලංකා පොලීසියේ බරපතල අපරාධ උපුටනයෙන් පැහැදිලි වෙයි.
 
 


සබැඳි පුවත් :

දණ්ඩ නිති සංග්‍රහය ; සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන්


දණ්ඩ නීති සංග්‍රහ නව පනත් කෙටුම්පතින් දරුවන්ට හානියක් නොවනු ඇත - ළමා අයිතිවාසිකම් නීතිඥයන්

සමරිසි සබඳතා නිර්සාපරාධීකරණයට සහාය පළ කරමින් අතුරු පෙත්සම්!

සමලිංගික ක්‍රියාකාරකම් අපරාධමය වරදක් ලෙසම සලකන්නැයි පෙත්සමක්!

සමරිසියන්ට දඬුවම් පමුණුවන නීතිවලට රටේ 72% ම එකඟ නෑ !

සමරිසි ලිංගික සබඳතාවලට එරෙහි නීති සංශෝධනය කිරීමට යයි !

සමරිසි ප්‍රජාවට එරෙහි නීති සංශෝධන පනත් කෙටුම්පත ජනපතිට

සමලිංගිකත්වයට එරෙහි නීති ඉවත් කරන්න පොහොට්ටුවෙන් පනතක්

සමලිංගිකයින්ට එරෙහි නීති ඉවත්කරන්න - දොලවත්ත ගෙන් පනත් කෙටුම්පතක් !

සිංගප්පූරුව සමලිංගිකත්ව තහනම අවසන් කිරීමේ තීරණයක

ජනාධිපති කොමිසමක් සමලිංගික අයිතිය පිළිගනී!

සමරිසි ප්‍රජාවට උමාරියාගේත් සහාය! - හර්ෂත් කතාකරයි

'සමරිසි ප්‍රජාවට වෙනස් කොට සැලකීම අවසන් කළ යුතුයි' - හරිනී

සමරිසි ප්‍රජාවට එරෙහි නීති අහෝසි කරන්න - මහේල

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්