යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේදී සහාය දීමට නම් එම පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, මූලික මිනිස් අයිතිවාසිකම්වලට හා

ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ පනතක් නොවන බවට අධිකරණ අමාත්‍යවරයා සහතිකයක් ලබාදිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පැවසීය.

විශේෂයෙන්ම මෙම පනතේ ත්‍රස්තවාදී ක්‍රියාවක් යන්න අර්ථකථනය කර ඇති ආකාරය ව්‍යාකූල බැවින් ඒ පිළිබඳව පැහැදිලි අර්ථකථනයක්ද අත්‍යවශ්‍ය බව සාගර කාරියවසම් සඳහන් කළේය.

මෙම ඉල්ලීම් ඉටුවන තෙක් ප්‍රතිත්‍රස්ත පනත මැතිසබයට නොගෙනෙන ලෙසද තමන් රජයෙන් ඉල්ලා සිටින වගද මහ ලේකම්වරයා වැඩිදුරටත් කීය.


''විවේචන නොකර සංශෝධන සදහා යෝජනා ඉදිරිපත් කරන්න'' - අධිකරණ ඇමති

මේ අතර අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ පවසන්නේ, ත්‍රස්තවාදය වැළැක්වීම ගැන අපිට උගන්වන ඇතැම් රටවල  ත්‍රස්ත පනත් ඉතා ප්‍රබල බවයි. එහෙයින්, ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත පිළිබදව විවේචන නොකර සංශෝධන සදහා යෝජනා ඉදිරිපත් කරන ලෙස ඔහු ඉල්ලා සිටියි.

ලබන 25 හෝ 26 වැනිදා ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ඔහු කියා සිටියේය.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, විජයදාස රාජපක්ෂ එම කාරනා සඳහන් කර සිටියේ, නව ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ඇතුළු ඉදිරියේදී ගෙන ඒමට නියමිත පනත් කෙටුම්පත් පිළිබදව සියම් මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ අති පුජ්‍ය මහානායක තිබ්බටුවාවේ සිද්ධාර්ථ සුමංගල මහානායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය දැනුවත් කිරීම සදහා උන් වහන්සේලා බැහැදැකීමට පෙරේදා (21) පැමිණි අවස්ථාවේදීය.

wr

wr 2wr 3

ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය , ඉන්දියාව වැනි රටවල්වල අපේ රටට වඩා ප්‍රබල ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් පවතින නමුත් ඇතැම් විදේශිය රටවල් මානව හිමිකම් සුරක්ෂිත කරන ආකාරය හා ත්‍රස්ත විරෝධි පනත් පිළිබදව අපිට ඉගැන්වීමට කටයුතු කරමින් සිටින බවත්, ලෝකයම පිළිගත් ආකාරයේ පිළිගත් ක්‍රමවේදයන් අනුව නව ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත සකස් කර ඇති බවත්, අධිකරණ අමාත්‍යවරයා සදහන් කළේය.

නව ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත මගින් වෘත්තිය සමිති අයිතිවාසිකම්, මාධ්‍ය අයිතීන්, අරගල වැනි දේ මර්දනය වන බවට පවසමින් ඇතැම් පිරිස් ජනතාව මුළාවට පත් කරමින් සිටින බවත්, නව පනත් කෙටුම්පත පිළිබදව විවේචන කරනු ලබන පිරිස් ඇතුළත් විය යුතු සංශෝධන පිළිබදව යෝජනා ඉදිරිපත් නොකරන බව ද අධිකරණ අමාත්‍යවරයා පැවසීය.

 

නව ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේ මුලික අරමුණ වුයේ ජනතාවගේ ජීවිත දේපල අයිතිවාසිකම් හා රටේ භෞමික අඛණ්ඩතාවය ස්වෛරීත්වය සුරක්ෂිත කිරීමට වන අතර ඇමෙරිකානු, බ්‍රිතාන්‍ය වැනි විදේශිය රටවල් වල සංවිධානාත්මක අපරාධ කිරීම සමුහ ස්ත්‍රී දුෂණ වැනි ක්‍රියාවන් සදහා ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දඩුවම් ලබා දෙන බව ද අමාත්‍යවරයා සදහන් කරන ලදී.

 

නව පනත් කෙටුම්පත පිළිබදව විවේචන චෝදනා එල්ල කරමින් කටයුතු නොකර සිදු කළ යුතු සංශෝධන පිළිබදව වු යෝජනා ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටින බව සදහන් කළ අධිකරණ අමාත්‍යවරයා, රැදවුම් නියෝග සම්බන්ධව නියෝජ්‍ය පොලිස්පතිවරයාට හා මහෙස්ත්‍රාත්වරයාට ලබා දී ඇති බලය පිළිබදව එකග නොවන්නේ නම් එම බලතල ආරක්ෂක අමාත්‍යවරයා සතුවම තැබිය හැකි යැයිද පැවසීය.

 

ලොව ප්‍රබල රටවල් වන ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය වැනි රටවල පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ දැඩි නීති රිතී පිළිබදව විවේචන ඉදිරිපත් නොකරන ක්ෂමා සංවිධානය වැනි ජාත්‍යන්තර සංවිධාන අප වැනි කුඩා රටවල් ගෙන එන මෙවැනි පනත් විවේචනය කිරීම කණගාටුදායක කාරණයක් බව ද අමාත්‍යවරයා මෙහිදී මාධ්‍යවේදීයෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් පැවසීය.

රට විවිධ ආකාරයෙන් කඩා කප්පල් කිරීමට විවිධ පාර්ශව උත්සාහ කරමින් සිටින බැවින් ඒ සදහා කිසිදු ඉඩක් ලබා නොදෙන බව පැවසු අධිකරණ අමාත්‍යවරයා, රජයට අවශ්‍යව ඇත්තේ ජාතින් අතර ජනවාර්ගික සමගිය ඇති කිරීම බව ද මෙහිදී අවධාරණය කළේය.

 

අති පුජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලු දෙනාගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් නව ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත සදහා සංශෝධන ඇතුළත් කිරීමට රජය කටයුතු කරන බවත්, සියලු දෙනාගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් මෙම පනත සම්මත කර ගැනීම සුදුසු බවට මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝ රත්නය අනුශාසනා කළ බව ද අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

 

සියම් මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පුජ්‍ය මහවෙල රතනපාල, සියම් මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ කාරක සංඝ සභික පුජ්‍ය තිබ්බටුවාවේ බුද්ධරක්ඛිත, සියම් මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ කාරක සංඝ සභික පුජ්‍ය තිබ්බටුවාවේ මේධංකර යන නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝ රත්නය හා අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න ද මෙම අවස්ථාවට සහභාගි වුහ.


සබැඳි පුවත් :
ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතට මැදිහත්වන්න - ඇම්නෙස්ටිය අමෙරිකානු ජනපති ගෙන් ඉල්ලයි

ත්‍රස්තවිරෝධී පනත අසාර්ථක ත්‍රස්තවාදය වැළක්වීමේ පනතට වඩා හොඳ ද? - (මහාචාර්ය රොහාන් සමරජීව)

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ලබන 25 වැනි දා පාර්ලිමේන්තුවට - අධිකරණ ඇමති

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ගැන 'සාධාරණ සමාජයේ' ස්ථාවරය මෙන්න

'කුමන්ත්‍රණවලට ඉඩ දිය නොහැකියි' - රාජ්‍ය අමාත්‍ය කනක හේරත්

'ප්‍රතිත්‍රස්ත පනතේ ඇතැම් කරුණුවලට එකඟ විය නොහැකියි' - ඇමති අලි සබ්‍රි

ලංකාව ප්‍රතිත්‍රස්ත පනත ප්‍රතික්ෂේප කළ යුතුයි ! - 'හියුමන් රයිට්ස් වොච්'

ප්‍රතිත්‍රස්ත පනත: අධිකරණ ඇමති ගෙන් සිවිල් සංවිධාන නියෝජිතයින්ට සහතිකයක්

වැළැක්විය යුත්තේ කාගේ ත්‍රස්තවාදයද? - (ගාමිණී වියන්ගොඩ)

'ත්‍රස්ත විරෝධී' නව පනත් කෙටුම්පත කල් දමයි

නව ප්‍රතිත්‍රස්ත පනත ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල තර්ජනයක් ද?

'ත්‍රස්ත විරෝධී' පනත් කෙටුම්පත: නීතීඥ සංගමයෙන් කමිටුවක්

'ලියන කියන දෙයක් ජුනි මාසයට කලින් අවසන් කරනවා නම් හොඳයි' - (කුසල් පෙරේරා)

හෙට ප්‍රමාද වැඩියි. අද ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය හෙට ත්‍රස්තවාදී ක්‍රියාවකි - (රංජිත් හේනායකආරච්චි)


 

JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්