පොහොට්ටුව කියන්නේ යම් ජන කණ්ඩායමක් සහ දේශපාලන මතයක් මිසක් පුද්ගලයන් කීපදෙකෙන් ගේ

කල්ලියක් නොවන 'නිදහස ජනතා සභාව' පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධූරය සහ මහාචාර්ය ජී එල් පීරිස් සම්බන්ධයෙන් සිදුකරන විවිධ මත පල කිරීම් සම්බන්ධව අදහස් දක්වමින්  මහාචාර්ය චරිත හේරත් එබව කියා සිටියේ, නිදහස ජනතා සභාව නාවල ප්‍රධාන කාර්යාලයේ අද (23) පැවති මාධ්‍ය හමුවක දීය.

එහිදී ඔහු තවදුරටත් මෙසේද පැවසිය.

''මේ සම්බන්ධයෙන් සමහර මාධ්‍යවේදීන් මගෙන් විමසීමක් කළා. මේ ගැන කරුණු කීපයක් ප්‍රකාශ කළ යුතුයි.

පළමුවෙන් පොහොට්ටුව කියන්නේ යම් ජන කණ්ඩායමක් සහ දේශපාලන මතයක් මිසක් පුද්ගලයන් කීපදෙකෙන් නෙවෙයි. පසුගිය මැතිවරණවල ජනතාව පොහොට්ටුව අනුමත කළේ එජාපයට විරුද්ධව අපි ඉදිරිපත් කළ දේශපාලන වැඩපිළිවෙළ මිසක් එජාපයට කිහිළිකරුවක් වෙන්න නෙමෙයි. ඒ  නිසා ඒ දේශපාලන මතය පාවා දුන් අයට මොන මහා සභාවක්ද?

දෙවනුව පොදුජන පෙරමුනේ ව්‍යවස්ථාව කියල නිත්‍යානුකූල එක මැතිවරණ කොමිසමට ඉදිරිපත් කරල තියෙන්නේ. ඒකේ විදියට මිසක් fake constitution වලට අනුව මහා සභා තියන්නේ කොහොමද? මහා සභාවේ සංයුතිය මොකක්ද කියලවත් ඒකේ කියල නැහැ. ඉස්සරවෙලා කරන්න තියෙන්නේ ඒක තීරණය කරන්න සභාපති ඇතුලු නිළධාරි මණඩලය තීරණයක් ගන්න එක. අලුත් සභාපති කෙනෙක් තෝරන්න වෙන්නෙත් තියෙන නීත්‍යානුකූල ව්‍යවස්ථාවට අනුව මිසක් fake ව්‍යවස්ථාවට අනුව නෙවෙයි. මේ මහා සභාව කියන්නෙම ව්‍යවස්ථා විරෝධී එකක් කියල ජී එල් පීරිස් මැතිතුමා කියල යැව්වේ ඒ නිසා.

තුන්වෙනුව දේශපාලන පක්ෂයක් කියන්නේ කාගෙවත් backyard එකක් නෙවෙයි. ර්ට කියන්නේ backyard එක කියල හිතාගෙන වැඩ කරන්න ගිහින් රටේ පාලනය වික්‍රමසිංහ මහතාට දී යන්න වුනා. පක්ෂය කියන්නේ backyard එක කියල හිතාගෙන මේ කරන වැඩ නිසා පක්ෂයත් කාටහරි දීල යන්න වෙයිද දන්නේ නැහැ. එහෙම නොවේවා කියල පතනවා.

 

පොහොට්ටුවේ සභාපති ධුරය හිමිනමකට - ජී.එල්. නඩු මඟට !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහා සභා රැස්වීමේදී නව සභාපති වශයෙන් ජේෂ්ඨ මහාචාර්ය උතුරාවල ධම්මරතන ස්වාමීන්වහන්සේ පත්කර ගනු ලැබුබව එම පක්ෂය ඊයේ (22) නිවේදනය කළේය.

එම රැස්වීම බත්තරමුල්ල, නෙළුම් මාවත, පක්ෂ මූලස්ථානයේදී පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පෙරවරුවේ පැවැත්වීණි.

 මෙම මහා සභා රැස්වීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව නිලධාරි මණ්ඩලය පත් කර ගැනීම සිදු කෙරුණු අතර ඒ අනුව නව සභාපතිවරයෙක් තෝරා ගෙන ඇත. සෙසු හිටපු නිලධාරීහු නැවත එම තනතුරුවලට පත්ව තිබේ.

පක්ෂයේ නව සභාපති වශයෙන් පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමිපාණන් වහන්සේ මහසභාවේ ඒකත් ඡන්දයෙන් පත්කර ගත්බව එම පක්ෂය විසින් නිකුත්කළ නිවේදනයක සඳහන් වේ.

 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරංචිමාර්ග සඳහන් කරන පරිදි මෙම මහා සභා රැස්වීම පැවැත්වීමට පළමුව කටයුතු යොදා තිබුණේ අ‍ප්‍රේල් මස පළමු සති අන්තයේදීය. ඊට පොහොට්ටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් ටද පක්ෂය විසින් ආරාධනා කර තිබුණි.

මෙම ආරාධනාව සම්බන්ධයෙන් සිය නීතීඥ සමාගම හරහා පොහොට්ටුවේ මහ ලේකම්වරයාට ලිපියක් එවීමට ජී.එල්. පීරිස් කටයුතු කළේය.

''ප්‍රමාණවත් දින ගණනක් මට ලැබුණෙත් නැහැ. මහා සභාවේ න්‍යාය පත්‍රය ලැබුණෙත් නැහැ. ඒ නිසා මේ මහා සභා රැස්වීම පවත්වන්න එපා. මේ රැස්වීම් පැවැත්වූවත් මම නීතිමය පියවර ගන්නවා.'' අප ආරංචිමාර්ග සඳහන් කරන පරිදි එම ලිපියේ සඳහන් වූයේ එවන් අදහසකි.

කෙසේ තවත් මේ පිළිබඳ වෙනත් ආරංචියක් අප වෙත ලැබුණි. ඒ අනුව පොහොට්ටුව ජී.එල්. පීරිස් ට යෝජනා කර තිබුණේ මහා සභාව රුස්වූ පසුව, ඒ සඳහා සහභාගී වී සභාපති ධුරය සඳහා තරග කරන ලෙසටයි. ඒ අනුව මහා සභා රැස්වීම හරහා නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීම පොහොට්ටුවේ අරමුණ විය.

ඒ අතරතුර දේශපාලන  කරළියේ තිරයේ පිටුපස කතාබහට ලක්වූයේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහ සභාවට කැඳවා සභාපති තරගයේදී පරාජය කොට ඉවත් කිරීම පොහොට්ටුවේ සැලසුම් කරන බවයි. මහාචාර්ය ජී.එල්. පීරිස්  මෙම ලිපිය යොමු කළේද එම ආරංචිය හේතුවෙන් බව තවත් පිරිසක් සඳහන් කළහ.

කෙසේ හෝ මෙම සිදුවීම් පෙළ හේතුවෙන් අප්‍රේල් පළමු සතියේ පැවැත්වීමට තිබූ පොහොට්ටුවේ මහා සභා රැස්වීම කල් ගියේය. ඒ අනුව සිංහල අලුත් අවුරුද්දෙන් පසුව නැවත මහා සභාව කැඳවීමට පොහොට්ටුවේ නායකයෝ තීරණය කළෝය.

පොදුජන පෙරමුණ ආරංචි මාර්ග සඳහන් කළේ මෙවර දින දහයකට පෙරාතුව, න්‍යාය පත්‍රයද සමඟ පොහොට්ටුවේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් ට අදාළ දැනුම්දීම් සිදු කළ බවයි.

එහෙත් මෙවර දින කිහිපයක් නිහඬව සිටි ජී.එල්. පීරිස් සිය නීතීඥ සමාගම හරහා පොහොට්ටුවේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර තිබිණ.

''මේ ලිපියේ මහා සභාව, කියන වචනය අන්තර්ගත වෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ව්‍යවස්ථාවේ එවැනි වචනයක් නැහැ. එම නිසා මහා සභාව නමින් රැස්වීම කැඳවීම නීති විරෝධී. එම නිසා මම නීතිමය පියවර ගන්නවා.''

පොහොට්ටුවේ ආරංචිමාර්ග සඳහන් කරන පරිදි මෙවර එල් පීරිස් ගේ ලිපියේ අන්තර්ගතව ඇත්තේ එබඳු අදහසකි.

කෙසේ වෙතත් මේ වනවිට දැනගැනීමට ලැබෙන පරිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහලේකම් සාගර කාරියවසම් සිය නීතිඥවරුන් හරහා මෙම ලිපියට පිළිතුරු ලිපියක් යවා තිබිණ.

''මැතිවරණ ආඥා පනතේ දේශපාලන පක්ෂ සම්බන්ධව සඳහන් වෙනවා, හැම පක්ෂයක්ම වසරකට වරක් මහ සභාව කැඳවලා නිලධාරී මණ්ඩලයක් පත්කර ගතයුතු බව. ඒ අනුව තමයි මම මහා සභාව කියන වචනය මේ ලිපියට ඇතුළත් කළේ.'' පොහොට්ටු විසින් යොමු කළ ලිපියේ අන්තර්ගතව ඇත්තේ එවැනි අදහසකි.

කෙසේවුවද ඊයේ පැවති රැස්වීමේදී නව සභාපතිවරයකු පත්කරගෙන ඇති අතර මහචාර්ය ජී එල් පිරිස් නඩු මගට යාමට තීරණය කර ඇත.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්