පොලිස්පතිවරයාට හා පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ (SIU) අධ්‍යක්ෂවරයාට

අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝගයක් ලැබී ඇතිබව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

කොළඹ පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.එස්. වික්‍රමසිංහ හා උප පොලිස් පරීක්ෂක තුසිත කුමාර යන නිලධාරීන් පොලිසියේ අභ්‍යන්තර විමර්ශනයකට අදාළ සාක්ෂිකරුවන් දෙදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා දැනටමත් තම දෙපාර්තමේන්තුව මගින් අධිකරණයේ පවරා ඇති එම නිතිකෘත්‍යයේ 1 සැකකරු සනත් අබේගුණවර්ධන ට අයත් උණවටුන, යද්දෙහිමුල්ලේ පිහිටි 'හැපී බනානා' නමැති හෝටලය නීතියට හා අපරාධ විමර්ශනයේ විනිවිදභාවයට පටහැනිව භාවිතා කරමින්, මෙම අපරාධ විමර්ශනයට බලපෑම් වන ආකාරයට ක්‍රියාකළ බවට හා එහිදී මෙම නීති කෘත්‍යයේ ප්‍රධන සාක්ෂිකරුවන් බවට සඳහන් කර ඇති මාතර ශෂික දිල්හාන් සහ දන්නන්ගොඩ ගමගේ ප්‍රදීප් ප්‍රියන්ත යන දෙදෙනා මෙම අපරාධ නීති කෘත්‍යයේ 1 සැකකරු ඉදිරිපිටට කැඳවා ප්‍රකාශ ලබාගැනීමෙන් අපහසුතාවයට හා බියට පත්කළ බවට ඉදිරිපත්ව ඇති කරුණු සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ (SIU) අධ්‍යක්ෂවරයාට අධිකරණය විසින් නියෝගකර තිබේ.

එසේම, ජනරජයේ පොලිස්පතිවරයා තමන්ගේ නියෝග පිළිපැදිය යුතු පහල නිලධාරියකු වන උණවටුන පොලිස්  ස්ථානාධිපතිවරයා වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න යන අයට මෙම අපරාධ විමර්ශනය සම්බන්ධයෙන් සෘජුව හෝ නියමිත ධුරාවලිය ප්‍රකාරව නියෝගයක් නිකුත් නොකර අජිත් ගාල්ලගේ නමින් හඳුන්වා ඇති බාහිර පුද්ගලයකු යොදා ගෙන අනීතික බලපෑමක් කර ඇති බවට ඉදිරිපත්ව ඇති තොරතුරු සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස පොලිස්පතිවරයාට ද අධිකරණය විසින් නියෝගකර තිබේ.

{gallery}Court Oder{/gallery}

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්