පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ

ලේකම් විසින්  කළ අනුමැතියට අදාලව  වහාම ක්‍රියාත්මකවන පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 07 දෙනෙක් ස්ථාන මාරු කිරීමට පොලිස්පති ඩී.සී.වික්‍රමරත්න කටයුතු කර තිබේ.

එලෙස ස්ථාන මාරුවීම් ලබා දී ඇත්තේ එල් එස් පතිනායක, ප්‍රියන්ත වීරසූරිය , එස් සී මැදවත්ත, ඩබ්ලිව් කේ ජයලත් , රන්මල් කොඩිතුවක්කු, අජිත් රෝහණ සහ  එල් කේ ඩබ්ලිව් කේ සිල්වා යන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ටයි.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පොලිස් මූලස්ථානයේ සිට මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසත්, මධ්‍යම පලාත භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය එම තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ හා රථ වාහන ලෙසත් ස්ථාන මරු කර තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.සී මැදවත්ත ජ්‍යෙෂ්ඨ පොලිස්පති සහායක සේවා සහ වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වැඩ බැලීමේ ධූරයේ සිට දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කර යවා ඇති අතර මෙතෙක් දකුණු පළාත භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ එම තනතුරේ සිට නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස මාරු කර යවා ඇත.

මෙතෙක් නැගෙනහිර පළාත් භාරව  සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඩබ්ලියු.බී.කේ ජයලත්ය. ඔහු වයඹ පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිපති ලෙස මාරු කර ඇත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආර්.එල්. කොඩිතුවක්කු වෛද්‍ය සේවා සුභසාක සහ ක්ෂේත්‍ර  බලකා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහායක සේවා ලෙස මාරුකර යවා තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල්.කේ.ඩබ්ලියු.කේ සිල්වා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ හා රථ වාහන සිට වෛද්‍ය සේවා, සුබ සාධක හා ක්ෂේත්‍ර බලකා ලෙස පත් කර ඇත.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ජාවකදී පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ අදහස් හා යෝජන සැලකිල්ලට ගනිමින් ජ්‍යෙෂ්ඨත්වයට අදාල සුදුසුකම් මත මෙම ස්ථාන මාරුවීම් සිදුකල බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

000111

0012

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්