ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ස්ථානමාරුවීම් අනුමත කර ඇති ජාතික පොලිස් කොමිසම, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කොළඹ පොලිස් මුලස්ථානය වෙත තාවකාලිකව කැඳවීමට නිර්දේශ කර ඇතැයි වාර්තාවේ.



පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විසින් කළ අනුමැතියට අදාලව වහාම ක්‍රියාත්මකවන පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 07 දෙනෙක් ස්ථාන මාරු කිරීමට පොලිස්පති ඩී.සී.වික්‍රමරත්න ඊයේ (25) කටයුතු කර තිබිණ.

එහිදී තමන් දකුණු පළාතේ සිට නැගෙනහිර පළාතට වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුකිරීම අනීතික බව ද ඉන් බල අතික්‍රමණයක් සිදුවී ඇති බව ද පෙන්වා දෙන දෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් අමාත්‍යංශ ලේකම්වරයාට හා ජාතික පොලිස් කොමිසමට ඊයේ දිනයේම ලිපියක් යොමුකර තිබිණ.

ඒ පිළිබඳව අවධානය යොමුකල ජාතික පොලිස් කොමිසම විසින් අජිත් රෝහණ ලිපියෙහි සඳහන් කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් කර තීන්දුවක් ලබාදෙන තෙක් ඔහුව කොළඹ පොලිස් මුලස්ථානයට මාරුකර යැවීමට නිර්දේශකර ඇති අතර අනෙකුත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ස්ථාන මාරුවීම් වලට අනුමැතිය ලබාදී ඇත.

කෙසේවුවද නැගෙනහිර බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරය මේවනවිට පුරප්පාඩු වී පවතී.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සංඛ්‍යාව 07 කි. එල්.එස්. පතිනායක, ප්‍රියන්ත වීරසූරිය, එස්.සී මැදවත්ත, ඩබ්ලිව්.කේ ජයලත්, රන්මල් කොඩිතුවක්කු, අජිත් රෝහණ සහ එල්.කේ.ඩබ්ලිව්.කේ සිල්වා එම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වේ.


සබැඳි පුවත් :

'පුලුවන්නම් මාරු කරන්න' - අජිත් රෝහණ, මහජන ආරක්ෂක ලේකම්ගෙන් 'ගේම' ඉල්ලයි

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 7 දෙනෙකුට වහාම ස්ථාන මාරු


JW

 
logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates