ආණ්ඩු විරෝධීන් මර්දනයට ගෙන එන නව ත්‍රස්ත පනතට හා දෙමළ උරුමය අහිමි කරන ආකාරයෙන් බලහත්කාරී

සිංහල බෞද්ධකරණයට එරෙහිව උතුරු නැගෙනහිර පලාත්වල දියත් කෙරුණු හර්තාල් ව්‍යාපාරය සාර්ථක වී  තිබේ.

රස්ත මර්දන පනත (ATA) ට සහ "සැලසුම් සහගත වර්ග සංහාරයක් සිදුකිරීමේ සහ දෙමළ ජනයාගේ ස්වයං තීරණ අයිතිය අහිමි කිරීමේ ජාතිවාදී ශ්‍රී ලංකා රාජ්‍යයේ ක්‍රියාවලට” හර්තාලයෙන් විරෝධය දක්වන බව සංවිධායකයෝ ප්‍රකාශ කළහ.

දෙමළ දේශපාලන පක්‍ෂ හතක් මුල්වී දෙමළ හා මුස්ලිම් බහුජන සංවිධාන විසින් ඊයේ [25] කැඳවා තිබු හර්තාල් ව්‍යාපාරය හේතුවෙන් උතුරු නැගෙනහිර පළාත් වල දිස්ත්‍රික්ක රැසක කඩ සාප්පු, පාසැල්, ගොවිපල හා කම්හල්,  ගමනා ගමන සේවා නවතා දමා  ජනතාව ආණ්ඩුවට එරෙහිව සිය විරෝධය දැක්වූ බව එම ප්‍රදේශවල වාර්තාකරුවෝ පවසති.

යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වව්නියා හා මන්නාරමේ ජනතාව හර්තාලයට සහාය දැක්වීම නිසා ආණ්ඩුවේ කාර්යාල හා දෙපාර්තමේන්තු විවෘතව තිබුන ද ඒවා ජන ශුන්‍ය ප්‍රදේශ බවට පත්ව ඇත.

නැගෙනහිර පළාතේ මාධ්‍යවේදීන්  වාර්තා කරන පරිදි අම්පාර දිස්ත්‍රික්කය හැරුණු විට ත්‍රිකුණාමලය හා මඩකළපුව දිස්ත්‍රික් දෙකේ  හර්තාල් ව්‍යාපාරය සාර්ථකවී තිබේ.

හර්තාලයට සහාය පිණිස වසා දැමුණු වෙළඳ සල් වීඩියෝ කරමින් සහ ඒවායේ හිමිකරුවන් ගැන තොරතුරු එකතුකරමින් මුලතිව් නගරයේ සැරිසැරූ රජයේ හමුදා ඔත්තුකරුවන් රැසක් දක්නට ලැබුණු බව වන්නි මාධ්‍යවේදියෝ පවසති.

කිලිනොච්චි මාධ්‍ය සමාජය පෙන්වා දෙන්නේ ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිත නව ත්‍රස්ත පනත දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළක්වීමේ පනතටත් වඩා භයානක බවයි. ඒ මගින්  දැනට පවතිනවාටත්  වඩා මාධ්‍ය නිදහසට බලපෑමක් එල්ලවෙන බව ද  කිලිනොච්චි මාධ්‍ය සමාජය පවසයි.


උතුරු පළාතේ සියලු මාධ්‍ය සමාජ වල සහභාගිත්වයෙන්  නව ත්‍රස්ත පනතට එරෙහිව  කිලිනොච්චි පොදු වෙළඳ පොළ ඉදිරිපිට එළඹෙන 29 වැනිදා උද්ඝෝෂණයක් පැවැත්වීමට ද තීරණය කර තිබේ.

නව ත්‍රස්ත පනතටත්, දෙමළ ජනයාව පාරම්පරිකව විසු ප්‍රදේශවල සිංහල ජනපද පිහිටුවමින්  ප්‍රදේශයේ ජන සංයුතිය වෙනස් කිරීමටත්, පාරම්පරික හින්දු කෝවිල් විනාශ කර ඒ මත බෞද්ධ විහාර නිර්මාණය කරමින් දෙමළ ජනයාගේ දිගු කාලින ඉතිහාසය විකෘති කිරීමටත්, ආණ්ඩුව ගෙන යන වැඩ පිළිවෙලටත් එරෙහිව සියලු වෙනස් කම් ඉවතලා හර්තාලය සාර්ථකව දියත් කිරීම ගැන යුද්ධය නිසා විදේශ රටවලට පළා ගිය දෙමළ ජනයාගේ සංවිධාන රැසක් ද සිය සතුට පළ කර ඇත.

ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK), දෙමළ ජනතා සන්ධානය (TPA), ප්ලොට්, ඊපීආර්එල්එෆ්, දෙමළ ජාතික පක්ෂය (TNP), ටෙලෝ සහ ජනනායක පෝරාලිගල් කච්චි (DFP) හර්තාලයේ මුලිකත්වය ගෙන කටයුතු කළ පක්ෂ වෙයි.

(සේයා; කනපතිපිල්ලේ කුමනන්)

harthal 1

harthal 2

harthal 3

 

  

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්