ග්‍රන්ථයක් එළිදැක්වීම හරහා මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සිදුකර ඇති චෝදනාවන්

සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව මෙරට අමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් තානාපතිනිය මේ බව ප්‍රකාශ කර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් තානාපතිනිය පවසන්නේ "ප්‍රබන්ධ යැයි සැළකිය යුතු ග්‍රන්ථයක්" හරහා පදනම් විරහිත චෝදනා එල්ලකරමින් අසත්‍ය පතුරුවාහැරීම සම්බන්ධයෙන් තමන් කනගාටුවට පත්වන බවය.

එසේම අමෙරිකාව වසර 75ක ඉතිහාසය පුරා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, ස්වෛරීභාවය සහ සමෘද්ධිය වෙනුවෙන් කළ කැපකිරීම් මෙන්ම ඉදිරියටද පවතවාගෙන යන බව සිය ට්විටර් පණිවුඩයෙන් ඇය වැඩිදුරටත් පවසා තිබේ.

dfgdfr

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන විට රනිල් වික්‍රමසිංහ ව ද අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කළ යුතු බවට අමෙරිකාව සහ ඉන්දියාව තරයේ යෝජනා කර තිබූ බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඊයේ පැවසිය.

ඔහු එබව සඳහන් කලේ ඔහු විසින් රචනා කළ, "නවය, සැඟවුණු කථාව" ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේදීය.

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනියගේ මැදිහත්වීම සම්බන්ධයෙන්ද ඔහු කරුණු රැසක් අනාවරණය කළේය.

 

සබැඳි පුවත :

නවය, සැඟවුණු කථාව : ගෝඨාභය හා රනිල් ඉවත්කරන ඇමරිකාව දුන්න ගේම !

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්