ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සමාලෝචනය සඳහා පත්කළ නීති විශාරද කමිටුව විසින් එහි ඇතැම් වගන්ති හරහා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට නිරීක්ෂණය කර ඇති බව ශ්‍රී ලංකා නීතිඥ

සංගමය පවසයි.

එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

එම පනත අධ්‍යයනය සඳහා මාර්තු 22 වනදා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නීති විශාරදයින්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත්කළේය.

 අදාල පනත් කෙටුපම්තේ වගන්ති අපරාධ යුක්තිය පසදලීමේ ක්‍රමවේදයේ මූලධර්ම උල්ලංඝනය කරන බවත් එය මූලික අයිතිවාසිකම්වලට පටහැනි බවත් කමිටුව නිර්දේශ කර තිබේ.


ඒ අනුව එහිදී අනාවරණය වී ඇත්තේ පනත් කෙටුම්පතේ  3,4,10,11,13,14,15,16,28,30,31,36,82,83, 84,85, සහ 86 යන වගන්ති අපරාධ නීති සංග්‍රහයේ මූලධර්ම උල්ලංඝනය කරන බවය.

එසේම එම වගන්ති හරහා කතා කිරීමේ නිදහස, රැස්වීම, සංගමය, රැකියාවක් සිදුකිරීම සහ සංචරණ නිදහස වැනි මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවටද නිරීක්ෂණය වී ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් පවසයි.

අදාළ කමිටුව විසින් නිරීක්ෂණය කර ඇති මෙම කරුණු සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණ අමාත්‍යාංශය සහ අනෙකුත් සියලුම පාර්ශවකරුවන්ට කරුණු දැක්වීමක් සිදුකිරීමට නියමිත බවද එහි සඳහන්ව ඇත.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ සංශෝධනයකින් තොරව කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යය පත්‍රයට ඇතුළත් කළහොත් එය අභියෝගයට ලක් කිරීමටද කටයුතු කරන බවය.



සබැඳි පුවත් :

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතට මැදිහත්වන්න - ඇම්නෙස්ටිය අමෙරිකානු ජනපති ගෙන් ඉල්ලයි

ත්‍රස්තවිරෝධී පනත අසාර්ථක ත්‍රස්තවාදය වැළක්වීමේ පනතට වඩා හොඳ ද? - (මහාචාර්ය රොහාන් සමරජීව)

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ලබන 25 වැනි දා පාර්ලිමේන්තුවට - අධිකරණ ඇමති

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ගැන 'සාධාරණ සමාජයේ' ස්ථාවරය මෙන්න

'කුමන්ත්‍රණවලට ඉඩ දිය නොහැකියි' - රාජ්‍ය අමාත්‍ය කනක හේරත්

'ප්‍රතිත්‍රස්ත පනතේ ඇතැම් කරුණුවලට එකඟ විය නොහැකියි' - ඇමති අලි සබ්‍රි

ලංකාව ප්‍රතිත්‍රස්ත පනත ප්‍රතික්ෂේප කළ යුතුයි ! - 'හියුමන් රයිට්ස් වොච්'

ප්‍රතිත්‍රස්ත පනත: අධිකරණ ඇමති ගෙන් සිවිල් සංවිධාන නියෝජිතයින්ට සහතිකයක්

වැළැක්විය යුත්තේ කාගේ ත්‍රස්තවාදයද? - (ගාමිණී වියන්ගොඩ)

'ත්‍රස්ත විරෝධී' නව පනත් කෙටුම්පත කල් දමයි

නව ප්‍රතිත්‍රස්ත පනත ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල තර්ජනයක් ද?

'ත්‍රස්ත විරෝධී' පනත් කෙටුම්පත: නීතීඥ සංගමයෙන් කමිටුවක්

'ලියන කියන දෙයක් ජුනි මාසයට කලින් අවසන් කරනවා නම් හොඳයි' - (කුසල් පෙරේරා)

හෙට ප්‍රමාද වැඩියි. අද ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය හෙට ත්‍රස්තවාදී ක්‍රියාවකි - (රංජිත් හේනායකආරච්චි)

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්