දෙමළ ජනතාව විනාශ මුඛයට ඇද දමමින් සිටින ආණ්ඩුවට විදේශාධාර දෙන්නේ තවත් යුද ගැටුමකට

දැයි උතුරේ දෙමළ දේශපාලනඥයකු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ප්‍රශ්න කරයි.

ඉලංගෙයි තමිල් අරසු කච්චි නියෝජනය කරන වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් ඊයේ [26] පාර්ලිමේන්තුවේදී පැවසුවේ, දෙමළ ජනයා වෙසෙන ප්‍රදේශ අත්පත් කරගනිමින් ලංකාවෙන් දෙමළ ජාතිය පිටමං කිරීමට ක්‍රියා කරන ආණ්ඩුවට අරමුදල් ලබා දීම මගින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ද ඊට සහයෝගය ලබා දෙනවාද යන්න සැක කටයුතු බවයි.

''රාජ්‍ය හමුදා විසින් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදහන් කළවුන්ට හා රාජ්‍ය හමුදාවන්ට බාර දීමෙන් පසු අතුරුදහන් කළවුන්ට මෙතෙක් යුක්තිය ඉටු වෙලා නැහැ. දෙමළ ජනයාගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගන්නවා. නැත්නම් ආක්‍රමණය කරනවා ආණ්ඩුව මේ සියල්ලම කරමින් ඉද්දි තමයි IMF  ආධාර ලබා දෙන්නේ,'' යැයි ශ්‍රීධරන් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

 ඔහු මේ බව කියා සිටියේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් ලංකාවට ණය සහන ලබා දීම ගැන පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින්.

'' මුල්‍ය සහන යටතේ ලංකාවේ ආර්ථිකය ගොඩනගා ගැනීමෙන් පස්සේ දෙමළ ජනයාව තවදුරටත් විනාශය කරා ගෙන නොයන බවට IMF සහතිකයක් දෙන්න ඕනා. ''

ජාත්‍යන්තරයෙන් ණය ආධාර ලබා ගෙන දශක ගණනාවක් පුරා දෙමළ ජනයාට එරෙහිව ගෙන ගිය යුද්ධයේ ප්‍රතිපලයක් ලෙස රට මෙවැනි ආර්ථික අගාධයකට වැටුණු බව අමතක නොකළ යුතු බවද ශ්‍රීධරන් මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්