නවීන තොරතුරු තාක්ෂණය භාවිතා කර කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා වූ ඉදිරි වැඩපිළිවෙල මාසයක් තුළදී ඉදිරිපත් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පොලිස් දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී තිබේ.



පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරීක්ෂාව සඳහා ශ්‍රී ලංකා පොලීසිය රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට කැඳවූ අවස්ථාවේ එහි සභාපති ලසන්ත අලගියවන්න විසින් මෙම දැනුම්දීම සිදුකළ බවය.

ඒ සඳහා ‍මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍යාංශයේ ලේකම්වරයා, පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් රැසක් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට අවස්ථාවට කැඳවා තිබුණි.

 

වැඩිදුරටත් වාර්තා වන්නේ පොලිස් දෙපාර්තමේන්තුව මීට පෙර 2016 වසරේදී කෝපා කමිටුව හමුවට කැඳවා තිබූ අවස්ථාවේදී මේ සම්බන්ධ නිර්දේශයක් ලබා දී තිබුණ ද තවමත් එය ක්‍රියාත්මක නොවීම පිළිබඳ මෙහිදී ප්‍රශ්න කර ඇති බවය

 

මෙහිදී අදහස් දක්වමින් පොලිස්පතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා පොලීසිය සඳහා තනි තොරතුරු තාක්ෂණ පද්ධතියක් සැකසීම අපහසු බැවින් කොටස් වශයෙන් තොරතුරු තාක්ෂණ පද්ධති හදුන්වා දීමට පියවර ගන්නා බවය.

ඒ අනුව පැමිණිල්ලක් ලබා දීමේ සිට අධිකරණ කටයුතුවල තත්ත්වය දක්වා විස්තර ලබා ගත හැකි නව නියමු ව්‍යාපෘතියක් මේ වන විට හැටන් සහ නුවරඑළිය පොලිස් ස්ථාන ආශ්‍රිතව ක්‍රියාත්මක බව ද පොලිස්පතිවරයා එහිදි පෙන්වාදී තිබේ.


(adaderana.lk)


JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්