ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනා සම්මතයට අදාළව අද (අප්‍රේල් 28) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීම සිදු විය.

එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 120ක් ලකුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 25ක් පමණි.

ඒ එච් එම් ෆවුසි, දුමින්ද දිසානායක, නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කළ අතර

සමගි ජන බලවේගයේ සෙසු සියලු මන්ත්‍රීවරු සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු ඡන්දය විමසන අවස්ථාවේදී සභාගර්භයේ සිටියේ නැත.

යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණ, නිදහස ජනතා සන්ධානය සහ උත්තර ලංකා සභාගයයි.

ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත විය.

JW

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates