රාජ්‍ය ආයතන 52ක මේ වසරේ සමස්ත අලාභය රුපියල් බිලියන 1,100ක් දක්වා ඉහළ යනු ඇතැයි ගණන් බලා ඇති බව

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි හා ඉලක්ක කඩිනමින් සපුරා ගැනීමේ අවශ්‍යතාවක්ද මේ මොහොතේ පැන නැගී ඇති බවයි.




මේ වසරේ ගත වූ මුල් මාස 3දී විදෙස් ප්‍රේෂණ ලැබීම් සියයට 80කින් ඉහළ ගොස් ඇති බව ද  මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසිය.

ඔහු කියා සිටියේ ආනයන වියදමද සියයට 37කින් අඩු කරගෙන ඇති බවයි.



මේ අතර රැකියා සඳහා විදේශගතව සිට නැවත මෙරටට පැමිණෙන විගමණික ශ්‍රමිකයින් සඳහා අතිරේක තීරුබදු සහන ලබා දීමටද රජය තීරණය කර ඇත.

ඒ අනුව, අමෙරිකානු ඩොලර් 600 සිට අමෙරිකානු ඩොලර් 4,800ක් දක්වා අතිරේක තීරුබදු දීමනාවක් සඳහා ඉල්ලුම් කිරීමට ශ්‍රමිකයින්ට අවස්ථාව ලබා දී තිබීම විශේෂත්වයකි.


(nethnews.lk)

 

 

JW

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates