පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසිට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.


ඊයේ පාර්ලිමේන්තුවේදී IMF යෝජනාවලියට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් එම තීරණය ගෙන ඇත.

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි IMF ගිවිසුමට පක්ෂව ඡන්දය ලබාදීම පක්ෂ තීරණයට පටහැනි බවය.

 පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව මෙසේ තීරණාත්මක ඡන්දය විමසීමක් සිදුකරන අවස්ථාවන්හිදී තම පක්ෂයේ සංවිධායක විසින් එම කාරණය අවදාරණය කරමින් ආණ්ඩුවේ සියලුම මන්ත්‍රීවරුන්ට 'ත්‍රී ලයින් විෆ්' ( three-line whip) දැනුම්දීමක් සිදුකරනු ලබයි.  ෆවුසි මන්ත්‍රීවරයා විසින් සිය ඡන්දය ආණ්ඩුවට පක්ෂව පාවිච්චිකර ඇත්තේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් IMF යෝජනාවට පක්ෂව ඡන්දය නොදෙන ලෙස දන්වා 'ත්‍රී ලයින් විෆ්' එකක් නිකුත්කර තිබියදීය.


මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වීමේ අරමුණින් සමගි ජන බලවේගය පක්ෂයේ මුජිබර් රහුමාන් පසුගිය දා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ ඒ.එච්.එම් ෆවුසි දිවුරුම් දෙනු ලැබිය.

(මුලාශ්‍රය -lankadeepa.lk)


සබැඳි පුවත් :
නාමල් ඡන්දය වර්ජනය කරයි ! - IMF යෝජනාවට ඡන්දෙ දීපු හා නොදීපු මන්ත්‍රීවරු

JW

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

ඇඩ්වර්ටයිසිං ලෝකය