යෝජිත කැබිනට් මණ්ඩල සංශෝධනය දින නියමයක් නොමැතිව කල් ගොස් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.



ඒ සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම දැඩි ලෙස කලකිරීමට පත්ව ඇති බවද එම ආරංචිමාර්ග වලින් පැවසේ.

ඇමති මණ්ඩල සංශෝධනයක් සිදු වන බවට දින වකවානුද සහිතව පසුගිය කාලය පුරා විවිධ ආරංචිපැතිර ගිය අතර, පොහොට්ටුවේ මන්ත්‍රීවරුද ඒ පිළිබඳව දැඩි ලෙස බලාපොරොත්තු ඇතිව සිටියහ.

මේ අතර ඇමතිධුර ලබා දිය යුතු පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයක් ද එම පක්ෂයේ නායකයන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත මීට මාස ගණනාවකට පෙර යවනු ලැබීය.

කෙසේවුවද ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසන්නේ ඉදිරියේදී ජනාධිපතිවරණයක් පැවැත්වෙන තෙක් කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු නොවීමට බොහෝදුරට ඉඩ ඇති බවයි.


රනිල් සිංහල භාෂාවට අලුත් පිරුලක් එකතු කරයි !


කිසිදා සිදු නොවන දෙයක් හැඳින්වීමට මෙතෙක් සිංහල භාෂාවේ යොදාගත් සුප්‍රකට පිරුළ වූයේ ‘‘බාලගිරිදෝෂය වගේ’’ යන්නයි. නමුත් මේ වන විට එය වෙනස් වී කිසිදා සිදු නොවන දෙයක් හැඳින්වීමට ගැළපෙනම පිරුළ වී ඇත්තේ ‘‘රනිල්ගේ කැබිනට් සංශෝධනය වගේ’’ යන්න බව දේශපාලන ලෝකය තුළ කතා බහ වේ. ඒ තරමටම මේ වන විට යෝජිත කැබිනට් සංශෝධනය විහිළුවක් වී තිබේ.

පසුගිය දවසක මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පෝස්ටුවක්ද වයිරල් විය. ඉන් කියවුණේ රන්ල්ගේ කැබිනට් සංශෝධනය මේ වන විට අල්ට්‍රා ප්‍රෝ මැක්ස් එකක් වී ඇති බවයි. රනිල් කැබිනට් සංශෝධනය කල් දැමූ ආකාරය පියවරින් පියවර එහි සටහන් තබා තිබුණු අතර රනිල් අවසානයේ දී කැබිනට් සංශෝධනය කරන දිනය ගැනද උපහාසයට නගා තිබුණේ මේ අකාරයෙනි.

‘‘බාලගිරි අල්ට්‍රා ප්‍රෝ මැක්ස් ????

•ජනාධිපති පත්වී සති දෙකෙන් නව කැබිනට් මණ්ඩලය!

•අයවැයට පෙර නව කැබිනට් මණ්ඩලය!

•අයවැය ඡන්දයෙන් පසුව නව කැබිනට් මණ්ඩලය!

•දෙසැම්බර් අවසානයේ නව කැබිනට් මණ්ඩලය!

•ජනවරි මුල් සතියේ නව කැබිනට් මණ්ඩලය!

•පෙබරවාරි අවසානයේ නව කැබිනට් මණ්ඩයල!

•මාර්තු මුල් සතියේ නව කැබිනට් මණ්ඩලය!

•Imf අනුමැතිය ලැබුණු පසු නව කැබිනට් මණ්ඩලය!

•Imf පළමු ණය වාරිකය ලැබුණු පසු නව කැබිනට් මණ්ඩලය!

ඊට පස්සෙ ??

•ඉර මීන රාශියෙන් මේෂ රාශියට ගිය පසු නව කැබිනට් මණ්ඩලය!

•වෙසක් පොහොයට පෙර නව කැබිනට් මණ්ඩලය!

•පොසොන් පොහොයෙන් පසු නව කැබිනට් මණ්ඩලය!

•දළඳා පෙරහරෙන් පසුව නව කැබිනට් මණ්ඩලය!*

•2024 අයවැය ඡන්දයෙන් පසුව නව කැබිනට් මණ්ඩලය!

•නත්තලට පෙර නව කැබිනට් මණ්ඩලය!

•Imf දෙවන වාරිකය ලැබුණු පසු නව කැබිනට් මණ්ඩලය!

•පළාත් පාලන ඡන්දයෙන් පසුව නව කැබිනට් මණ්ඩලය!

•2024 අලුත් අවුරුදු උදාවෙන් පසු නව කැබිනට් මණ්ඩලය!

•ජනාධිපතිවරණයෙන් පසු නව කැබිනට් මණ්ඩලය!

•මහ මැතිවරණයෙන් පසු නව කැබිනට් මණ්ඩලය!

•මීළඟ ලෝක විනාශයෙන් පසු නව කැබිනට් මණ්ඩලය පත් කිරීමට රනිල් සූදානම්’’


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්