ජාතික චිත්‍රපට සංස්ථාව මගින් ප්‍රකාශයට පත්කරනු ලබන මෙම ග්‍රන්ථය සුවිශේෂි වන්නේ සිනමා විචාරය පිළිබද ගවේශනාත්මක හා පර්යේෂනාත්මක වූ නවමු මානයන් ශිල්පීයව සහ සංකල්පීයව පාඨකයාවෙත ඉදිරිපත් කිරිමයි.
ඒ සඳහා විමුක්ති ජයසුන්දර අධ්‍යක්ෂණය කළ "අහසින් වැටෙයි" සිනමා කෘතිය පාදක කරගැනිම මෙහි දී වැදගත්ය.
ඉතාලියේ වැනිස් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල නියෝජනය කළ ලාංකේය සිනමාවේ දෙවන චිත්‍රපටය විමුක්තිගේ "අහසින් වැටෙයි " චිත්‍රපටයයි. ඒ වසර 51 කට පසුව ලෙස්ටර්ගේ "නිධානය" ට පසුවයි.

අහසින් වැටෙයි
කතුවරයා වන්නේ දේශපාලන හා සමාජ විශ්ලේෂකයෙකු වූ දීප්ති කුමාර ගුණරත්නයි.

සංස්කෘතිය සහ අප්‍රධාන දේශපාලනය - 2000.
කලාව සහ විසංයෝජනය - 2002.
තනිතටුවෙන් පියාඹන්න - 2003.
අදහස් ගෙට්ටුව ලඟ - 2004.
හිස්ටීරියාව - 2004.
ඉරමැදියම - 2005.
විනෝදය - 2007.
ඇසිඩ් වැස්ස - 2014. යන
දීප්ති විසින් රචිත කෘතින් අතරට එකතු වන නවමු කෘතිය වන්නේ 2023 - " විමුක්තිගේ පැතලි යථාර්ථයයි "
ග්‍රන්ථයේ අන්තර්ගතය
01. දෘශ්‍ය කලාවන් පොදුවේත් චිත්‍රපටය සුවිශේෂවත් දෘශ්‍යත්වය පිළිබඳ මතුකරන ගැටළුව.
02. මහින්දපාලගේ චිත්‍රපට නොකියවීම.
03. එසේ නම් wrong Man සිතනවා යැයි වටහාගැනීම යනු කුමක් ද ?
04. පර්යේෂණ විධික්‍රමය.
05. පන්ති අරගලය ගැන නැවත කියවීමක්.
06. යථාර්ථය පිළිබඳව ගැටළුවට ලැබෙන නූතන දාර්ශනික සන්දර්භයන්.
07. සමපේක්ෂණය සදහා විවේක කාලයක් : අයිසි චොක් කෑමට නිදහස ඇත.
08. විමුක්ති ජයසුන්දරගේ සිනමාව.
09. මධ්‍යම පන්තියේ දෛවය ; අහසින් වැටෙයි.
විමුක්ති ජයසුන්දරගේ "අහසින් වැටෙයි" චිත්‍රපටය මහජන ප්‍රදර්ශනයට මුදාහැරිමට සමගාමීව මෙම ග්‍රන්ථය ද සමාජගත වීමට නියමිතයි.