වෙනත් වසරවල මැයි දිනයේදී හවානා හි විප්ලව චතුරශ්‍රය සාමාන්‍යයෙන් කම්කරුවන්ගෙන් පිරී යයි.
කියුබාවේ කොමියුනිස්ට් රජය මහත් උත්කර්ෂයෙන් පවත්වන සම්ප්‍රදායික මැයි දින පෙළපාලිය මෙවර අවලංගු කර තිබේ.
මේ වනවිට රට තුළ පවතින උග්‍ර ඉන්ධන හිඟය හේතුවෙන් කියුබානු රජය මේ තීන්දුව ගෙන ඇත.
සෑම වසරකම ජාත්‍යන්තර කම්කරු දිනයේදී හවානා හි විප්ලව චතුරශ්‍රය රට පුරා සිට ලක්ෂ සංඛ්‍යාත කම්කරු ජනතාවගෙන් පිරී ඉතිරී යයි.
කොවිඩ් ලෝක වසංගතය නිසා පසුගිය දෙවසර තුළ මැයි දින රැළිය අවලංගු කිරීමට සිදුවුව 1959 විප්ලවයෙන් පසු ආර්ථික හේතූන් මතද කියුබාය මැයි දින සැමරුම් අවලංගු කළ පළමු අවස්ථාව මෙයයි.
පසුගිය සති කිහිපය තුළ කියුබාවේ ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම් ඇති වූ අතර රියදුරන් ඉන්ධන සඳහා බොහෝ විට දින ගණන් බලා සිටියහ.පසුගිය සති කිහිපය තුළ කියුබාවේ ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම් ඇති වූ අතර රියදුරන් ඉන්ධන සඳහා බොහෝ විට දින ගණන් බලා සිටියහ.
මේ මස මුලදී කියුබාවට අවශ්‍ය ඉන්ධනවලින් තුනෙන් දෙකක් පමණක් ලැබෙන බව ජනාධිපති මිගෙල් ඩයස් කැනෙල් ප්‍රකාශ කළ අතර, සැපයුම්කරුවන් ගිවිසුම්ගත බැඳීම් ඉටු කිරීමට අපොහොසත් වීමෙන් මේම අර්බුදය ඇති වූ බව ඔහු පැවසුවේය. .
කියුබාවේ විශාලතම ඉන්ධන සැපයුම්කරු වන වෙනිසියුලාවෙන් උසස් තත්ත්වයේ බොරතෙල් බෙදා හැරීම මෑත වසරවලදී 50% කින් පහත වැටී තිබිණි.
විශ්ලේෂකයින් පවසන්නේ වෙනිසියුලාව දැඩි ආර්ථික ගැටළු වලට මුහුණ දෙමින් සිටින අතර සිය සමාජවාදී මිතුරාට සහනාධාර ලබා දීම වඩ වඩාත් දුෂ්කර වී ඇති බවය.
(lankasara.com)
මුලාශ්‍ර :
Cuba cancels May Day parade because of fuel shortages
Cuba cancels workers’ day parade as severe oil shortages bite
A Cuba Without May Day? Here’s What Happened.