පොහොට්ටුවෙන් ඉවත්ව සංවිධානගත වූ 'උත්තර ලංකා සභාගයේ' මංගල මැයි රැලිය ඊයේ (01) සවස කොළඹ හයිඩ් පිටියේදී පැවැත්විණි.

ඒ, ‘රට විකුණන පරගැති පාලනයට එරෙහි වෙමු!’ යන තේමාව යටතේ ය.

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ධජය යටතේ, එම පක්ෂයට අයත් වෘත්තීය සමිති සාමාජික සාමාජිකයන් පෙළපාළියකින් මැයි රැළිය පැවැති ක්‍රිඩාංගනයට පැමිණියේය.

 

අනතුරුව උත්තර ලංකා සභාගයේ ජාතික සංවිධායක ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ගේ ප්‍රධානත්වයෙන් රැළිය ආරම්භ විය.

 

විජාතික මැදිහත්වීම්වලට, රාජ්‍ය දේපළ විකිණීමට, ඡන්ද කල්දැමීමට, ජනතා මර්දනයට හා සුබසාධන කප්පාදුවට එරෙහිව වැඩ කරන ජනතාව පෙළගැස්වීම අරමුණු කරගත් උත්තර ලංකා මැයි රැලිය අමතා උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, ප්‍රධාන ලේකම්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ, ජාතික සංවිධායක, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, නියෝජ්‍ය සභාපති පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ද අනුශාසක, විජය ධරණී ජාතික සභාවේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි යන පක්ෂ නායකයෝ අදහස් දැක්වූහ.

 

උත්තර ලංකා මැයි රැලියට මැයි දින යෝජනා ඉදිරිපත් කරනු ලැබුවේ එහි විධායක සභික, ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර විසිනි.

මෙහිදී ලක්මව දියණියෝ ජාතික සංවිධානයේ ජාතික සංවිධායිකා, හිටපු පළාත් සභා මන්ත්‍රිනී ප්‍රියංගා කොතලවල ද උත්තර ලංකා මැයි රැලියට සුබ පැතුම් එක් කරනු ලැබුවාය.

 

උත්තර ලංකා සභාගයේ නායක මණ්ඩලය නියෝජනය කරමින් එහි නියෝජ්‍ය ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම්, හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර, එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ, ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්, එම පක්ෂයේ නියෝජ්‍ය ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස, දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ ද වේදිකාවේ අසුන්ගෙන සිටියහ.

 

JW

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

ඇඩ්වර්ටයිසිං ලෝකය