‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනිගැනීමෙන් ශ්‍රී ලංකා වූ හානියට වන්දි ගැනීමට නඩු පැවරීම වැලැක්වීමට දුන්නේ යැයි

කියන මහා පරිමාණ අල්ලස රුපියල් කෝටි 8000 ශ්‍රී ලංකාවේ වාර්ෂික සෞඛ්‍ය වියදමට සමාන බවත්, එවැනි විශාල මුදලක් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වගකීමක් මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ට ඇති බවත් 'නිදහස් ජනතා සන්ධානයේ' විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් අද (2) පැවසීය.

මෙම චෝදනාව විශ්වාසනීය චෝදනාවක් ද, මෙය වියහැකි දෙයක් ද, වියනොහැකි නම් තවත් ප්‍රශ්න මාලාවක් ජනිත වන බව කියන ජී. එල්. පීරිස් මන්ත්‍රීවරයා සඳහන් කළේ, මෙය ගොතපු බොරුවක් නම් එවැනි දෙයක් හෙළි කිරීමට හේතුව කුමක්ද යන ගැටලුව මතු වන බවත්ය.

මෙය සුරංගනා කථාවක් නම් මෙය එළියට දැම්මේ ජනතා අවධානය වෙනතකට යොමු කිරීම සඳහා වියහැකි බවත්, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධිය යට ගසා ජනතා මනස වෙනස් පැත්තකට යොමු කිරීම මෙහි අරමුණ වියහැකි බවත් ඔහු කීය.



''මෙම සිද්ධිය ශ්‍රී ලංකා ජල තිරයේ සිදු වූවා නම් එයට නඩු  දැමිය යුත්තේ ශ්‍රී ලංකා අධිකරණයේ මිසක් සිංගප්පූරු අධිකරණයක නොවේ..''



ශ්‍රී ලංකාවේ නමක් ඇති විදේශකයෙක් වන චාමර ගුණසේකර නැමැත්තෙක්ගේ බ්‍රිතාන්‍යයේ බැංකු ගිණුමකට එම විශාල මුදල බැර කර ඇති බවට චෝදනාව එල්ල වී ඇති බව කී මහාචාර්යවරයා, එංගලන්තයේ බැංකුවකට මුදල් තැම්පත් කිරීමේදී මුදල් විශුද්ධිකරණය සඳහා නීති දැඩිව ක්‍රියාත්මක වන බව ද සඳහන් කළේය.  

සිංගප්පූරුවේ නඩු පැවරීමට ඩොලර් මිලියන ගණනින් මුදල් වියදම් වැය වන බව කී මන්ත්‍රීවරයා, ශ්‍රී ලංකාවේ නඩු නොපවරා සිංගප්පූරුවේ නඩු පැවරීමට නීතිපතිතුමා තීරණය කළේ කුමන හේතුවක් මත ද යන්න හෙළිකළ යුතු බව ද සඳහන් කළේය.

මහාචාර්ය ජී. එල්. පීරිස් මන්ත්‍රීවරයා එම කාරණා සඳහන් කර සිටියේ, නිදහස් ජනතා සභාව විසින් අද (02) කැඳවා තිබු ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.



''සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ යෝජනා ඉවත දමා ඕස්ට්‍රේලියා සමාගමක තීරණ ඔස්සේ නඩු ක්‍රියාමාර්ග ගැනීමට හේතුව නීතිපතිවරයා රටට වහා හෙළි කළ යුතුයි. ''

 

 


සබැඳි පුවත් :
 
 
 
 
'එක්ස්ප්‍රස් පර්ල්' නෞකා සමුද්‍ර දූෂණයට ලංකාවේ නඩු පවරන්න ජාත්‍යන්තර බාධාවක් නැහැ - (CENS)

ගිනිගත් නැවේ වන්දි වලක්වන්න කෝටි 25 පගාව ගත්තේ කව් ද ?

 
 
සමාජ මාධ්‍යවේදී හදුන්ගොඩට එරෙහිව CID විමර්ශනයක්

එක්ස්ප්‍රස් පර්ල් : ගිනිගත් නැවෙන් වන්දි ගන්න සිංගප්පුරු යෑම ලංකාවට අවාසි ද?

මහ සයුරට වස විස එක් කළ 'එක්ස්ප්‍රස් පර්ල්' වන්දිය අහිමි වෙයි ද?

එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දි නඩුව සිංගප්පූරුවට ගෙනයාම සැක කටයුතුයි!

එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දි නඩුව : පාර්ලිමේන්තු කාරක සභාවක අවධානය

එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගැටුම : නඩුව සිංගප්පූරුවට


 
+
 
 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්