ජාතික ජන බලවේගයට සහාය පළ කරමින් අදහස ප්‍රකාශ කිරීමෙන් අනතුරුව තමන්ව අසාදු ලේඛණ ගත කිරීමට ගුවන් හමුදාපතිවරයා ගෙන ඇති තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත්

සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 5 ක වන්දියක් අය කර දෙන ලෙසත් ඉල්ලමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් සංජීව තුයියකොන්තා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (මැයි 02 වැනිදා) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිවරයා, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියා හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.


මේ නිලධාරියා කව් ද?


පෙත්සම්කාර සම්පත් සංජීව තුයියකොන්තා විශ්‍රාමික නිලධාරියා කියා සිටින්නේ තමන් 1988 වසරේ මැයි මස 17 වනදා ශ්‍රී ලංකාව ගුවන් හමුදාවේ නියමු නිලධාරියෙකු වශයෙන් සේවයට එක්ව උතුරු නැගෙනහිර යුද්ධය ඇතුළු මෙහෙයුම් ගණනාවකට සහභාගි වී ඇති බවය.

තම සේවා කාලය තුළ වීරවික්‍රම විභූෂණ, රණශූර ඇතුළු පදක්කම් රාශියක් තමන්ට හිමි වී තිබෙන බවත් පෙත්සම්කරු පවසයි.

 

sampath thiyia

සමාජ මාධ්‍ය ඔස්සේ ලිපියක්..


ඉකුත් මාර්තු මස 10 වනදා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කෙරුණු ලිපියක් මගින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් තමන්ව අසාදු ලේඛනගත කර ඇති බව ප්‍රකාශ කර තිබුණේ යැයි ද පෙත්සම්කරු කියා සිටියේය.

මෙවැනි අසාදු ලේඛන ගත කිරීමක් පිළිබඳව ශ්‍රී ලංකාව ගුවන් හමුදාව විසින් මෙතෙක් තමන්ව දැනුවත් කර නොමැති බවත් තමන් කිසිදු නීති විරෝධී ක්‍රියාවකට සම්බන්ධ වී නොමැති බවත් පෙන්වා දෙන පෙත්සම්කරු මෙවැනි අසාදු ලේඛන ගත කිරීමේ තීරණයක් ගැනීමට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදාව තමාගෙන් කිසිදු නිදහසට කරුණු විමසීමක් සිදු නොකළ බවත් පෙත්සමෙන් චෝදනා කර ඇත.

එමෙන්ම විශ්‍රාමික නිලධාරියෙකු සම්මත පටිපාටිය අනුගමනය කිරීමකින් තොරව අසාදු ලේඛන ගත කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා රෙගුලාසි ප්‍රකාරව ගුවන් හමුදාපතිවරයා හෝ ඔහුගේ නියෝජිත නිලධාරීන්ට බලයක් හිමි වී නොමැති බවත් පෙත්සම්කරු වැඩිදුරටත් සඳහන් කර සිටියි.

 

‘විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකය’ කළඑළි බැසීම.

 

ජාතික ජන බලවේගයේ දේශපාලන වේදිකාවෙහි සිය මතය ප්‍රකාශ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම අසාදු ලේඛන ගත කිරීම සිදු වු බවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පාර්ලිමේන්තුවේ දී සඳහන් කළ බව සිහිපත් කළ පෙත්සම්කරු තමන් කිසිදු අවස්ථාවක ගුවන් හමුදාවේ ගෞරවය හා අභිමානය උල්ලංඝනය කර නොමැති බවත් පෙන්වා දෙයි.

 

මෙම ක්‍රියාව තුළින් ගුවන් හමුදාපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තමන්ව අසාධු ලේඛන ගත කරමින් සිය විශ්‍රාමික වරප්‍රසාද හා අයිතිවාසිකම් අහිමි කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්සිකරු සිය පෙත්සමෙන් ඉල්ලා තිබේ.

ඊට අමතරව සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 5 ක වන්දියක් වගඋත්තරකරුවන් ගෙන් අය කර දෙන ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කරු ඉල්ලා තිබේ.


(BBC සිංහල සේවය)


සබැඳි ලිපි :
බල්සාක් කැෆේ : මිලිටරි උන්මාදයේ දිශානතිය - (මංජුල වෙඩිවර්ධන)

බල්සාක් කැෆේ : නන්දා මාලිනිය උඩඟු ලියක් ද? - (මංජුල වෙඩිවර්ධන)


JW

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්