වර්තමාන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව ත්‍රස්ත විරෝධ පනතක් නිර්මාණය කරමින්

දේශපාලනික හේතුන් මත තම තමන්ට රිසි සේ තමන් හිතන පතන ඕනෑම කෙනෙක් ලක්ෂ 220ක් වූ ජන පරපුර අතුරින් ත්‍රස්තවාදීන් හැටියට අර්ථකථනය කිරීමේ ප්‍රජාතන්ත්‍ර විරෝධි නිහීන අණපනතක් ගෙන ඒමට ආණ්ඩුව ක්‍රියාකරමින් සිටින බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු එබව කියා සිටියේ, මාධ්‍ය නාලිකා ප්‍රධානීන් හා පුවත්පත් කර්තෘවරුන් පිරිසක් අද (03) කොළඹ මැන්ඩරීන් හෝටලයට කැඳවමිනි.

අදට යෙදී ඇති ජාත්‍යන්තර මාධ්‍ය දිනය පාදක කර ගනිමින් පැවැති මෙම හමුවට විපක්ෂයේ නියෝජිතයින් කිහිප දෙනෙකු ද සහභාගිවී සිටියේය.

 

වර්තමානයේ උද්ගතව ඇති දේශපාලනික, ආර්ථික හා සමාජයීය ප්‍රශ්න හමුවේ ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනු ලබන අත්තනෝමතික, වැඩපිළිවෙළට එරෙහිව දැවැන්ත බලවේගයක් ලෙස එක්ව කටයුතු කිරීම උදෙසා විපක්ෂ නායකවරයාගේ මුලිකත්වයෙන් විපක්ෂයේ කණ්ඩායම් රැසක් මුලපුරනු ලැබූ අතර එහි දිගුවක් ලෙස මෙම හමුව සංවිධානය කර තිබිණ.

 

මාධ්‍ය ප්‍රධානීන් සහ පුවත්පත් කතුවරුන් ඇමතු විපක්ෂ නායකවරයා මෙසේ පැවසිය.


''ලොකයේ හැම ක්ෂේත්‍රයකින් ම අංක 1 රට බවට ප්‍රතිනිර්මාණය වේවා'' - සජිත්

PHOTO 2023 05 03 14 20 06

'' අද ජාත්‍යන්තර මාධ්‍ය දිනය යෙදී තිබෙනවා. එවන් සුවිශේෂි ඓතිහාසික දිනයක අපි සතුටු වෙනවා විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ ගණනාවක් ඔබත් සමඟ යම් කිසි සමාජමය ආර්ථිකමය දේශපාලනමය සංවාදයක් කතිකාවතක් ආරම්භ කරලා විශේෂයෙන්ම අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධානම පුරුක් 3 වන විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණයට එකතු වන 4 වැනි ප්‍රධාන කුළුණ තමයි නිදහස් මාධ්‍ය. ඔබ කරන්නා වූ ඓතිහාසික කාර්ය ඇගයීමත් මේ මාධ්‍ය ක්ෂේත්‍රය එකට මුසුකර ගෙන ප්‍රගතිශීලී සංවාදශීලි අදහස් හුවමාරුවක් අද ඇති කර ගෙන තිබෙනවා මේ මොහොතේ.

විශේෂයෙන්ම විවිධ දේශපාලන පක්ෂවලට ඒ ඒ පක්ෂවලට අනන්‍ය වූ චින්තන තිබෙනවා. න්‍යාය තිබෙනවා. නමුත් ජාතික වශයෙන් වැදගත් වන හුදු කාරණා ගණනාවක දී අපට එකතු වීමේ අවස්ථාව අද ඇති වෙලා තිබෙනවා.

උදාහරණයක් ලෙස මාධ්‍ය පාලනය උදෙසා අද රජය පිඹුරු පත් සකස් කරන විකාශන අධිකාරී පනත දැක්විය හැකියි. ඒ හරහා නිදහස් මාධ්‍යයට එල්ලවන මරු පහර ගැන එයට විරුද්ධ වීම ගැන අපේ පොදු මතයක් අදහසක් අප සතුව තිබෙනවා. ඒ වගේම වර්තමාන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව ත්‍රස්ත විරෝධ පනතක් නිර්මාණය කරමින් දේශපාලනික හේතුන් මත තම තමන්ට රිසි සේ තමන් හිතන පතන ඕනෑම කෙනෙක් ලක්ෂ 220ක් වූ ජන පරපුර අතුරින් ත්‍රස්තවාදීන් හැටියට අර්ථකථනය කිරීමේ ප්‍රජාතන්ත්‍ර විරෝධි නිහීන අණපනතට විරුද්ධ වීම ගැනත් අපේ පොදු අවබෝධයක් තිබෙනවා.

ඒ වගේම මෑත කාලයේ මේ රටේ සිදුවූ දැවැන්තම පරිසර හානිය වන එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකය තුළත් බංකොලොත් වූ රටක ඒ මහා ව්‍යවසනයෙනුත් මුදල්ගසා කෑමේ උත්සාහය ව්‍යාර්ථ කරන්න ඒ ආණ්ඩුවේ ඉතාමත්ම ප්‍රතිගාමී වැඩපිලිවෙල වළක්වන්න විපක්ෂයේ අපි එකට එකතු වෙලා තිබෙනවා. මේ කිහිපයක් විතරයි. පොදු කටයුතු කරුණු කාරණා ගණනාවක දි අපිට එක තැනකට එන්න ලැබිලා තිබෙනවා.

අද මේ අවස්ථාව විපක්ෂයේ විවිධ දේශපාලන පක්ෂවලින් ලැබුණු යෝජනාවක් ලෙස ඔබ සියලු දෙනා සමග ධනාත්මක හරාත්මක ගුණාත්මක රටට අගයක් එකතුවන ප්‍රගතිශීලී සංවාදයක නියැලෙන්න. මේ ඇති කර ගන්නා ප්‍රගතිශීලී සංවාදය තුළින් රටට අගයක් එකතු වී ලොකයේ හැම ක්ෂේත්‍රයකින් ම අංක 1 රට බවට ප්‍රතිනිර්මාණය වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා''


''ත්‍රස්ත විරෝධී නව පනතක් අවශ්‍ය නෑ'' -  රවුෆ් හකීම්


මාධ්‍යවේදීන් ඇමතු මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මන්ත්‍රීවරයා, ත්‍රස්ත විරෝධී නව පනතක් අවශ්‍ය නොමැති බවත්, හදීසි නීති විධිවිධාන හොදටම ප්‍රමාණවත් බවත් අවධාරණය කළේය.

''විපක්ෂයේ සිටින පක්ෂ අතරේ සුළු ජන කොටස් නියෝජනය කරන පක්ෂ අතර ත්‍රස්ත විරෝධි පනත ගැන අපේ දැඩි ස්ථාවරයක් තිබෙනවා. මේ ගැන විපක්ෂ නායකතුමා එක්කත් කතා කළා. අපේ ස්ථාවරය නම් ත්‍රස්තවාදය තුරන් කිරීම කියන මාතෘකාව මුල් කර ගෙන රාජ්‍ය නොව රජය ආරක්ෂා කිරීම සදහා විවිධ උපක්‍රම පවතින ත්‍රස්ත විරොධී පනත හරහා බැරි දේ පුළුල් කරන්න උත්සාහ කරනවා. අපි නම් කියා සිටින්නේ අවශ්‍ය වෙලාවට යම් අභියෝගයක් තිබේ නම් ඒ පිළිබද හදිසි නිතිය ප්‍රකාශයට පත් කරලා ඕනෑම පියවරක් ගත හැකියි. එවැනි අවස්ථාවක් තිබිය දී විශේෂ පනතක් හරහා අපේ අපරාධ නීති පද්ධතියම විනාශ වෙනවා. එබවින අපි ඉල්ලා සිටින්නේ දණ්ඩ නීති සංග්‍රහය අපරාධ නීති විධිවිධාන පනත හා සාක්ෂි ආඥ පනත වැනි පනත් හරහා මේවා පාලනය කරන්න පුලුවන් කියලයි අපේ ස්ථාවරය.

මේ ගැන අන්තරය ඇතුළු අනෙකුත් සිවිල් සංවිධාන වෙනමම වේදිකාවක් සාදා ගෙන විවිධ ප්‍රකාශ නිකුත් කරනවා. ඒ ප්‍රකාශ සමග අපි සම්පූර්ණයෙන්ම පක්ෂයි. මේක විශාල අභියෝගයක්. රටක් ලෙස අපරාධ නිති පද්ධතිය විනාශ වෙනවා. ජනතාව මර්ධනය කිරිම සිවිල් සංවිධානවල ක්‍රියාකාරකම් හා මාධ්‍ය ආයතන තහනම් කරන්නත් තිබෙනවා. අපේ ස්ථාවරය තමයි මේකට විරුද්ධවයි. අපිට අවශ්‍ය නෑ.

ඒ වගේම මැතිවරණ සිතියම හකුලාගෙන තිබෙනවා. ඒ එක්කම මේකට සමාන්තරව තිබෙන තවත දෙයක් තමයි සීමා නිර්ණය කොමිසමක් දා ගෙන දගලනවා. ඒ යටතේ පළාත් පාලන ක්‍රමය තුළ ඇති කළ ව්‍යාකුලත්වය තවත් ව්‍යාකුලත්වය කරනවා. ඒක සුලු ජන කොටස්වලට අවධානමක්. මේක ගැන අපි කිව්වත් තාම විසදුමක් නැ. සීමා නිර්ණය කොමිසමේ සභාපතිට දුන් බලතල ගැනත් ප්‍රශ්න තිබෙනවා. මේක දීර්ඝ කාලින ගැටලුවක් ලෙස අපි දකිනවා. අපේ නියෝජනය අඩු වීමේ විශාල ගැටලුවක් මේක. අපි ඉල්ලා සිටින්නේ අවම වශයෙන් පළාත්සබා හෝ තියන්න. පොහොට්ටු අය පවා පක්ෂයි මේකට. ඒත් ආණ්ඩුව විවිධ උප්පරවැට්ටි යොදා ගන්නවා.


''රටේ ප්‍රශ්න ගැන ජනතාව දැනුවත් කරන්න'' - ජී.ඇල්. පීරිස්

PHOTO 2023 05 03 14 20 07 1


'' ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමේ දී මාධ්‍යවේදීන් අතිශය වැදගත්. විපක්ෂ නායකතුමා කිව්වේ මෙය 4 වැනි කුළුණ කියා. පසුගිය මාස කිහිපයේ රටේ සිදු වූ දේවල් ගැන බලද්දි ඔබලාගේ සහයෝගය නැතිව මේ ප්‍රති ත්‍රස්ත පනත ඉවත් කර ගන්න පුළූවන් කමක් නැහැ. ගිය සතියේ අධිකරණ ඇමතිතුමා කිව්වේ දැනට ගේන්නේ නැ කියලා. ඒ කියන්නේ දින නියමයක් නොමැතිව ඉවත්කර ගෙන. මෙය අතිවිශාල ජයග්‍රහනයක්. ඒ සදහා මාධයවේදීන් කළ උදාර වැඩ කොටස නොතිබුණා නම් මේ ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ.

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වන විට එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කතා වෙනවා. මේක මහාපරිමාණ වංචාවක්. මහබැංකුව කැඩීමට සමාන වංචාවක් මේක. මම තරයේ විශ්වාස කරනවා මේ ගැන යම් යම් ප්‍රශ්න නගා ඒවා සමාජයට ඉදිරිපත් කළ යුතු යි. ඒ තුළින් ප්‍රබල ශක්තිමත් මහජන මතයක් ගොඩ නැගෙනවා. ඩොලර් බිලියන 6.4ක් ලැබෙනවා. අයි. එම්. එෆ් එකෙන් ලැබෙනවා වගේ දෙගුණයක්. ඒක ණයක් නොවේ. ජනතාවට අයිති දෙයක්.

මාස 24ක කාලාවරෝදයක් තිබුනත් මාස 23ක් යනකම් නඩු පැවරුවේ නැ. මේක නොසැලකිල්ල නොවේ. ඊට වඩා වෙනත් දෙයක්. මේ ගැන හොයන්න ඕන. ඇයි මේක සිංගප්පූරුවට ගෙනියන්නේ. මේක අපේ රටේ ක්‍රියාත්මක කරන්න බැරි ඇයි. සිංගපපූරුවේ කලෝත විදයම වැඩියි. මේ සම්බන්ධයෙන් උපදෙස් දිය හැකි මීපා සංවිධානය පැහැදිලිව කියනවා මේක ලංකාවේ නඩු පැවරිය යුතු යි කියලා. ඒක ගැන හිතුවේ නැ. ඊට පස්සේ මේකට උපදෙස් දුන්නේ ඔස්ටේ්‍රලියානු සමාගමක් ලු. මම ඒක ගැන අහලා නැ. ඇයි ඔවුන් තෝරා ගත්තේ. ඔබලා මේ ගැන ප්‍රශ්න කරන්න.

මේ හැමදේම වෙනකොට එක්සත් රාජධානියේ අරමුදලක් පිහිටවල නැව අයිතිකරුවන් සහ රක්ෂණ සමාගම්. ඒ තුළින් වන්දිය සීමා වෙනවා.ඩොලර් මිලියන 26 දක්වා. මේ ගැන නිතිපති මොකද කලේ. මම කියන්නේ මේකේ ඇත්ත සෙවිය යුතු යි. ඒ සදහා විශේෂ කාරකසභාවක් ඕන. එහෙම නැතිව ඇත්ත හොයාගන්න බැ. මේ ගැන නිවැරදි තොරතුරු ජනතාවට ඉදිරිපත් කර ජනතා මතයක් නිර්මාණය කරන්න පුළුවන්. 

මහබැංකු පනතේ දුර්වලතා තිබෙනවා. කාගෙන්ද ස්වාධිනත්වයක් විය යුත්තේ. මෙවැනි ප්‍රශ්න තිබෙනාව. ජනතාව තුළ කුතුහයක් ඇති කරන්න මාධ්‍යවල වගකීමක්.


''මහබැංකු පනත් කෙටුම්පතේ සැක තැන රැසක්ම තිබෙනවා'' -ගෙවිදු කුමාරතුංග


''ප්‍රති ත්‍රස්ත පනත ගැන පාර්ලිමේන්තුව තුළත් මාධ්‍ය මගින් ජනතාව තුළත් ඇති කළ මතය නිසා මෙය පරක්කු වීම ගැන සතුටට වෙනවා. සිංහල අවුරුදු සමයේ මෙය සාකච්ඡා නොවී සම්මත වීමේ අවධානයක් තිබුනත් මාධ්‍ය සිදුකළ මැදිහත්වීම නිසා එය පරක්කු වුණා.

අද වන විට ලෝකයේ සහ අපේ රටේ ත්‍රස්තවාදය සාමාන්‍යකරණය වෙලා. හදිසි නිතිය යටතේ ත්‍රස්තවාදයට මුහුණ දෙන්න පුළුවන්ද කියා ගැටලු තිබෙනවා ලෝකයේ පවා. අපිට වඩා ප්‍රශස්ත මීට වඩා හොද කෙටුම්පතක් ගොනු කරන්න පුලුවන්. ඊලග පාර්ලිමේන්තු සතියේ දී නැව සම්බන්ධ සාකච්ඡාව සහ මේ රටේ අධිකරණය විසින් ව්‍යවස්ථාවට පටහැනි බවට ඉදිරිපත් කළ මහ බැංකු පනත ගැනත් අවධානය යොමු විය යුතු යි. මෙවැනි තත්ත්වයක් තිබිය දී ඊළග පාර්ලිමේන්තු සතියේ දි ඉදිරිපත් කරන්න සූදානම්. ඒ සදහා විවාදයට වෙන් කර තිබෙන්නේ එක දවසයි. අධිකරණය විසින් මූලික වගන්ති 46කටම විකල්ප යෝජනා කළා. එම විකල්ප යෝජනාවලට යටත්වයි මෙය සම්මත විය යුත්තේ. කතානායකවරයා පවා මෙය ප්‍රකාශයට පත් කළේ එහි අදහස විකෘතිවන ලෙස. මන්ත්‍රීවරු මේ ගැන විරෝධය පළ කළාට පසු නැවත කියවන්න වුණා.

කතානායකටත් මෙය කියවද්දි වරදිනවා නම් එය අත්වැරදීමක් ද රට නොමග යැවීමක් ද කියා සැකයක් මතු වෙනවා. මීට පෙර අධිකරණ තීන්දු ප්‍රකාශයට පත් කරද්දි එය අපේ මේස මත තිබුනත් මෙය තිබුණේ නැහැ. ඒ ගැන ඇහුවම කිව්වේ එය හැන්සාඩ් ගත කරනවා කියලා. අවශ්‍ය නම් පුස්තකාලයෙන් ගන්න කියලා. ඒත් හැන්සාඩ් වාර්තාවේ තිබෙන අක්ෂර ප්‍රමාණයට වඩා අති කුඩා අකුරුවලින් කියව්නන බැරි ලෙස මුද්‍රණය කරලා.

මේ යන විදිහට දැවැන්ත සැකයක් මතු වෙනවා. අධිකරණයේ නියෝග නොතකා මුල් කෙටුම්පතේ ඇතැම් වගන්ති සම්මත කර ගැනීමේ උත්සාහයක නිරත වෙනවා. අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා ජනතාව දැනුවත් කරන්න. රජයට බලපෑම් කරන්න. රටේ මූල්‍ය පරිපාලනය මීට අදාලයි. දෝෂ තිබෙන පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගෙන නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන්න කියනවා.


''රටේ ප්‍රශ්නවලට පොදු උත්තරයක් අවශ්‍යයි'' -අතුරලියේ රතන හිමි


''රටේ වෙන්න යන දේ ගැන මාධ්‍යවේදීන්ට අදහසක් තිබෙනවා. රනිල් මහත්තයා හිතන් ඉන්නේ රට සාමානයකරණය කරලා ඉක්මන් ජනාධිපතිවරයක් ගේනන. මේ අතර ප්‍රති ත්‍රස්ත පනත සහ මහ බැංකු පනත් 2 ගෙනත් තිබෙනවා. මේ සම්බන්ධ පුළුල් සංවාදයක් ඕන. 

අද ලෝකයේ දක්ෂිණාංශික සහ වාමාංශික කියලා බෙදීමක් නැහැ. මේ අවස්ථාවේ මේ තිබෙන අර්බුධයට විසදුමක් සෙවිය යුතු වෙලාවේ ප්‍රති ත්‍රස්ත පනත ඉදිරිපත් කරන්නේ ඇයි කියලා ගැටලුවක් තිබෙනවා. අයි එම් එෆ් එකට යන එක ගැටලුවක් නොවුණත් ඒ ප්‍රතිපත්ති දිහා බැලුවට අපිට වඩා ලෝකයට හිතකර ඒවා. ඒ නිසා රටේ තිබෙන ප්‍රශ්නයට පොදු උත්තරයක් අවශ්‍යයි. ඒ සදහා පුළුල් විපක්ෂයක් ඇති කළ යුතු යි. මේ ගැන ජනතාව දැනුවත් කරන්න කියා මාධ්‍යවේදින්ගෙන් ඉල්ලා සිටිනවා.''

{gallery}mediasajith2353{/gallery}


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image