සුදුවෑන් රථයකින් පැමිණි පිරිසක් තමා පැහැරගෙන ගොස් ලිංගික අතවර කොට ගිනි අවි පෙන්වා

තර්ජනය කළ බවට රහස් පොලිසියට අසත්‍ය ප්‍රකාශයක් කළ බවට චෝදනා ලද ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාවක වන ගානියා බැරිස්ටර් ට එරෙහි අධිචෝදනා පත්‍රය සංශෝධනය කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ නීතීපතිවරයාට අද අවසර දුන්නේය.

නඩුව පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවට මීට පෙර අවස්ථාවකදී විත්ති පාර්ශවයෙන් මුලික විරෝධතාවයක් මතු කළ අතර එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විත්තිකාරියට එරෙහිව සංශෝධිත අධිචෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමට විනිසුරුවරයා නියම කළේය.

2019 නොවැම්බර් මස 11 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹදී රජයේ නිලධාරියකු වු රහස් පොලිස් නිලධාරියකුට අසත්‍ය ප්‍රකාශයක් කරන ලදැයි විත්තිකාරියට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.

චෝදනාවට අදාළ 2019 නොවැම්බර් මස 11 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කුරුඳුවත්ත පොලිස් වසමේ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසළදී සුදුවෑන් රථයකින් පැමිණි පස්දෙනෙකුගෙන් යුත් පිරිසක් බලහත්කාරයෙන් තමා පැහැරගෙන ගොස් රහස් පොලිසියේ පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා ට වීසා ලබාදීම පිළිබඳව ප්‍රශ්න කොට පසුව මුදා හළ බවට ඇය රහස් පොලිසියට ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇතැයි නීතීපතිවරයා අධිචෝදනා පත්‍රය සමඟ අධිකරණයට දැනුම් දී ඇත.

ඉන් අනතුරුව අදාළ නඩුව ජුනි මස 15 වනදා කැඳවන ලෙසත් අධිකරණය නියෝග කළේය.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්