බ්‍රිතාන්‍යයේ 'Photo London x Hahnemühle Student Award-2023' ජායාරුප
ප්‍රදර්ශනයේ නිර්දේශිත නාමයන් අතරට ශ්‍රී ලාංකිකයකුගේ ද ජයාරූප දෙකක් නිර්දේශවී තිබේ.
ලොවපුරා අයදුම්පත් ඉදිරිපත්කල අයදුම්කරුවන් අතරින් තෝරාගත් අයදුම්කරුවන් පස් දෙනෙකුගේ ඡායාරූප Photo London 2023 ලන්ඩන් නුවර summerset house හිදී මැයි මස 10 -14 දක්වා ප්‍රදර්ශනය කෙරේ.
මේ අවස්ථාව ඡායාරූප ශිල්පය ඉගෙන ගන්නා ශිෂ්‍යයකුට ලැබෙන ඉහළ ඇගයීමක් වන අතර ඔවුන්ගේ ඡායාරූප සමාජගත කිරීමට ලැබෙන හොඳ අවස්ථාවක් ද වෙයි.
මෙම ජයග්‍රාහී ඡායාරූප කරුවන් පස්දෙනා අතරට ලක්රුවන් රාජපක්ෂ ( Lakruwan Rajapaksha) ඉදිරිපත්කල ඡායාරූප දෙකක් ද ඇතුළත් වී ඇති අතර ඔහු එංගලන්තය London metropolitan university ය නියෝජනය කරමින් තරගයට ඉදිරිපත් විය.
ලොවපුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන් තම දක්ෂතාවයන් විවිධ තලවල කැපී පෙනීම මේ අසීරු අවස්ථාවේදී අප රට වෙත අවධානය දිනා ගැනීම පවා සලස්වයි.
Untitled, Blue-tailed Bee-eater’s Dreams © Rajapaksha Lakruwan
Untitled, Blue-tailed Bee-eater’s Dreams © Rajapaksha Lakruwan
https://theleader.lk/news/16882-photo-london-2023-new#sigProId47d923e0f5
(carbonnews.lk)
මුලාශ්‍රය :