හමුදාව හා බෞද්ධ භික්ෂුන් චෝදනා ලබන ඉඩම් කොල්ලයකට එරෙහි තුන්දින විරෝධතාවක යෙදී සිටින

දෙමළ ජනතාවට අත්‍යාවශ්‍ය පානීය ජලය හා බෙහෙත් ඇතුළු දෑ සැපයීමට පොලිසිය පනවා තිබු බාධා ඉවත් කරගන්නට උතුරේ ජනතාව සමත්වී තිබේ.


දෙමළ ජනයාට අයත් පෞද්ගලික ඉඩම් අත්පත්කරගනිමින් ප්‍රාදේශිය ඉඩම් බලධාරියාගේ අනුමැතියකින් තොරව උතුරේ ඉදි කර තිබෙන බෞද්ධ  විහාරයක් ඉවත් කර සිය භූමිය නිදහස් කරන ලෙස බලකරමින් අරගලයක් දියත් වෙමින් පවතී.

කන්කසන්තුරේ වලිකාමම් උතුරේ යුද හමුදාව විසින් අලුතින් ඉදි කර තිබෙන තිස්ස විහාරස්ථානය සමීපයේ මැයි 3 වැනිදා දෙමළ ජනයා ආරම්භ කළ විරෝධය මේ වන විටත් පැවැත්වෙන අතර පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද විරෝධතාකරුවන් 5 දෙනා අධිකරණය විසින් ඇප පිට නිදහස් කර යවා ඇත.



ස්ථානය පරීක්ෂා කිරීමට පැමිණි මල්ලාකම් මහේස්ත්‍රාත් ගයාත්‍රි සේලවන් විනිසුරුවරිය ප්‍රකාශ කොට ඇත්තේ එතැන විරෝධතා පැවැත්වීමේ අයිතියක් මහජනතාවට තිබෙන බවයි.



"කන්කසන්තුරේ ඓතිහාසික තිස්ස විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණය කරන ලද චෛත්‍යයෙහි කොත තැන්පත් කිරීමේ පුණ්‍ය උත්සවය" අප්‍රේල්  27 වැනි  දින සිදු කළ බව අප්‍රේල් 29 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාව සිය නිල පුවත් වෙබ් අඩවියේ සදහන් කර තිබුනි.

හමුදා සෙබළුන්ගේ ශ්‍රමයෙන් චෛත්‍යයේ ප්‍රතිසංස්කරණය කටයුතු සිදුකර ඇත්තේ තිස්ස විහාරයේ විහාරාධිපති ගිංතොට නන්දාරාම හිමියන් සහ යාපනය ආඥාපති මේජර් ජෙනරල් ස්වර්ණබෝතොට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ මෙහෙයවීමෙනි.

“ක්‍රිස්තු වර්ෂ 3 වන සියවස දක්වා දිව යන ඉතිහාසයකයට උරුමකම් කියන මෙම විහාරස්ථානය දේවානම්පියතිස්ස රජු විසින් කරවන ලද බව ඉතිහාසයේ සඳහන් වෙතැ,” යි යුද හමුදාව පවසයි.

ප්‍රදේශයේ දෙමළ ජනතාව සමග මැයි 3 වැනිදා දහවල්  තිස්ස විහාරස්ථානය ඉදිරිපිටදී විරෝධතා ආරම්භ කළ දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) නියෝජිතයන් එදින හවස්වනතුරුම අඛණ්ඩ විරෝධතාවය දියත් කරමින් සිටියදී එම ස්ථානයට පොලිස් නිලධාරීන් පැමිණීමෙන් බහින්බස් වීමක් හටගත් බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.


මාධ්‍යවේදීන්ට පොලිස් අවහිර

බුදුරජානන් වහන්සේගේ තෙමගුල යෙදී තිබෙන මැයි 5 වැනි සිකුරාදා වෙසක් පෝදා දක්වා තුන් දින විරෝධයක් අඛණ්ඩව පවත්වාගෙන යෑමට විරෝධතාකරුවන් තිරණය කර තිබීම නිසා ඒ වන විටත් ඔවුන්ට නවා තැන් ගැනීම සදහා තාවකාලික කුඩාරමක් ඉදි වෙමින් තිබුනි.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ දේශපාලනඥයන් සහ පොලීසිය අතර සිදුවු බහින්බස් වීමෙන් පසු විහාරස්ථානයට මීටර් 200 ක් පමණ දුරින් මාර්ග බාධක යෙදු පොලීසිය මාධ්‍යවේදීන්ට හෝ මහජනතාවට අලුතින් එම ස්ථානයට  ඇතුළුවිය නොහැකි පරිදි ප්‍රදේශයේ ආරක්ෂාව තර කළ බවයි.

උද්ඝෝෂණය  අඛණ්ඩව පවත්වාගෙන යෑම වෙනුවෙන් විරෝධතා කරුවන් ඉදි කර තිබු කූඩාරම පොලිසියේ බලපෑම නිසා  ඉවත් කිරීමට විරෝධතාකරුවන් කටයුතු කළත් කූඩාරම ඉදිකිරීමට සම්බන්ධ වු පුද්ගලයන් තිදෙනෙක් මාර්තු 3 වැනිදා රාත්‍රියේම අත්අඩංගුවට ගත් පොලීසිය කුඩාරම සෑදීමට යොදා ගත්  උපකරන හා ද්‍රව්‍ය ද  සිය භාරගෙට ගෙන තිබේ.

විරෝධතාවයේ නිරත ජනයා චෝදනා කරන්නේ දෙමළ පවුල් 14 ට අයත් පරප්පු 100 කට (අක්කර 6.2) ආසන්න භුමියක් බලහත්කාරයෙන් අත්පත්කර ගනිමින් යුද හමුදාව තිස්ස විහාරස්ථානය ඉදි කර ඇති බවයි.



අරගල භුමියට අලුතින් කිසිවෙකුටත් ප්‍රවේශ විය නොහැකි පරිදි පොලීසිය මාර්ග බාධක යොදා තිබීම නිසා ජලය, ආහාර, ඹෟෂධ ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමේ දැඩි අර්බුදයකට විරෝධතා කරුවන් මුහුණ දුන් අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මැදිහත්විමෙන් පසු මැයි 4 වැනිදා  අළුයම් කාලයේදී ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය විරෝධතාකරුවන්ට ලබා දීමට පොලීසිය ඉඩ සලසා දුන් බවයි පළාත් බද වාර්තාකරුවන් වැඩි දුරටත් පවසන්නේ.




මාර්ග බාධකයේදී පොලීසියේ අණ නොතකා විරෝධතා භුමියට ඇතුළු වීමට උත්සාහ ගත් තවත්  ප්‍රදේශවාසීන් දෙදෙනෙක් අද අදෑසන පොලිස් අත්අඩංගුවට ගත් බව ඔවුහු වැඩි දුරටත් පවසති.

සිය ඉඩම් නිදහස් කරන ලෙස බලකරමින්  විරෝධතාවයේ නිරත දෙමළ ජනයාට පොලීසිය සිදු කරන හිරිහැරයට හා දෙමළ ජනයාගේ ඉඩම් අත්පත්කරගනිමින් බෞද්ධ විහාරයක් ඉදි කිරීමට  විරෝධය පා, මැයි 4 වැනි බ්‍රහස්පතින්දා උදෑසන පැවැති යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමෙන් පිටව ගිය ආණ්ඩුවේත්, විපක්ෂයේත් දෙමළ දේශපාලනඥයන් විරෝධතාකරුවන් හමුවීමට පැමිණ තිබේ.

එලෙස පැමිණි පාර්ලිමේන්තු නියෝජිතයන් වන මාවෙයි සේනාධිරාජා, ශිවඥානම් ශ්‍රී ධරන්, ධර්මලිංගම් සිද්ධාර්ථන්, එම් ඒ සුමන්දිරන්, අංගජන් රාමනාදන්, උතුරු පළාත් සභාවේ හිටපු සභාපති සී.වී.කේ.ශිවඥානම් සහ උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී පී.කජදීපන් ඇතුළු පිරිස  විරෝධතාවයේ නිරත වෙමින් සිටින දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් සහ නීතිඥ සුගාෂ් කනගරත්නම් සමග සාකච්ඡා කර විරෝධතාවයට සහාය පළ කර ඇත.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ  එම්.ඒ.සුමන්තිරන් සදහන් කළේ තිස්ස විහාරස්ථානය ඉදිකිරීම වෙනුවෙන් අනුමැතිය ලබා නොදීමට 2021 වසරේදී තෙලිප්පලෙයි ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේදී තිරණයක් ගත් බවයි. විහාරස්ථානය ඉදිකිරීම වෙනුවෙන් තෙලිප්පලෙයි ප්‍රාදේශිය ලේකම්වරයාගේ අනුමැතියද හිමිව නොමැති බව උද්ඝෝෂණයේ යෙදී සිටින දෙමළ ජනයා සදහන් කරයි. 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image