ශ්‍රී ලංකාවේ විදේශ විනිමය වංචාකාරී ලෙස රටින් පිට කරන මූලික ක්‍රමය ඖෂධ මාෆියාව බවත් ඇමතිවරු සහ බලධාරීන් සිටින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු

ජයගොඩ පැවසීය.

මෙම සියලු ක්‍රියාකලාපයන් පිටුපස අමාත්‍යවරු, අමාත්‍යාංශ ලේකම්වරු සහ කූට ව්‍යාපාරිකයන් සිටින බව ද කී පුබුදු ජයගොඩ, මෙරටට ඖෂධ සැපයීමට සමාගම් 6 ක් ඉදිරිපත් වී ඉන් එක සමාගමක් ඖෂධයක් සදහා ශත 19 ක අවම ලංසුවක් ඉදිරිපත් කර තිබියදී වෙනත් සමාගමකට ශත 85 කට ඖෂධ ටෙන්ඩරය දීමට සූදානම් වන බව ද සඳහන් කළේය.

මෙරට සෞඛ්‍ය වෘත්තිකයින් රට හැර යාම හේතුවෙන් රෝහල් පද්ධතිය අකර්මණ්‍ය වී ඇති බව කී පුබුදු ජයගොඩ තවදුරටත් පැවසුවේ, දැනට රෝහල් ගණනාවකම පවතින ශල්‍ය වෛද්‍යවරුන්ගේ හිගය හේතුවෙන් එම රෝහල් ඒකක වසා දමා ඇති බවයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුදය සහ දූෂිත බව පිලිබඳව තොරතුරු රැසක් හෙළිකරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ එබව කියා සිටියේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීය. 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්