ප්‍රවීණ සිනමා සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී ඥාණාංග ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත විය.  


කළා විභූෂණ සම්මාන ලාභී රංගන ශිල්පියෙක් වන ගුණවර්ධන මහතා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (04) දින අභාවප්‍රාප්ත වන විට 78 වැනි වියේ පසුවිය.

ඒ මහතාගේ දේහය බොරැල්ලේ ජයරත්න මල්ශාලාවේ අද  (5) පෙරවරු 8.30 සිට තැන්පත් කර තිබෙන අතර අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී හෙට (6) සෙනසුරාදා  පස්වරු 3.00 ට සිදුකෙරේ.  

නාලනී ගුණවර්ධන මහත්මියගේ ස්වාමිපුරුෂයා වන ඥාණාංග ගුණවර්ධන මහතා යුරේන්ද්‍ර ගුණවර්ධන සහ ඉසුරුවර ගුණවර්ධන යන පුතුන් දෙදෙනාගේ සහ චතුරිකා ගුණවර්ධන දියණියගේ පියාණන් වේ.

ටෙලිනාට්‍ය දහසකට අධික සංඛ්‍යාවකට සහ චිත්‍රපට 100 කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී ඥාණාංග ගුණවර්ධන මහතා ‘නෝනාවරුනේ මහත්වරුනේ, තට්ටු ගෙවල් සහ පුංචි වළව්ව’ යන ටෙලිනාට්‍යවලින් විශාල ජනප්‍රියත්වයක් ලැබීය.    

 

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates