ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ මත දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව මෙරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකු 7ක වත්කම් තත්ත්ව සමීක්ෂණයක් (ඇසට් කොලිටි සර්වේ) පවත්වා ඇතැයි 'දේශය' ඉරිදා පුවත්පත වාර්තා කරයි.



ඊට අදාල සමීක්ෂණය සිදු කර ඇත්තේ බාහිර විගණන සමාගම් දෙකක් මගිනි.

මෙම සමීක්ෂණයේදී අදාළ බැංකුවල ණය ප්‍රමාණයන් අක්‍රිය සහ සක්‍රිය ණය, බොල් ණය ඒවායින් කොපමණ ප්‍රමාණයක් ප්‍රතිව්‍යුහගත කළ හැකිද යන කරුණ සොයා බලා ඇතැයි වාර්තා වෙයි.

දැනට මෙම සමීක්ෂණයේ මූලික වාර්තාවක් සකස් කර ඇති අතර රටේ ඉතිරි වාණිජ බැංකුවලටද අදාළ වන ලෙස ඉදිරියේදී තවත් වත්කම් තත්ත්ව සමීක්ෂණයක් සිදු කිරීමට නියමිතය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුවද මෙවන් සමීක්ෂණයක් පවත්වන ලෙස රජයෙන් ඉල්ලා තිබූ බව දැනගන්නට ඇත.

කෙසේවුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ මත දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයෙන් මෙන්ම විපක්ෂයෙන්ද දැඩි විවේචනයක් එල්ලවෙමින් තිබේ.

හිටපු මුදල් අමාත්‍යවරයකු වන රවී කරුණානායක මාධ්‍යයට පවසා ඇත්තේ, මේ අවස්ථාවේදී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ගියහොත් බරපතල ආර්ථික අර්බුදයක් ඇතිවිය හැකි බවයි.


සබැඳි පුවත් :
දේශීය ණය ප්‍රතිව්‍යුහකරණයට මූල්‍ය ක්ෂේත්‍රය කැළැඹිලා !


 JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්