රජයේ ණය මුදල් ලබාගෙන උසස් අධ්‍යාපනය සඳහා විදෙස් ගතව, බැඳුම්කර කඩකළ

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට සහ එම ණය වෙනුවෙන් අත්සන් කළ ඇපකරුවන්ට නඩු පැවරීමට තීන්දුකළ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පැවසීය.

එසේම දැනට තොරතුරු ඇති ණය පැහැර හරින ලද ආචාර්යවරුන් සමඟ සාකච්ඡා කරමින් සිටිනා බවත් ඇතැම් අය මාසිකව අදාළ ණය මුදල ගෙවීමට එකඟ වී ඇති බවත් ඔහු කීය.

දැනට වැඩිදුර අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරු 617 දෙනකු විදේශ ගතවී ඇත. ඔවුන් අතර හිටපු සරසවි උපකුලපතිවරුන් 5 දෙනකුද වන බව වාර්තා වෙයි. ඉන් 84 දෙනෙකු අදාල මුදල් නැවත ගෙවීම් කර තිබේ.

එලෙස ණය පොලු තැබූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බැඳුම්කර වටිනාකම මිලියන 237කි. වැඩිම බැඳුම්කර පොලු තබා ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් වන අතර එහි වටිනාකම රුපියල් මිලියන 323කි. සමස්තයක් ලෙස රජයට අයවිය යුතු මුළු මුදල රුපියල් කෝටි 200ක් බවද පසුගියදා කෝප් කමිටුවේදී අනාවරණය විය.

කෙසේ වෙතත් මින්පසුව යම් අයකු වැඩිදුර අධ්‍යාපනය සඳහා විදෙස් ගතව මුදල් නොගෙවීම් සිදුනොකළහොත් වහාම ඔහුට හෝ ඇයට දැනුම් දීමකින් තොරව අර්ථ සාධක අරමුදලෙන් කපාගැනීමට චක්‍රලේඛන සැකසූ බව මහාචාර්ය සම්පත් අමරතුංග වැඩිදුරටත් පැවසීය.

(deshaya.lk)


සබැඳි පුවත් :

රට ගිය සරසවි ආචාර්යවරුන්ගෙන් කෝටි 200ක පොල්ලක් !

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්