පුස්සැල්ලාව පොලිස් බල ප්‍රදේශයේ, පාර දෙක - අශෝකාරාමයේ පූජ්‍ය විපුලසාර හිමි භාරයේ සිටි ධම්මසාර පොඩි සාදුට

කෲර වධ හිංසා කළවුන් තවමත් නිදැල්ලේ පසුවන බව එක්සත් මානව හිමිකම් සංවිධානය (United Human Rights Organization) පවසයි.

එක්සත් මානව හිමිකම් සංවිධානය ඒ සම්බන්ධයෙන් නිවේදනයක් පළකර ඇති අතර එහි මෙසේ සඳහන් වේ.

ගම්පොල මූලික රෝහලේදී 2014.04.08 උපත ලබා ඇති ලහිරු ලක්ෂාන් දිසානායක (9) 2023 පෙබරවාරි පොහෝ දින කන්තලේ අග්බෝපුර රජ මහා විහාරයේදී මහන වී ඇති අතර වයස අවුරුදු 13ක සහ 5ක සහෝදරයන් දෙදෙනෙක් වෙති.  

මව මීට වසර 1.5කට පමණ පෙර පවුල අත හැර දමා විදේශ ගත වී ඇති බැවින් තාත්තා, සහෝදරයන්, අත්තම්මා සහ සීයා සමග මහ උඩගම, අට බාගේ ජීවත් වී සිට ඇත.

2023 අප්‍රේල් 08 පමණ සිට පුස්සැල්ලාව - පාර දෙක- අශෝකාරාමයේ වැඩ වාසය කර ඇති අතර ධම්මසාර පොඩි සාදු 2023 අප්‍රේල් මස 20 දින රෝහල් ගතවී ඇත්තේ හිසේ සිට පාද තෙක් කෲර වධ හිංසාවට ලක්ව නොයෙක් තැලීම, සීරීම් සහ තුවාල සහිතව බව සමාජ මාධ්‍ය තුළ සංසරණය වන වීඩියෝ දර්ශන වලින් පැහැදිලිවේ.

 
ධම්මසාර පොඩි සාදුට ප්‍රකාශ කර ඇති පරිදි,  2023 අප්‍රේල් 08 සිට 20 තෙක් පොඩි සාදු  (පුස්සැල්ලාව, පාර දෙක ) අශෝකාරාමයේ වැඩ වසා ඇති අතර විජිත සාර (10) , මුදිත සාර  (12) රත්න සාර (14) යන අනෙකුත් සාමනේර හිමිවරුන්ගෙන් උන්වහන්සේ දැඩි ලෙස තාඩන පීඩනයන්ට ලක්වී ඇත.



විපුලසාර ලොකු හාමුදුරුවෝ සැම දිනකම හවසට (පංසලේ ඉවුම් පිහුම් වලට පැමිණෙන) මැණිකේ නැන්දාව හැරලීමට ගොස් පැම්ණෙන තුරු කාළය තුළදීත්, අළුත් අවුරුද්දට විපුලසාර ලොකු සාදුගේ ගමට (මහියංගනය) ගොස් සිටි දවස් කිහිපයේදිත් මෙසේ නොයෙක් වධ හිංසාවට ලක්වී ඇත.

 

zdfsdff

කවකටු වලින් ඔළුවට ඇනීම,  වෙනත් සාමනේර හිමි නමකගේ මූත්‍රා බෝතලයකට එකතු කර ඒවා පෙවීම,  බිමට දෙහි මිරිකා ලෙව කැවීම, කොසු මිට වලින් පහර දීම, කණ මිරිකීම, දත් බුරුසුවට කෙළ /සෙම දමා දත් මැද්දවීම ආදී බොහෝ නපුරු වැඩ, තාඩන පීඩන කළ බවත්, අපහසුතා නිසා දින 3ක් දානෙ වළඳන්නත් නොගිය බවත්, ලොකු හාමුදුරුවන්ට කිව හොත් මරණවා යැයි භය කළ බවත් ඒත් එක වරක් ලොකු සාදුට කියූ බවත් ලොකු සාදු කිසිවක් නොකළ බවත් පොඩි සාදු කියා සිටී.


තාත්තා මල්ලිගේ පාසැලේ ශ්‍රමදානයකට සහභාගි වූ බැවින් අලි ගැට පේර, ජෑම් පේර, වෙරළු, අඹ අරන්  පොඩි සාදු බලන්නට අත්තම්මා සහ සීයා 2023. 04.20 පාර දෙක අශෝකාරාමයට ගොස් ඇති අතර පොඩි සාදුගේ මුහුණ / හකු ඉදිමී අපහසුවෙන් සිටිනා බව තෙරුණු බවත්, පොඩි සාදු අත්තම්මාට සහ සීයාට වැඳ " මාව ගෙදර ගෙනියන්න , මගදී විස්තර කියන්නම් " කියා පිණ්සේන්ඩු වුණු බවත් කියයි.  

අත්තම්ම සහ සීයා සමග නිවසට ආ පොඩි සාදුගෙ අපහසුතා, අඳෝනා ඇසූ / දුටු පොඩි සාදුගෙ තාත්තා එවෙලේම පොඩි සාදුව රෝහල් ගත කර ඇත .

20දා ගම්පොළ රෝහලට ඇතුලත් කරනා ලද ධම්මසාර පොඩි සාදුව දින 1.5කින් මොට තුවාල / සීරීම් -  රෝහලේ අවුරුදු උත්සවය - OPD  වසා ඇති බැවින් ෆාමසියෙන් යම් බෙහෙත් මිළදී ගන්නා ලෙස පවසා ගම්පොල රෝහලෙන් පොඩි සාදුව පිට කර ඇති බවත්

පොඩි සාදුගේ අපහසුතා හේතුවෙන් එතැනින්ම පොඩි සාදුව පේරාදෙණිය ළමා රෝහලට ගෙන ගිය බවත් කියැවේ.  

2023.04.20 ඇත්ළු වූ රෝගියාව 2023.04.22 වරුවකින් ගම්පොළ රෝහලින් පිට කර ඇති නමුත් 2023.04.22 සිට 2023 .05.03 දහවල තෙක් පොඩි සාදු පේරාදෙණිය ළමා රෝහලේ ප්‍රතිකාර ලැබූ බවත් දන්නෙමු.        

පේරාදෙණිය ළමා රෝහල - වාට්ටු අංක 4 - ලේඛණ අංකය 8408

ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයය - ගම්පොළ
ග්‍රාම සේවක වසම - අටබාගේ , උඩගම

ළමාරක්ෂක අධිකාරියට පැමිණිළි CC/23/04/385   -01-2935  සේ සටහන්ය

lisdfs


පුස්සැල්ලව පොලීසියේ ස්ථානාධිපතිවරයාට අනුව පොඩි සාදු ලැබ ඇති ගුටු බැට වලට භාර කරු කිසිම වගකීමක් ගත යුතු නැති අතර භාර කාර වැඩිහිටියාට එරෙහිව නොසැලකිල්ලට හෝ  නීති කටයුතු කිසිවක් කර නොමැත.  ස්වභාවික රැකවරණයෙන් මිදී තමන් යටතේ / භාරයේ සිටින ළමයින්ට අදාළ වැඩිහිටියන් වග කිව යුතු නොවන්නේද ? ප්‍රතිපුරුෂ වග කීම යනු කුමක්ද ?



පොඩි සාදු මහණ වූවාද, පංසල් කීයක සිටියාද, අතර වාරයේ දින කීයක් නිවසේ වාසය කළාද කොටින්ම මේ පැවිදි අයෙක්ද / ගිහියෙක්ද, කළුද /සුදුද  මේ කිසිවක් අපට අදාළම නැත.  "මේ ඉන්නේ යම් වධ හිංසාවන්ට භාජනය වූ වයස අවුරුදු 09ක කුඩා පිරිමි ළමයෙකි " ඔහුට අවශ්‍ය රැකවරණය, ආරක්ෂාව, සුවය සේම සාධාරණය ඉටු විය යුතුය.  

දෙමවුපිය භාරයෙන් මිදී වෙසෙන ළමයින්ට ආරක්ෂාවක් තිබිය යුතුය . වගකීමක් ගත නොහැකි , අවබෝධයක් නැති වැඩි හිටියන් ළඟ / භාරයේ ළමයින්  තැබිය යුතු නොවන්නේය .  යම් පහරක් හේතුවෙන් , බැරි වෙලාවත් එකී ළමයා එක් තැන් වූවානම් හෝ මරණයට පත් වූවානම් , ඒ පිටුව ස්වභාවික මරණයකට මුහුණ පා වැසී යනවාට සැක නැත.  



බාළ වයස්කාර ළමයින් වැරදි කර ඇති විටෙක කටයුතු කිරීම වෙනස් ය. ඇති නීතිය ක්‍රියාත්මක අදාළ ප්‍රතිපාදන තිබිය යුතුය.  බාළ වයස්කාර ළමයින් වැරදි කළ විට රඳවා තබන්නට ළමා නිවාස ඇත .  

වරද කර ඇති ළමයා පැවිද්දෙක් නම් ළමා නිවාසයක තැබීමට නොහැකි බවත් , වෙනම ස්ථාන හඳුන්වා දී නැති බවත් පැවිදි ළමයින් වාසස්ථානයෙන් මුදවා ගන්නේ නම් සාසනයෙන් අවසර ගත යුතු බවත් අදාළ පොලිස් නිළධාරිනියන් කියා සිටී .  එසේ නම් , ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ??  රටේ ළමයින් රැකීමට වැටුප් ලබන මෙම ආයතනයේ ප්‍රතිචාරය වන්නේ අදාළ පොලීසියෙන් වාර්ථාවක් ලබා ගැනීම පමණක් නොවිය යුතුය .  

වින්දිත ළමයා ශාරීරිකව / මානසීකව විඳවන අතරම , ළමයා සමග රෝහලේ කාළය ගත කිරීම හේතුවෙන් නිවසට ආහාර පාන සපයන පියාට රැකියාවක් කර ගැනීමට නොහැකි වී ඇත .  නිතිය නිසි කල නිසි අයුරින් ක්‍රියාත්මක නොවනා විට සමාජයේ තව තවත් ගැටළු නිර්මාණය වේ.  අම්මාද නැතිව ජීවිතේ දුක අනුභව කරනා මෙම ළමයින් තිදෙනාට / පවුලට උදවු උපකාර කරන්න නීතීඥ වරුන්ට , දානපතියන්ට   හැකියි .



පොඩි සාදු රෝහල් ගත වූ දා සිට අදට දින 15ක් ගෙවී අවසන්ය.  නීතිය ස්වාධීනව / අපක්ෂපාතිව ක්‍රියාත්මක වී ඇති බවට සෑහීමකට පත්වීමට නොහැකිය .  


(එක්සත් මානව හිමිකම් සංවිධානය) 

0001 3

0001 2

0001 1

 

 JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්