මාධ්‍යවේදී ෂන්මුගම් තවසීලන්

බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබූවන්‍‍ගේ ඥාතීන් විසින් සිව් වසරකට ඉහත දියත් කරන ලද විරෝධයක් වාර්තා කිරීමේ යෙදී සිටි ප්‍රධාන පෙළේ දෙමළ මාධ්‍යවේදියකුට තර්ජනය කිරීම සහ බාධා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි අංශ නිලධාරියකු  අධිකරණයට කැදවීම සදහා සිතාසි නිකුත් කර තිබේ.

මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය එම තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත්තේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශ ප්‍රධාන කොට ප්‍රකාශනයේ නිදහසට එරෙහිව සිදුවන ප්‍රහාර හෙළා දකිමින් ලෝක මාධ්‍ය නිදහස සමරමින් යාපනය මාධ්‍ය සමාජය විරෝධතාවක් දියත් කළ දිනට පසුදාය.


 2009 වසරේ මැයි මාසයේදී ලේ වැකි නිමාවකට පත් වූ කුරිරු සිවිල් යුද්ධය අවසානයේ දී හමුදාවට භාර දී‍ම‍ෙන් පසු සිය සමීපතමයන් බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම නිසා ශෝකයට පත් දෙමළ මව්වරුන් සහ ඥාතීන්, සිය ශාරීරික හා මානසික පීඩා විඳගනිමින් සිය ඔවුන් ‍ස‍ෙවීමේ අඛණ්ඩ අරගලයක නිරතව සිටී.

 වසර හයකට පෙර ආරම්භ කරන ලද ලද ඔවුන්ගේ මෙම අඛණ්ඩ අරගලය අතරතුරදී, යුක්තිය නොලබාම අවම වශයෙන් ඥාතීන් 160 ක් ‍මේ වන විටත්  මිය ගොස් තිබේ.


යුද්ධයෙන් විනාශයට පත් මුලතිව් හි, මාධ්‍ය සමාජයේ ප්‍රධානියා ද වන මාධ්‍යවේදී ෂන්මුගම් තවසීලන්, බලහත්කාරයෙන් අතුරුදහන් කරවූවන්ගේ පවුල්වල සාමාජිකයන් 2019 අප්‍රේල් 07 වන දින මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටින් ආරම්භ කර වට්ටුවාකල් පාලම දක්වා ගමන් කළ විරෝධතා පෙළපාලියක්  වාර්තා කිරීමෙහි යෙදී සිටියේය.

ඔහු ඇතුළු මාධ්‍යවේදීන් මෙම විරෝධතාවය වාර්තා කරමින් සිටියදී නාඳුනන පුද්ගලයකු විසින් මාධ්‍යවේදීන්ට සහ විරෝධතාකරුවන්ට තර්ජනය කිරීමට අමතරව ඔවුන්ව රූගත කර තිබේ.

විරෝධතාකරුවන් ‍මෙම නන්නාඳුනන තැනැත්තා විසින් සිදු කරන රූගත කිරීම් නැවැත්වීමට උත්සාහ කරන අතරතුර, මාධ්‍යවේදී තවසීලන් මැදිහත් වී එම පුද්ගලයා කවුරුන්ද, ඔහු විරෝධතාව රූගත කළේ ඇයිද යන්න සහ ඔහුගේ ජංගම දුරකථනයෙන් සිදුකළ පටිගත කිරීම පිළිබඳව ද විමසා ඇත.


 මාධ්‍යවේදියාගේ එම ප්‍රශ්න වලට පිළිතුරු දෙනු වෙනුවට, එම ස්ථානයෙන් පලා යාමට උත්සාහ කළ එම පුද්ගලයා විරෝධතාකරුවන් විසින් ලුහුබැඳ ගොස් අල්ලා ගත් පසු තමන් නාවික හමුදා නිලධාරියකු බව පිළි‍ග‍ෙන තිබේ.

එම ස්ථානයට පැමිණෙන ලෙස විරෝධතාකරුවන් මුලතිව් පොලිසි‍ය‍ෙන් ඉල්ලීම් සිදු කර තිබුනද, ඔවුන් පැමිණ නැත. එබැවින් විරෝධතාකරුවන්ට සහ මහජනතාවට හසුවූ ‍මෙම පුද්ගලයා ගෝඨාභය නාවික හමුදා කඳවුරට රැගෙන ‍යාමෙන් පසු ඔහු නාවික හමුදා නිලධාරියකු බව එහි නිලධාරීන් තහවුරු කර ඇත.

පසුව කඳවුරට පැමිණි පොලිසියට ‍මෙම පුද්ගලයා බාර දුන් විරෝධතාකරුවන් ආපසු ගොස් ඇත. ඉන් අනතුරුව එම නාවික හමුදා නිලධාරියා මාධ්‍යවේදීයාට එරෙහිව ව්‍යාජ කරුණු ඉදිරිපත් කරමින්  මුලතිව් පොලිසියේ පැමිණිල්ලක් ‍ග‍ොනු කර තිබේ.

එම පැමිණිල්ල බාරගත් පොලිසිය විසින් මාධ්‍යවේදී තවසීලන් කැඳවා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදුව ඇප මත මුදා හැර තිබුනි.

ඊට අදාල නඩුව 2023 මැයි 04 වැනි දින මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ දී විභාගයට ගත් අවස්ථාවේදී පැමිණිලිකාර නාවික හමුදා බුද්ධි අංශ නිලධාරියා  නඩුවිභාගයට ‍ප‍ෙනී සිටීමට පැමිණ තිබු‍නේ නැත. එම නිලධාරියා ඊළඟ නඩු වාරය වන සැප්තැම්බර් 21 වැනිදා අධිකරණයට කැඳවීමට මුලතිව් මහේස්ත‍්‍රාත් ටී. සරවනරාජා නියෝග කර තිබේ

ප්‍රදේශවාසීන් පවසන්නේ  මාධ්‍යවේදී තවසීලන්ට එරෙහිව නාවික හමුදා නිලධාරියා විසින් ගොනු කර පෙත්සම "නිෂ්පල සහ වැදගැම්මකට නැති හුදු පළිගැනීමේ ‍චේතනාව‍ෙන් සිදු කරන ලද ක්‍රියාවක්" බවයි.

 
 
 ආරක්‍ෂක අංශ වලින් සිදු කරනු ලබන බිය ගැන්වීම්, මරණ තර්ජන සහ පහරදීම් ද නොතකා, දිවයිනේ වඩාත්ම මිලිටරිකරණය වූ ප්‍රදේශයේ, රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කරනු ලබන අපරාධ ඇතුළු දෙමළ ජනයා මුහුණ දී සිටින ගැටළු සම්බන්ධය‍ෙන් මාධ්‍යවේදී ෂන්මුගම් තවසීලන් වාර්තාකරණයේ  නියැලී සිටි. 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්