නව මහ බැංකු පනත් කෙටුම්පත මැයි 11 දින විවාදයට ගැනීමට නියමිත බැවින්, එහිදී මන්ත්‍රීවරුන්ගේ අවම වගකීම කාරක සභා අවස්ථාවේදී “විජේදාසගේ ගේම” වැළැක්වීම බව ජාතික සංවිධාන කියයි.



නව මහ බැංකු පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කළ පාර්ශ්වය වූ ජාතික සංවිධාන වල මතය පැහැදිලි කරමින් එම සංවිධානයේ ප්‍රධානියකු වන වෛද්‍ය වසන්ත බණ්ඩාරගේ මෙසේ සඳහන් කළේය.

“නීතිපතිවරයා අධිකරණයේදී එකඟ වෙනවා සංශෝධන 73ක් සඳහා. ලෝකයේ කිසිම රටක පනතකට එතරම් සංශෝධන පසුව ඇතුළත් කරන්න එකඟ වෙයි කියලා හිතන්න බැහැ.  කළ යුතුව තිබුනේ පනත නැවත සකස් කර අධිකරණයට ඉදිරිපත් කිරීමයි. නමුත් කුමන හෝ හේතුවක් මත එවැනි තීන්දුවක් ප්‍රකාශයට පත් වුණේ නැහැ.  දැන් අධිකරණ තින්දුව අනුව විවාදයේ කාරක සභා අවස්ථාවේදී සංශෝධන එතරම් විශාල ප්‍රමාණයක් ඇතුල් කිරීමේ දී 19 වැනි සංශෝධනයේ දී කළා වගේ විජයදාස රාජපක්ෂ මහතාට කැමති ආකාරයේ වගන්ති ඇතුල් කිරීමේ හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම අධිකරණය සමහර වැදගත් වගන්ති වලට අදාලව නිශ්චිතව සංශෝධනය කුමක්දැයි වගන්තියක් ලෙස එකඟ වී නැහැ. ඒ නිසා විජේදාස මහතාට ගේම ගහන්න පහසුයි.

ඒක වළක්වන්න තිබෙන එකම ක්‍රමය අදාළ සංශෝධන සියල්ල විවාදයට පෙර ලිඛිතව ඉල්ලා සිටීමයි. මන්ත්‍රීවරුන් ඒ සඳහා බල කරන්නේ නැතිනම් ඔවුන් තමාගේ ව්‍යවස්ථාදායක බලය අත් හරිනවා. එහෙම අයට රෙද්දක් ඇඳගෙන ආයේ පාර්ලිමේන්තුවට එන්න අයිතියක් නැහැ.”

(lankaleadnews.com)


සබැඳි පුවත් :

නව මහ බැංකු පනත : ජනතා පරමාධිපත්‍ය බලය උදුරා ගැනීමේ උත්සාහයක් !

මහ බැංකු පනත් කෙටුම්පත : කතානායක නොමග යවලා !- ගම්මන්පිලගෙන් චෝදනා

මහ බැංකු සංශෝධිත කෙටුම්පතට එරෙහිව පෙත්සම් හතරක් !



JW
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්