දිස්ත්‍රික් මට්ටමින් එකම දින, එකම වේලාවක, සංස්කෘතික සංහිඳියා ජනගත කෙරෙන විශ්ව සම්භාව්‍ය සිනමා කෘතියක් ප්‍රදර්ශණය කර ඒ පිළිබඳව විද්වත් කථිකා වැඩසටහනක් ඔස්සේ ජනතාව දැනුවත් කිරීමේ ජාතික සංහිඳියා වැඩසටහනක් සංවිධානය කර ඇතැයි අධිකරණ අමාත්‍යාංශය පවසයි.



ශ්‍රී ලාංකේය ජන සමාජය බහු වාර්ගික, බහු ආගමික, බහු සංස්කෘතික හා බහු භාෂක වශයෙන් පවතින අතර සියළු ජාතීන් හා සංස්කෘතීන් අතර සාමය, සංහිඳියාව සහ සහෝදරත්වය තහවුරු කිරීම සඳහා රජයේ ප්‍රමුඛ කාර්යක් ලෙස සලකා මෙම වැඩසටහන ආරම්භකර ඇතිබව අධිකරණ අමාත්‍යංශය පවසයි.

ඒ අනුව, සාමය හා සංහිඳියා වැඩසටහන ශ්‍රී ලංකාවේ වඩාත් අර්තවත් ලෙස ජනගත කිරීමටත්, ඒ සඳහා ශ්‍රී ලංකාවේ සියළු ජාතීන්ගේ සහය ලබාගැනීමත්, ඉලක්ක කර දකුණූ අප්‍රිකාණු සාමය හා සංහිඳියා වැඩපිළිවෙල හා එහි ප්‍රතිලාභ ශ්‍රී ලංකාවේද සියළු ජාතීන් අතර බෙදා ගැනීම ඉලක්ක කරගත් ජාතික ඒකාබද්ධතා හා සංහිදියා වැඩසටහන අනුව යමින් දිවයිනේ සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රධාන ලේකම් කාර්යාල වල මසකට වරක් විශ්ව සම්භාවනාවට පත් සංහිදියාව තෙමා කරගත් චිත්‍රපටයක් ප්‍රදර්ශණය කර ඒ පිළිබඳව විශ්වවිද්‍යාල ආචාර්ය වරුන් හා විද්වතුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ දැනුවත් කිරීමක් ද සිදු කිරීමට නියමිතය.

දකුණු අප්‍රිකානු සාමය හා සංහිඳියා වැඩපිළිවෙලේදී ජාතීන් අතර ඇති වී තිබු ගැටුම්, බෙදීම් සහ පරතරයන් ආකල්පමය වශයෙන් වෙනස් කිරීමත්, ගැටුම් අවම කිරීමටත්, මිනිසුන් වෙනස් කිරීම සඳහාත් දකුණු අප්‍රිකානු සිනමාව ලබාදුන් ප්‍රබල දායකත්වය සැලකිල්ලට ගෙන පෑරුණූ සිත් ඇති මිනිසුන් සුවපත් කිරීම සඳහා මානව ධර්මතා ප්‍රබල ලෙස ඉස්මතු කරන තෝරාගත් සිනමා කෘතීන් කිහිපයක් මෙම වැඩසටහන ඔස්සේ ප්‍රදර්ශණය කරන බවත් ඒ පිළිබඳව මහජනතාව, සිවිල් කණ්ඩායම්, සිව්ච්ඡා සංවිධාන මෙන්ම රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන වල පිරිස් ද සහභාගී කරවීමට අපේක්ෂා කෙරන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

මෙම වැඩසටහන් දිස්ත්‍රීක් ලේකම්වරුගේ අධීක්ෂණය හා සහයෝගය මත අධිකරණ අමාත්‍යාංශයේ ජාතික ඒකාබද්ධතා සහ සාමය හා සංහිඳියා කාර්යාංශයත් මෙහෙය වන අතර යාපනය විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨාධිපති එස්. රගුරාම්, කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ, මහාචාර්ය ශ්‍රී රන්ජන්, යාපනය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ අංශාධිපති පොන්ගුලාවි, ජාතික සංහිඳියා කාර්යංශයේ අධ්‍යක්ෂ එම්.ජේ.ආර්. ඩේවිඩ්, ජාතික ඒකාබද්ධතා අංශයේ අතිරේක ලේකම් ආර්.පී.එස්. සමන්කුමාරි ඇතුළු විද්වතුන් සම්පත් දායකයින් ලෙස මෙයට සහභාගී වනු ඇතැයි අධිකරණ අමාත්‍යාංශය පවසයි.


ත්‍රිකුණාමලයෙන් මැයි 26 දින ඇරඹේ

එහි පළමු වැඩසටහන 2023.05.26 වන දින පෙරවරු 09.30ට ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර ඒ සදහා අධිකරණ අමාත්‍යාංශයේ ජාතික සංහිදියා කාර්යාලයේ සහ විශ්ව විද්‍යාලයන්හි ආචාර්යවරුන් පිරිසක් ද සහභාගිවීමට නියමිත බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.



JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්