පක්ෂයේ තීරණ වලට එරෙහිව කටයුතු කිරීමේ චෝදනාව මත සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී

ඒ. එච්. එම්. ෆවුසි ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබාදීම පිළිබඳ යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කිරිම ඇතුළු කරුණු මුල්කර ගනිමින් මන්ත්‍රීවරයාට එරෙහිව අද  (08) පස්වරුවේ රැස්වූ සමගි ජන බලවේගය බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇත.

එමෙන්ම මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීමට පක්ෂයේ විනය මණ්ඩලයට පැවරීමටත් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.

සමගි ජනබලවේගයේ කොළඹ නගරාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වීම හේතුවෙන් මුජුබර් රහුමාන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමෙන් පුරප්පාඩු මන්ත්‍රි ධුරය සඳහා ෆවුසි පත් විය.

පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ තීරණ වලට එරෙහිව කටයුතු කරන ඕනෑම අයෙකුට එරෙහිව පක්ෂයේ ව්‍යවස්ථාවට අනුකූලව අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගැනීමට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් බලය පවරා ඇත. 

 

JW

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates