ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරමින් කටයුතු කරන ජන පීඩක ආණ්ඩුව සමඟ එක්නොවිය යුතු බවටත්,

තනතුරු ලබා නොගතයුතු බවටත් සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ.

යම් හෙයකින් එවැනි ජන පීඩක ආණ්ඩුව සමග එක්වීමක් පිළිබඳව සාකච්ඡා පැවැත්වීම හෝ එවැනි යෝජනා ගෙන ඒම ජනතාවගේ නාමයෙන් කරනු ලබන බලවත් වරදක් හෙයින් එවැන්නක් නොකළයුතු බවටත් එවැන්නක් සිදුකිරීම සපුරාම තහනම් බවට ද කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව තීන්දු කර ඇත.

කෙසේ වෙතත් රටට හිතැති ප්‍රගතිශීලී කටයුතු පිලිබදව සහය ලබාදීමේදී පක්ෂයක් ලෙස සාකච්ඡා කොට තීන්දු ගනු ලැබීමට ද තීරණය කර තිබේ.

අද (08) පස්වරුවේ පැවති සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී එම යෝජනා ඒකමතිකව සම්මත වී ඇත.


සජබෙන් ජනාධිපති අපේක්ෂකයෙක් !

එසේම, එළැඹෙන ජනාධිපතිවරණයේදී සමගි ජනබලවේගය අනිවාර්යයෙන්ම අපේක්ෂකයෙක් ඉදිරිපත් කළයුතු බවට ද කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ.

එසේ ඉදිරිපත්කරන අපේක්ෂකයාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට සමගි ජනබලවේගය ප්‍රමුඛ වූ පුළුල් සන්ධානයක් ගොඩනැගීමට කටයුතු කළයුතු බවටත්, එම සන්ධානය ගොඩනැගීම සදහා පක්ෂ නායකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට සම්පූර්ණ බලය පැවරීමට ද කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව තීන්දු කර ඇත.

සජබ මෙසේ ජනාධිපතිවරණයට තම පක්ෂයේ අපේක්ෂකයක් ඉදිරිපත් කිරීමට තීන්දුකර ඇත්තේ, ඉදිරි ජනාධිපතිවරණයට සජබ නායක සජිත් ප්‍රේමදාස ඉදිරිපත් නොවන්නේ නම්, විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස මහාචාර්ය ජි.එල්. පිරිස් ඉදිරිපත් කල යුතු බවට විපක්ෂයේ ඇතැමුන් යෝජනා ඉදිරිපත් කරමින් සිටින මොහොතකය. 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image