මහ බැංකු පනත පාර්ලිමේන්තුවේ දී සාකච්ඡාවට ගැනීම කල් දැමීමට ජනාධිපතිවරයා එකඟ වූ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී අද (09) පැවසීය.



අදාල පනත කල් දමා සම්මුතිවාදයකින් කටයුතු කරන්න අවස්ථාව දෙන ලෙස ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක් දී තමා අද උදෑසන ඉල්ලා සිටි බව කී විපක්ෂ නායකවරයා, තමාගේ ඉල්ලීමට ජනාධිපතිවරයා එකඟතාවය පළ කළ බවත් එම එකඟතාවය පිළිබඳ  පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරන ලෙස ජනාධිපතිතුමා තමාට දැනුම් දුන් බවත්  විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායකවරයා මෙසේ පැවසිය.

"අද දින ගරු ජනාධිපතිතුමත් සමඟ මම දුරකතනයෙන් ආමන්ත්‍රණය කරලා එතුමට පැහැදිලි කරලා දුන්නා Central Bank Act එක පිළිබඳව. තව දුරටත් සාකච්චා කරලා එම පනත වඩාත් පරිනත ආකාරයට ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලකට අපි ප්‍රවේශ වන්නට ඕන. මොකද අපි හැමෝම පිළිගන්නවා මේ රටේ මූල්‍ය ප්‍රතිපත්තිය සහ විශේෂයෙන්ම monetary law එක monetary policy එක අපි ස්වාධීනව දේශපාලන ඇගිලි ගැසීම් වලින් තොරව ක්‍රියාත්මක විය යුතුයි කියන ප්‍රතිපත්තිය අපි පිළිගන්නවා. ඒ නිසා මම එතුමට දුරකතනයෙන් ආමන්ත්‍රණය කරලා ඉල්ලීමක් කරා මේක සාකච්ඡාවට භජනය කිරීම තවදුරටත් කල්දමලා, විශේෂයෙන්ම පාර්ලිමේන්තුව තුළ සම්මුතිවාදයක් තුළින් අපිට මේ අණපනත් පිළිබඳව තවදුරටත් කටයුතු කරන්න අවස්ථාව දෙන්න කියලා. මම ස්තූති වන්ත වෙනවා එතුමා ප්‍රකාශ කළා ඒකට එතුමා එකඟයි කියලා. විශේෂයෙන්ම මට කිව්වා ඒක ප්‍රකාශ කරන්න කියලා පාර්ලිමේන්තුවේදී. අපි ඒ දේ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න අදහස් කරනවා."

PHOTO 2023 05 09 14 04 37

'ශ්‍රී ලංකා මහ බැංකුව' කෙටුම්පතේ වගන්ති 46ක් ව්‍යවස්ථා විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබිය දී, මුදල් කාරක සභාව කළ යුතු සංශෝධන සාකච්ඡා කර නොතිබිය දී, ආණ්ඩුව එක් දින විවාදයකින් පනත සම්මත කරගැනීමට තැත් කිරීම බරපතල කාරණයක් බව උත්තර සභාගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග පවසයි.

කෙසේවුවද විපක්ෂයේ ඉල්ලීමට අනුව, නව ශ්‍රී ලංකා මහ බැංකුව පනත මේ සතියේ විවාදයට නොගැනීමට අගමැතිතුමා එකඟතාව පළ කළ බව ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකා මහ බැංකුව පනත් කෙටුම්පත් මෙම සතිය තුළ විවාදයට නොගෙන කල්දැමීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවට දැනුම් දී සිටියේය.

IMG 0433IMG 0434




JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්