කාලීන සංවර්ධන අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි මෙරට ඉඩම් සම්බන්ධයෙන් පවතින අණ පනත් වහාම සංශෝධනය කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති වික්‍රමසිංහ අදාල නිලධාරීන්ට උපදෙස් දී ඇත.



එම කාර්යය කඩිනම් කර ගැනීම සඳහා සුදුසු කමිටුවක් පත්කර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.

ජනාධිපති වික්‍රමසිංහ මෙම උපදෙස් ලබා දී ඇත්තේ, ඉඩම් කළමනාකරණ ආයතනයන්හි අණ පනත්වල ප්‍රතිපාදන සංශෝධනය කිරීම හා නව රෙගුලාසි ඇතුළත් කිරීම පිළිබඳ ඉඩම් අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතනවල නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ ඊයේ (10) පැවති සාකච්ඡාවකදීය.

තවමත් රටේ ක්‍රියාත්මක වන්නේ යටත්විජිත සමයේ ගෙනෙන ලද ඉඩම් ප්‍රතිපත්ති බව මෙහිදී පෙන්වා දී ඇති ජනාධිපතිවරයා ඉඩම් පරිහරණය සම්බන්ධව විවිධ අවස්ථාවලදී ගෙන එන ලද අණ පනත් කාලීන සංවර්ධන අවශ්‍යතාවයන්ට නොගැලපෙන බව සඳහන් කර ඇත.


 
JW
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්