යුද අපරාධ සහ අතුරුදහන් කරවීම් ගැන සෙවීමට විදේශීය විනිසුරුවන් හා අධිකරණ  ප්‍රතික්ෂේප කරන

ආණ්ඩුව 'එක්ස්ප්‍රස් පර්ල්' නැව් ගින්නෙන් වූ හානිය පිළිබදව සෙවීම සදහා විදෙස් අධිකරණයේ සහාය පැතීම දෙබිඩි පිළිවෙතක් ලෙස හෙලා දකින දෙමළ ජනතා නියෝජිතයකු ඒ පිළිබදව පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් ප්‍රශ්න කර තිබේ.

අවුරුදු දෙකකට ඉහතදී එක්ස්ප්‍රස් පර්ල් (X Press Pearl) නැවේ හටගත් ගින්නෙන් ශ්‍රී ලංකාවේ පරිසරයට සිදුව ඇති හානිය ලෝකයේ දැවැන්තම සාමුද්‍රික විනාශය ලෙස සැලකේ. ඊට වන්දි වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන හයකට වැඩි මුදලක් ඉල්ලා සිංගප්පූරු මහාධිකරණය හමුවේ පැවරූ නඩුව 2023 මැයි මස 9 වැනිදා  පළමු වරට කැඳවු අතර එම නඩුව ලබන 15 වැනිදාට කල් තබා ඇත.



"වහ ගන්න" යමක් ඇති බැවින් එක්ස්ප්‍රස් පර්ල් වන්දි නඩුව සදහා විදේශිය සහාය පතන  බව පවසන ඉලංකෙයි තමිල් අරසු කච්චි මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් ආණ්ඩුවේ ක්‍රියාකලාපය හැඳින්වුයේ ‘විහිළුවක්’ ලෙසිනි.

 

"අපේ උතුරු නැගෙනහිර ඉන්න මේ අතුරුදහන් වු පුද්ගලයන්, නැත්නම් උතුරු නැගෙනහිර යුද්ධයේ අවසාන කාලයේදී සිදුවෙච්ච ඉතාමත් වැරදි දේවල් පිළිබදව ඒ සිදු වෙච්ච අපරාධ පිළිබදව පරීක්ෂණයක් ඉල්ලනකොට විදෙස් විනිසුරුවරයෝ එපා. අධිකරණයක් එපා. හැබැයි ඔබතුමාලට වහගන්න ඕනේ කියලා අපි හිතන මේ 'එක්ස්ප්‍රස් පර්ල්' නෞකාව වෙනුවෙන් ඔබතුමාලා විදෙස් අධිකරණයකට යෑම, ඉතාමත්ම ඒක විහිලුවක්."

යුද්ධයේදී දෙමළ ජනයාට එරෙහිව සිදුවු අපරාධ සම්බන්ධයෙන් සෙවීම සදහා විදෙස් අධිකරණයේ සහාය පැතීම රටට අගෞරවයක් ලෙස පැවැසු ජනතා නියෝජිතයන් 'එක්ස්ප්‍රස් පර්ල්' වන්දි නඩුව සදහා විදේශිය සහාය ලබා ගන්නා අවස්ථාවේ මුනිවත රැකීමද රාසමාණික්කම් මන්ත්‍රීවරයා මැයි 10 වැනිදා ප්‍රශ්න කළේය.

" දැන් මේ වෙන කොට ලංකාවේ අධිකරණයට මේක අපහාසයක්. අපේ තියන අධිකරණ පද්ධතිය මේක විනාශ කරනවා. මේක අගෞරවයක් කියලා කියපු සමහර මන්ත්‍රීවරු අද මේ 'එක්ස්ප්‍රස් පර්ල්' නෞකාව අරගෙන යනකොට මීක් සද්දයක් නෑ. වාඩිවෙලා ඉන්නවා පුටු වල."



යුද්ධයේ අවසාන දින වලදී ආරක්ෂක අංශ භාරයට පත් වීමෙන් පසුව හා යුද්ධයේ අවසන් මොහොතේ අතුරුදහන් වු තමන්ගේ ආදරණීයයන්ට අත්වූ ඉරණම හෙළි කරන ලෙස රජයට බල කරමින් 2017 වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදී වව්නියාව, කිලිනොච්චිය, යාපනය, මුලතිව්, ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්කවල බලහත්කාරයෙන් අතුරුදහන් කළ අයගේ ඥාතීන් සත්‍යග්‍රහ ව්‍යාපාර ආරම්භ කළ අතර එම අඛණ්ඩ  අරගලය මේ වන විට දින 2250 ත් පසුකර ඇත.



සිය සමීපතමයන්ට අත්වු ඉරණම හෙලි කරගැනීම සදහා තමන්ට ඉතිරිව ඇති එකම  විශ්වාසනීයම විසදුම ලෙස ඔවුන් පිළිගන්නේ විදෙස් අධිකරණයේ සහ විදෙස් විනිසුරුවරුන්ගේ සහාය ලබාගැනීමයි. 2015 ශ්‍රී ලංකාවද හවුලේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය සම්මත කරගත් යෝජනාවෙන්ද ඉල්ලා ඇත්තේ යුද අපරාධ හා මිනිස් වර්ගයාට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය පසිඳ ලීමට විදේශීය විනිශ්චයකාරවරුන්ගේ දායකත්වය ලබා ගන්නා ලෙසයි.


ලෝයර්ලාගේ ‘ගණන් කියන්නේ නෑ’



2021 මැයි මස කොළඹ වරාය ආසන්නයේ ගිනි බත්වූ `එක්ස්ප්‍රස් පර්ල්` නැව් ගින්නෙන් සිදුවූ හානියට ඩොලර් බිලියන 6.4 ක වන්දියක් ඉල්ලා සිංගප්පූරු මහාධිකරණයේ පැවරූ නඩුව වෙනුවෙන් පෙනී සිටින විදේශීය නීතිඥ සමාගමට ඩොලර් මිලියන 4.5ක් ගාස්තු වශයෙන් ගෙවීමට එකඟ වී ඇතිදැයි සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා විමසු අවස්ථාවේදී  එම තොරතුරු හෙළි කිරීම ද අලි සබ්රි ජනාධිපති නීතිඥ  විදේශ අමාත්‍යවරයා මැයි 10 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප කර තිබුනි.




 " ඒ ලෝ ෆර්ම්ස්  වලට ගෙවන ගනං පිළිබදව මම කරුණු ඉදිරිපත් කරන්නේ නෑ.  "

සාමුද්‍රීය නීති විශාරදයකු වන ශ්‍රී ලංකා නැව් සංස්ථාවේ හිටපු  විධායක අධ්‍යක්ෂ ආචාර්ය ඩෑන් මාලික ගුණසේකර පවසන්නේ නැව් සමාගමෙන් වන්දි ලබා ගැනීමට සිංගප්පුරුවේ නඩු පැවරීම ඉතා වියදම් අධික හා ලංකාවට අවාසි සහගත තත්වයක් බවයි.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්