ශ්‍රී ලංකා මහ බැංකු පනත ඊයේ විවාදයට නොගත්තේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධ කරුණු හෝ

විපක්ෂයේ ඉල්ලීමක් නිසා නොවන බවත්, මහ බැංකු පනත අනුමත වීමෙන් පසු ලංකාවේ ණය සීමාව වැඩි කර ගත නොහැකි නිසා බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

ශ්‍රී ලංකාව නැවතත් පරණ මාවතටම වැටීම සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බව ද හෙතෙම අද (12) පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේය.

මහ බැංකු පනත පාර්ලිමේන්තුවේ දී සාකච්ඡාවට ගැනීම කල් දැමීමට ජනාධිපතිවරයා එකඟ වූ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී පසුගිය 09 වෙනිදා පැවසීය. අදාල පනත කල් දමා සම්මුතිවාදයකින් කටයුතු කරන්න අවස්ථාව දෙන ලෙස ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක් දී තමා උදෑසන ඉල්ලා සිටි බව කී විපක්ෂ නායකවරයා, තමාගේ ඉල්ලීමට ජනාධිපතිවරයා එකඟතාවය පළ කළ බවත් එම එකඟතාවය පිළිබඳ  පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරන ලෙස ජනාධිපතිතුමා තමාට දැනුම් දුන් බවත්  සඳහන් කළේය.

එහෙත් චම්පික රණවක මන්ත්‍රීවරයා පැවසුයේ, මහ බැංකු පනත කල් දැම්මෙ එක්ස්ප්‍රස් පර්ල් නිසා නොවන බවයි.

එහෙත් චම්පික රණවක මන්ත්‍රීවරයා පැවසුයේ, මහ බැංකු පනත කල් දැම්මෙ ණය සීමාව වැඩි කිරීම සඳහා බවයි.



'' මහ බැංකු පනත කල් දැම්මෙ ණය සීමාව වැඩි කරගන්නයි. අධික පොළියට භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරමින්, සල්ලි අච්චු ගසමින්, අධි උද්ධමනයට ගිය පරණ පාරෙමයි මේ යන්න හදන්නේ!'' 

 

තවදුරටත් පාර්ලිමේන්තු ඇමතු පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා, භාණ්ඩාගාර බිල්පත් හරහා මහ බැංකුවට ණය ගැනීම අහෝසි කිරීම නව මහ බැංකු පනතේ එක් පියවරක් බව අවධාරණය කළේය.

 ඒ හා සමගම සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකාවට සැප්තැම්බර් මාසයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කඩඉම ද පවතිද්දී භාණ්ඩාගාර බිල්පත් සීමාව ඉහළ දැමීමට කරන ලද යෝජනාව සම්බන්ධ කැබිනට් පත්‍රිකාව අද පාර්ලිමේන්තුවට හදිසියේ ගෙනැවිත් තිබෙන බවද සඳහන් කළේය.

 එවැනි කඩඉමක් පවතින මොහොතක රට බරපතල ව්‍යසනයකට ලක් වීම වැළැක්වීම සඳහා විධිමත් පියවරයක් ගන්නවා වෙනුවට, මේ තාවකාලික පියවර වලින්, එය තවත් අවුල් වෙන බවට අනතුරු ඇගවූ රණවක මන්ත්‍රීවරයා, මෙවැනි ආර්ථිකයට අතිශයින්ම තීරණාත්මක යෝජනාවක් මේ ආකාරයට හදිසියේ, විධිමත් සාකච්ඡාවකින් තොරව ගෙන ඒම සම්බන්ධයෙන් තම විරෝධය ද පල කළේය.



“ඒ කැබිනට් පත්‍රිකාවේ තියෙන්නේ පසුගිය අයවැයේදී යෝජනා කරපු ආකාරයට මූලාශ්‍ර වලින් බලාපොරොත්තු වූ රුපියල් බිලියන 1400 ලබාගන්න බෑ කියලා. ඊළඟට වෙනත් මූලාශ්‍රවලින්; ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර හෝ වෙනත් ආකාරයටත් මුදල් හොයාගන්න බැහැ කියලා තියෙනවා. එහෙම නම් එකම විසඳුම භාණ්ඩාගාර බිල්පත් කියලා තියෙනවා. මේකට භාණ්ඩාගාර බිල්පත් කිව්වත් ඒ බිල්පත් වලටත් තියෙන ඉල්ලුම, දැන් පසුගිය සතියේ නිකුත් කරපු බිල්පත 26% පොළියට නිකුත් කළේ. එතකොට මේ අධික පොළියක්. මේ අධික පොළියත් එක්ක අනිවාර්යයෙන්ම රටේ අනෙකුත් පොලී අනුපාතයන් තීරණය වෙනවා. ඒ අනුව, වෙළඳ පොළෙන් නම් මේ මුදල් ලබාගන්න හැකි වෙන්නේ නැහැ. මොකද කරන්න වෙන්නේ? සල්ලි අච්චු ගහන්නයි වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මේ යන්නේ පරණ පාරෙමයි. මේ යන්නේ මේ නව ජනාධිපතිවරයා හෝ මේ නව මහ බැංකු අධිපතිවරයාගේ පාරේ නෙවෙයි. මේ යන්නේ පරණ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති, අජිත් නිවාඩ් කබ්රාල් හිටපු මහ බැංකු අධිපති ගිය පාරේ. ඒ මොකද්ද? අයවැය පරතරය සීමා කර ගැනීම සඳහා සල්ලි අච්චු ගැසීමේ ක්‍රියාවලිය. ඒකේ ප්‍රතිඵලය අපි දන්නවා. ඒකෙන් තමයි මේ අධි උද්ධමනය ඇති වුණේ. ඒකෙන් තමයි මේ ආකාරයට ඉහළ පොළී අනුපාතයක් දීලා හරි වෙළඳපොලේ තියෙන ධනය ආපසු ගන්න සිද්ධ වුණේ. ඒ විෂම චක්‍රයට රට නැවත යටවීම තමයි මෙයින් සිදුවන්නේ.”





2003 දී ගෙන ආ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතෙන් බලාපොරොත්තු වූයේ රාජ්‍ය ණය පිළිබඳ සීමාවක් ඇති කර ගැනීමය. සැමදාම සිදුවූයේ පාර්ලිමේන්තුව භාවිතා කොට රාජ්‍ය ණය සීමාව, අයවැය පරතරයේ සීමාව ඉහළ නංවා ගැනීම සහ එහා මෙහා කිරීමය. රට බංකොලොත්බවේ මාවතට වැටුණේ මෙවැනි ක්‍රියාවන් නිසා බව ද රණවක මන්ත්‍රීවරයා කියා සිටියේය.

“මේ මූල්‍ය අරමුදලේ එකඟතාවයන් එක්ක. අපගේ දළ මූල්‍යමය අවශ්‍යතාවට සීමා පැනවීම විසින්. ඒ වගේම ප්‍රාථමික ශේෂයට, සීමා පැනවීම විසින්, යම් බලාපොරොත්තුවක් ඇති වුණා. දැන් මේකෙන් ඒක ඉටු වෙනවාද? මේ ක්‍රියාවලිය විසින් ඒක ඉටු කරනවාද? නෑ. අපේ ණය බර, බිලියන 100 ක් කියන්නේ, දළ දේශීය නිෂ්පාදනයෙන් 4% කට වඩා වැඩි, අති විශාල ප්‍රමාණයක්. අපි හරියටම අපේ ආදායමෙන් තව 1/3 කට වැඩි ප්‍රමාණයක් ගන්නයි යන්නේ. ඒක නිසා මේ සිදුවෙමින් තියෙන්නේ මොකක්ද? පරණ පාරට නැවත වැටීම පමණයි.”

දුගීකම පිළිබඳව පසුගිය කාලයේ පාර්ලිමේන්තු අනු කමිටු වලදී බොහොම බැරෑරුම්ව සාකච්ඡා වුණා. අපි ස්තූතිවන්ත වෙන්න ඕනේ ඒ කණ්ඩායමට මුලින්ම විධිමත් සමාජ ආරක්ෂණ දැලක්, කිසියම් දුරකට හැමදෙනාටම පිළිගත හැකි ජාලයක් රටේ නිර්මාණය කිරීම නිර්මාණය කිරීමට හැකිවීම ගැන. නමුත් මේ රටේ දුගීකම දුරලීම සඳහා ගෙන එන ලද හොඳ ආධ්‍යාශයකින් යුතුව ගෙන එන ලද ජන සවිය, සමෘද්ධිය, දිවිනැගුම වැනි දෑ වලින් රටේ දුගී දුප්පත්කම දුරලීමට අපොහොසත් වුණා. ඒක මේ රටේ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව 2012 සමීක්ෂණයෙන් පෙන්වා දී තිබෙනවා. මේ සහනාධාර වැඩපිළිවෙළ නිසා (සමෘද්ධි වැනි) දුගීකම අඩුවීමට දරපු දායකත්වය අඩුයි. වැඩිම දායකත්වයක් දරලා තියෙන්නේ නව රැකියා උත්පාදනය. අද මේ යොදලා තියෙන වැඩපිළිවෙලත් පැහැදිලිවම ජීවිතය ගැටගසා ගැනීම සඳහා මේ අවස්ථාවේදී මේ ආර්ථික ව්‍යසනයත් එක්ක ලබා දීපු ආධාරයක්.

සමෘද්ධි බැංකු  හා සමෘද්ධි ව්‍යාපාර නව ව්‍යවසායක, විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ගොඩනගා ගැනීම සඳහා ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන බව කියලා තියෙනවා. ආසියානු සංවර්ධන බැංකුවේ මූලිකත්වයෙන්. ඒක නිවැරදිව ක්‍රියාත්මක කිරීම රට පැත්තෙන් හැම අතින්ම වැදගත්. එක පැත්තකින් මේ දුගී ජනයාට නව ආදායම් අවස්ථා ලබා දීමත්, මේ අර්බුදයෙන් ගැලවීමට තිබෙන ප්‍රධානම මාර්ගය වන්නේ, අපේ දළ දේශීය නිෂ්පාදනය වැඩි කිරීම පමණයි. ඒ වෙතට ඒක යොමුවෙන්න ඕනේ.

හැබැයි ඒක සාර්ථක වෙන්න නම්, අනිවාර්යයෙන් මේ බැංකුවත් එක්ක දැනට රාජ්‍ය අංශයේ තිබෙන තාක්ෂණය (විදාතා මධ්‍යස්ථාන), අලෙවිකරණය සිදු කරන ආයතන සහ රජයේ බදු ප්‍රතිපත්තිය සමගාමී වෙන්න ඕනේ. අපි කුඩා ව්‍යාපාරිකයන්ට හඳුන්කූරු හදන්න, ඉටිපන්දම් හදන්න, තාක්ෂණය ලබා දුන්නට වැඩක් නැහැ. අපේ බදු ප්‍රතිපත්ති මත, විදේශ රටවල් වලින් ඉතා අඩු ගානට මේවා එනවා නම්. ඒ නිසා මේක සංයුක්තව සමෘද්ධි බැංකුව, සමෘද්ධි ව්‍යාපාරය, විදාතා ව්‍යාපාරය, හා අනෙකුත් බදු මේ සියල්ල එකට අරගත් වැඩපිළිවෙලක් ඉදිරි කාලයේදී දියත් කළොත්, ඒක සාර්ථක කරගන්න පුළුවන්. විදාතා මධ්‍යස්ථාන පාලනය කළ, ඒකෙන් විපුල ප්‍රතිඵල ලබා දීපු කෙනෙක් හැටියට මේක එකට එකතු කිරීමේ අවශ්‍යතාව මම දකිනවා.”

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්