සාමාන්‍යයෙන් නිරිත දිග මෝසම සක්‍රීය වීම මැයි 25 න් පසු අපේක්ෂා කළ ද එය දින කිහිපයකින් පමා වීමේ

තත්ත්වයක් පෙන්නුම් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක BBC සිංහල සේවයට පැවසුවේය.

ශ්‍රී ලංකාවේ කාලගුණයට බලපෑමක් සිදු කළ 'මෝකා' සුළි කුණාටුව මේ වනවිට මධ්‍යම බෙංගාල බොක්කට ඇතුළු වී තිබේ.

එය මැයි 14 වන විට ගිනිකොණ දිග බංග්ලාදේශ වෙරළ සහ උතුරු මියන්මාර වෙරළ අතර ප්‍රදේශයෙන් එම රටවල ගොඩබිම දෙසට ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 
මොකා සුළි කුණාටුවේ බලපෑමෙන් අදත් තද වැසි..

බස්නාහිර හා සබරගමුව පළාත්වලත් මහනුවර, නුවර එළිය ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටත් අද(12) දිනයේ මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින මොකා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ය.

කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ, මධ්‍යම ,වයඹ හා දකුණු පළාත්වලද වැසි තත්ත්වයේ වැඩිවීමක් පැවැතිය හැකි බවයි.

උතුරු, උතුරු මැද ඇතුළු සෙසු ප්‍රදේශවල සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ය.

බස්නාහිර සහ දකුණ වෙරළ බඩ ප්‍රදේශවලත් මධ්‍ය කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයේත් පැයට කිලෝ මීටර් 40 ත් 45 ත් දක්වා තද සුළං ඇතිවිය හැකි වෙයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් හා අකුණු අනතුරුවලින් ආරක්ෂා වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.



මේ අතර, සුළි කුණාටුවේ බලපෑම පවතින උතුරු අක්ෂාංශ 3 ත් 20 ත් සහ නැගෙනහිර දේශාංශ 85 ත් 100 අතර මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස කාලගුණ අංශ නාවික හා බහුදින ධීවරයින්ට දැනුම් දෙයි. වර්ෂාවත් සමග අත්තනගලු ඔය ,කැලණි, කළු හා ගිං ගංගාවල ජල මට්ටම් ඉහළ යමින් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.




එහි ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එස්.පී.සි සුගීෂ්වර සඳහන් කළේ, මේ පිළිබඳ ගංගා දෙපස ජල ගැලුම් නිම්න ආශ්‍රිතව ජීවත්වන ජනතාව විමසිලිමත් විය යුතු බවයි.
 
වර්ෂාවත් සමග මාතර කොළඹ ගාල්ල කළුතර කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට පැනවූ නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක වෙයි.

 JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්