මෙරට විවිධ ණය ව්‍යාපෘති වෙනුවෙන් 2006 සිට 2021 වසර අවසානය දක්වා රුපියල් ට්‍රිලියන් 8.2ක්
(රුපියල් කෝටි 820,000ක්) ආයෝජනය කර ඇති අතර එයින් වත්කම් ලෙස පවතින්නේ රුපියල් ට්‍රිලියන 2.8ක් පමණක් බව රාජ්‍ය මූල්‍ය ප්‍රකාශන පිළිබඳ විගණන වාර්තාව උපුටා ගනිමින් ඉරිදා ලංකාදීප පුවත්පත අනාවරණය කර තිබේ.
මේ අනුව රුපියල් ට්‍රිලියන 5.5කට ආසන්න (රුපියල් කෝටි 541,500ක්) වෙනුවෙන් වූ වත්කම් හඳුනා ගැනීමට නොහැකි බව අදාළ විගණන වාර්තාවෙන් හෙළිකර තිබේ.
මේ අනුව 2006 සිට 2021 දක්වා වසර 15ක් තුළ ශ්‍රී ලංකාවේ ණය ව්‍යාපෘතිවලින් අති විශාල ප්‍රමාණයක් එනම් 66%ක් වත්කම් ලෙස නොපවතින බව හෙළිවී තිබේ.
මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව, මෛත්‍රී රනිල් ආණ්ඩුව සහ ගෝඨාභය රාජපක්ෂ යටතේ වසරක පමණ කාලයක් (2021 අවසානය දක්වා) වශයෙන් ආණ්ඩු තුනක් යටතේ මේ සා විශාල ණය ප්‍රමාණයක් කොල්ල කා ඇති අතර එම මුලුමනින් ම මහජනතාව පිට ණය වශයෙන් පටවා තිබේ.
එම පුවත්පතේ 04 වෙනි පිටුවේ “හතරවටින් ගන්නා ණයට මොකද වෙන්නේ“ යන සිරස්තලයෙන් මුදිතා දයානන්ද මාධ්‍යවේදීනිය අදාළ තොරතුරු සහිත ලිපිය පළකර තිබේ.