ප්‍රංශයේ පැවැත්වෙන ලෝක හමුදා තුන්ප්‍රයාම (Triathlon) ශූරතාවට සහභාගිවීමට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ හත්දෙනෙකු තරගාවලිය අතරේ පැනගොස් ඇතැයි හෙළිවී ඇත.



රටවල් විසිදෙකක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ත්‍රිවිධ හමුදාවේ දහතුන්දෙනකුගේ කණ්ඩායමක් පසුගිය මැයි 4 දා ලංකාවෙන් පිටව ගියහ.

මෙම කණ්ඩායමේ ප්‍රධානියා ලෙස නාවික හමුදාවේ කමාන්ඩර් ලක්මාල් වීරක්කොඩි කටයුතු කළ අතර සෙසු දොළොස් දෙනා සෙසු නිලයන් වූහ. මෙම පිරිසට කාන්තා ක්‍රීඩිකාවන් පස්දෙනකුද විය.

තරගාවලිය මැයි මස 5 වැනිදා සිට ආරම්භ වූ අතර මෙම කණ්ඩායම භාර නාවික හමුදා නිලධාරියා සතුව මොවුන් සියලු දෙනාගේ ගුවන් ගමන් බලපත්‍ර තිබී ඇත.

එම නිලධාරියා කෑම ගැනීම සඳහා ගිය මොහොතක බෑගයේ තිබූ ගමන් බලපත්‍ර සොරකම් කරගත් හත්දෙනකු රැඳී සිටි ස්ථානයෙන් පැන ගොස් තිබේ.

පැන ගිය අය අතර යුද හමුදාවේ සිව් දෙනකු, ගුවන් හමුදාවේ දෙදෙනකු හා නාවික හමුදාවේ එක් අයකු සිටින බව ආරක්ෂක අමාත්‍යාංශය වෙත ඊයේ (11) වනවිට දැනුම් දී ඇත. පැනගිය හත්දෙනා අතර ක්‍රීඩිකාවක්ද වේ.

මෙම පිරිස එරට රැඳී සිටිමින් රැකියාවන් සඳහා යාමේ බලාපොරොත්තුවෙන් පැන යන්නට ඇතැයි සැක කරන බවත්, මීට ඉහතදීත් මෙවැනි සිදුවීම් සිදුවූ නිසා නිලධාරියා භාරයේ ගුවන් ගමන් බලපත්‍ර තිබූ බවද ඉහළ නිලධාරියකු පැවැසීය.

(aruna.lk)




JW

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates