මෙම වසරේ මාර්තු මාසයෙන් අවසන් වූ මූල්‍ය වර්ෂයේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය

ඇමෙරිකානු ඩොලර් මිලියන 525 (රුපියල් බිලියන 165ක් පමණ) ක පාඩුවක් ලබා ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දී ඇත.


කොවිඩ් වසංගතය අවසන් වීමෙන් පසු 2022 වසරේ ගුවන් සේවා කර්මාන්තයට හොඳ කලක් උදා වුවත් එම වසරේ පාඩු ලැබූ ගුවන් සේවා තිබෙන බවත් ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉන් එක් සේවයක් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගිය මූල්‍ය වර්ෂයට සාපේක්ෂව මෙම වසරේ මාර්තු මාසයේදී අවසන් වූ මූල්‍ය වර්ෂයේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබා ඇති පාඩුව තුන් ගුණයකින් වැඩි වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.


(lankadeepa.lk)

 

 

 

JW

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

ඇඩ්වර්ටයිසිං ලෝකය